Breaking
24 Feb 2025, Mon

“තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා….” ජාතිවාදයේ නානසාර පියා යලීත් කරළියේ …

Published-20/11/2017 ජාතිවාදයේ පියා ලෙස විරුදාවලීය ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජේ‍යෂ්ඨ පුවත්පත්කලාවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ.

ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය.

“තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා….” යැයි කියමින් මැදගොඩ අවමඟුල් නිවෙස් භූමියේදී ඥානසාර හිමියන් තමන්ට තර්ජනය කළ බව කර ඇති අතර “හාමුදුරුවනේ මේක මළ ගෙදරක්. ප්‍රශ්නයක් තිබෙනවා නම් මෙතනින් එළියට ගිහින් කතා කරමු” යැයි තමන් ඥානසාර හිමියන්ට කීවද උන්වහන්සේ තවදුරටත් තමන්ට තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා සඳහන් කර තිබේ.

“මම තමුසෙගෙ කොළපාට සමාජය ගැනත් දන්නවා. කන පැළෙන්නට ගහනවා…” යැයි නැවතත් ඥානසාර හිමියන් තමන්ට එහිදී තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා තවදුරටත් පැවැසීය.

මේ අවස්ථාවේදී එතැනට රැස්වූ භික්ෂූන්වහන්සේලා හා අනෙකුත් පිරිස් ඥානසාර හිමියන්ට ‍දෝස් පවරා තිබේ.ඔබ වහන්සේගේ ඔය හැසිරීම නිසා තමයි මේ රට අද මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ” යැයි කියමින් භික්ෂූන්වහන්සේ සහ ගිහියන් ඥානසාර හිමියන්ට එහිදී දෝෂාරෝපණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.