LNN SPY

තීන්දුව වෙනස් වෙයි…. එජාප අපේක්ෂක අර්බුදය හෙටින් නිමයි … ජනාධිපති අපේක්ෂකයා අනිද්දා (25) සිරිකොතින් එලියට ….

Published on: Sep 23, 2019– එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුලූල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා අනිද්දා 25 සිරිකොත එත්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කරමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩළයේ සුවිශේ්ෂී රැස්වීම හෙට 25 පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී 2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩළය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින් ජනාධිපතිවරණ අපේක්ෂක කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දිමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා කෘත්‍යාධිකාරි මන්ඩළය විසින් පත්කරන නාම යෝජනා මන්ඩළය පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩළය විසින් නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මන්ඩළ සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මන්ඩළ රැස්වීම පැවැත්වීම සදහා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මේ වනවිට සූදානම් කරමින් තිබේ.

Top