Breaking
23 Feb 2025, Sun

දරුවන් 3 ක් ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකුගේ බෙලි කැපු සුනිල් නිදහස්! රාජපක්ෂලාට ඝාතකයන් ඔනෑ කර තිබේ…. “ජාතිවාදීන් ලඟ ලේ ඒ තරමටම ගඳය”

Published on: Mar 26, 2020- යුද්ධය නිසා අසරණව ගම් – බිම් හැර ගිය දරුවන් 3 ක් ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකු කපා – කොටා මරා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකු වැරදිකරු කරමින් මරණ දඬුවම පැනවු හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක ගෝඨාභයගේ ජනපති බලය යොදා ගනිමින් නිදහස් කිරිමට කටයුතු කර තිබේ.

2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිලිහි අවතැන් කඳවුරේ සිට මිරුසුවිල් හි පිහිටි තම ඉඩම වෙත ගිය මෙම පිරිස රැගෙන ගිය හමුදා භටයන් පිරිසක් පිහියකින් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබු අතර බෙලි කපා මරා දැමූ බවට වූ චෝදනා සැකයකින් තොරව ඔප්පු විය.2002 දී ආරම්භ වූ නඩු විභාගය වසර 13 ක් පුරා සිදුකළ නඩු විභාගයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව දෙන ලදී.

ඝාතනය සියැසින් දුටු පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු සුනිල් ඇතුළු හමුදා භටයන් 5 ක් අත් අඩංගුවට ගත්තේය. සුනිල් රත්නායක ප‍්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පාපෝච්චාරණය කර තිබේ. වැසිකළිි වළක සඟවා තිබූ මළ සිරුරු යුද හමුදා පොලිසියට පෙන්වූවේද ඔහු විසින්ම බවත් අධිකරණයේදී ආනාවරණය විය.

එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සිටින ජාතිවාදී රාජපක්ෂ කඳවුර පසුගිය ජනාධිපතිවරණ සමයේ අසත්‍ය ප‍්‍රචාර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දිගින් දිගටම ප‍්‍රචාරය කරමින් ජාතිවාදී හැගීම් ඇවිස්සීමේ ක‍්‍රියාවලියක නිරත වු අතර සත්‍ය නොදන්නා සහ සත්‍ය පිළිගැනීමට අකමැති ජාතිවාදීන්ටද එය පට්ටම ආතල් එකක් විය.ඒ තරමටම ඔහුන් රණවිරු ගායෙන් පෙලේ.

“ජාතිවාදීන් ලඟ ලේ ගඳය”

තමන්ගේ ජාතිය එකම එක, ලොකුම එකවන ජාතිවාදී මානසික රෝගීන්ට වෙනත් ජාතියක නිරායුධ සිවිල් වැසියන් හිතාමතාම සමූහ ඝාතනය කිරීම වීරත්වයක් වන්නේ ජාතිවාදීන් ලඟ කුණු ලේ ගඳ පවතින නිසාය. ඒ තරමටම ඔවුන් එලෙසම, මෙවැනි ඝාතන ඔවුන්ට වීර කමකි. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකු වැරදිකරු කල ඝාතක මිනීමරුවෙකු බේරාගැනිමට අත්සන් කල ගෝඨාභයගෙන් රටේ ජනතාවට නිදහසක් නම් කිසිදිනක බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලිය. ගෝඨාභයගේ ඉතිහාසයද ඝාතන රැසකට හිමිකම් කියන බව නොරහසකි. හෙට,අනිද්දා දුමින්ද සිල්වා ද නිදහස් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් කලබල නොවිය යුතුය.මන්ද ඝාතකයන්,ජාතිවාදින් නොමැතිව රාජපක්ෂලාට කිසිදිනක රාජ්‍ය බලය පවත්වාගෙන යැමට නොහැකි විමයි. එ තරමටම “ජාතිවාදීන් ලඟ ලේ ගඳය”.

ප්‍රධාන සාක්ෂිකරු පොන්නදුරෙයි මහේෂ්වරන්…

මම වෙනත් ගම්වැසියන් සමඟ දර එකතු කරමින් සිටියදී ආයුධ සන්නද්ධව සිටි සමහර හමුදා නිලධාරීන් විසින් අපිව අල්ලා ගත්තා.හමුදා භටයින්ට දර කපමින් සිටි පිහි බිම දැමීමට නියෝග කර ඔවුන්ට පහර දීමට පටන් ගත්තා.පසුව ඔහු තමාගේම සරම ගලවා දෑස් බැඳගෙන වැසිකිළි වළක් අසල ගෙන ගොස් තවත් සොල්දාදුවෙක් ක්‍රිස් පිහියකින් (kris knife) බෙල්ල කපා දැමුවා.හමුදා භටයන් කතා කරමින් සිටියදී ප්‍රධාන සාක්ෂිකරු පොන්නදුරෙයි මහේෂ්වරන් එම ස්ථානයෙන් පලා ගොස් පලා ගොස් තිබේ.

2000 වසරේදි තෙන්මරාඩ්චි ප්‍රදේශයේ මිරුසුවිල්හි සමූහ මිනීවළක් සොයා ගත් අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකුගේ දිරාපත් වූ මළ සිරුරු එහි තිබි සොයාගන්නා ලදී.පසුව දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පිරිසකට අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කල අතර Trail-at-Bar පරීක්ෂණය සඳහා විනිසුරුවන් නම් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකලා. ඒ 2002 වසරේ ජුලී මාසයේදිය.

මෙම සමූල ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් පසුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවයි.

2005 වසරේදි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා වසර දෙකකට වැඩි කාලයක් අක්‍රියව පැවති විමර්ශනය නැවත ආරම්භ කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල විනිසුරු ම මඩුල්ලක් පත් කර තිබේ.ඒ මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයාව සිටි සමයේය.මීට පෙර විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වූ මහාධිකරණ විනිසුරු සරත් අම්බෙපිටිය 2004 නොවැම්බර් 19 වන දින ඝාතනයට ලක්වු අතර බොහෝ විමර්ශන විනිසුරුවන් උසස් කිරීම හේතුවෙන් 2003 ජනවාරි 25 වන දින ආරම්භ වූ නඩු විභාගය නිරන්තරයෙන් කල් දමා තිබේ.

සුනිල් රත්නායක කල අපරාධය….

හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක විසින් 2000 දී යාපනයේ මිරුසුවිල් (Mirusuvil village) ගම්මානයේදී 2000 දෙසැම්බර් 19 වන දින සිවිල් වැසියන් අට දෙනෙකු මේ අකාරයටම ගෙල සිදමින් ඝාතනය කිරිම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරු වු අතර පසුව ඔහු ඊට එරෙහිව අභියාචනය පවා ඉදිරිපත් කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකුගෙන් කණ්ඩායම ඔහු වැරදිකරු කරමින් මරණ දඬුවම ලබාදුන්නා.

ඝාතනයට යොදාගත් බවට සැකකරන Kris knife ආයුධයක්!

වසර 13 ක නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන දෙදෙනා විසින් 2015 ජුනි 25 දින ලබා දුන් තීන්දුවෙන්, හමුදා දිගු දුර ඔත්තු බැලීමේ මුර සංචාරයේ ( LRRP) පළමු චූදිත සුනිල් රත්නායක පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා 17 කට වැරදිකරු බව ඔප්පු වු අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු තුවාල කිරීම සහ ඝාතනය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඔහුගේ වරද සනාථ කල අතර ඒ අනුව ඔහුට මරණ දණ්ඩනය හිමිවුනා.

පළමු විත්තිකරුට මාස හතක සිර දඩුවමක් මෙන්ම රුපියල් 51,000 ක දඩයක් නියම කළ අතර අනෙක් චූදිතයන් සිව්දෙනා වන ලුතිනන් ආර්.ඩබ්ලිව්.සේනක මුනසිංහ, ටී. එම්. ජයරත්න, එස්. ඒ. පුෂ්පා සමන් කුමාර සහ ගාමිනි මුනසිංහ යන දෙදෙනා වැරදිකරුවන් නොවූ අතර ඔහුන්ට එල්ල වු සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු නොවූ හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කර හැරියා.

ඥානපාලන් රවීන්ද්‍රන්, සෙල්ලමුට්ටු තෙවකුලසිංගම්, විල්වරාජා ප්‍රතීපන්, සින්නියා විල්වරාජා, නඩෙසු ජයචන්ද්‍රන්, කතිරාන් ඥාචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සන්තාන් සහ විල්වරාරාන් යන නිරායුධ දමිළ වැසියන් ඝාතනය කර තිබු අතර ඔහු යුද්ධය හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ සරණාගතයින් බව අධිකරණය හමුවේ ඔප්පු වුනා.විල්වරාජා ප්‍රතීපන් ඝාතනයට ලක්වන විට 15 වන වියේ පසුවු පාසල් සිසුවෙකි.

ඝාතනයට ලක්වුවන් ඔවුන්ගේ දේපළ පරීක්ෂා කිරීම සඳහා ආපසු පැමිණ ඇති අතර යාපනයේ නගරයට සැතපුම් 16 ක් නැගෙනහිරින් පිහිටි ගමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ඝාතනය කර සමූහ මිනී වළක වළදැමිමට කටයුතු කර තිබේ.

ඝාතනයට ලක්වු අයගේ නාම ලේඛනය

Kathiran Gnanachandran (35)
Gnanachandran Santhan
Baskar Gnanabasakaran (19)
Sellamuttu Theivakulasingham (31)
Vilvarajah Pratheepan (15)
Sinniah Vilvarajah (41)
Nadesu Jeyachandran (21)
Vilvarajah Prasath (5)


Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.