Breaking
23 Feb 2025, Sun

තනතුර රැක ගන්න මහින්ද ගෝණි බිල්ලාට අදී…. මැතිවරණය කොල්ල කෑ මහින්ද රාජ්‍ය සේවකයන් පාවාදිම අරඹයි…

Published on: Dec 10, 2019- මැතිවරණ කොමිසන් සභාවේ වැඩ බලන සභාපති මහින්ද දේශප්‍රියගේ ඊළග නාටකය මේ වනවිට ආරම්භ වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.බැසිල්ගේ බොතලයට වහල් වි රේනොගේ සහ දිලිත්ගේ සල්ලි වලින් ආතල් ගත් මහින්ද දේශප්‍රිය මුළු මැතිවරණ ව්‍යාපාරයම පාවදුන් බව රටේම ජනතාව පමණක් නොව කොමිසම පව පිලිගෙන අවසන්.තත්ත්වය එසේ තිබියදි මැතිවරණ දුෂණ වලින් ගැලවිම සදහා විශ්‍රාම යැම සදහා රහසේම ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කල අතර අප එදිනම එය අනාවරණය කළා.

මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මහින්ද දේශප්‍රිය විශ්‍රාම යෑමේ සුදානමක්! රාජ්‍ය මාධ්‍ය සපා කා පෞද්ගලික නාලිකා සමග නිදිවැදි එජාප ඡන්ද කඩපු හැටි…(Published on: Nov 29, 2019) අදාල පුවත පහතින් කියවන්න…

මේ අතර පෙරේදා මහින්ද දේශප්‍රිය සහ ජනාධිපති ගෝඨාභය අතර සාකච්ඡාවක් පැවැති අතර එම හමුවෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත මහින්ද දේශප්‍රිය තවමත් කටයුතු කරනුයේ වැඩ බලන සභාපතිවරයෙකු ලේසයි.

වැඩබලන සභාපතිලා යටතේ ජනාධිපතිවරණ තියන්න බෑ…… ස්ථිර සභාපතිවරයෙක් පත් කරන්න…… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට තග දමයි……(Published on – Oct 10, 2019)අදාල පුවත පහතින් කියවන්න…

වැඩ බලන සභාපතිවරයා ඉල්ලා අස්වුවහොත් ව්‍යවස්ථාදායක සභාව ඒ සදහා උපරීම සුදුසුකම් සහිත පුද්ගලයෙකු පත් කිරිමට කටයුතු කරනු ඇති බවත් ඒ සමගම වත්මන් සභාපතිවරයාට එල්ල වි තිබේන මැතිවරණ දුෂණ චොදනා සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වනු ඇති බවත් එහිදි කොමිසමේ සමාජිකයන් දෙදෙනෙකුම සභාපතිවරයාට එරෙහිව කරුණු දක්වනු ඇති බව ජනාධිපතිවරය පෙන්වා දි තිබේ.

මේ අතර වැඩ බලන සභාපතිවරයා ආරක්ෂා කිරිම වෙනුවෙන් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලද බවට විවිධ පුද්ගලයන් ඉලක්ක කර චොදනා ගොනු කිරිමට කටයුතු කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් ඊට අදාල නාම ලේඛනයක් සහ රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරිම් ඇතුලත් ලේඛනයක් සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලබාදි තිබේ.

මහින්ද දේශ්‍රප්‍රියට මහත් හිසරදයක්ව ඇති ජාතික මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම සාමාජික රත්නජීව හුල් ඉවත් කිරිම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡාකර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ සිංගප්පූරු ගිණුමට රුපියල් බිලියන 2ක් … බලාපොරොත්තු වන්න

http://lankanewsnetwork.org/archives/21803

 

http://lankanewsnetwork.org/archives/20951

http://lankanewsnetwork.org/archives/21001

http://lankanewsnetwork.org/archives/21058

http://lankanewsnetwork.org/archives/21080

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.