LNN SPY

නව සන්ධානය සුදානම් …. සජිත්ට බහුතරය අහිමි වෙයි…. අපේක්ෂකයා ජනාධිපතිවරණය නිල ගැස්ට්ටුවෙන් පසු …. බැසිල්ගේ ගොල අජිත් කුජීත වෙයි….

Published on: Aug 1, 2019– අගෝස්තු 5 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීමට කෘත්‍යාධිකාර මණ්ඩලයේ අතිශය බහුතරයේ කැමැත්ත හිමි වී තිබෙනවා.ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අනෙකුත් සියළු පක්ෂ පාර්ශවකරුවන් බවට පත් කරමින් නව පුළුල් සන්ධානයක් අගෝස්තු මස පස් වෙනිදා සිට ක්‍රියාත්මක වීමට මේ වන විට සියල්ල සූදානම්ය.

ඒ නව සන්ධානය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන විශේෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමක් අද (01) උදෑසන සිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූවා.

නව සන්ධානය පිහිටුවීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයක් බහුතරයක් පක්ෂව අදහස් දක්වා ඇති අතර කිලි මහරාජාගේ කොන්ත්‍රාත් අදින අනාගත ජනපති සිහින දකින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේ සිටම නව සන්ධානයට විරුද්ධ වී තිබේන අතර සජිත් ප්‍රේමදාස දිගින් දිගටම නව සන්ධානයේ මහලේකම්ධූරය ඉල්ලා ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

සන්ධානයක මහලේකම්වරයෙක් විය යුත්තේ සෑම දෙනාගේම කැමැත්ත සහ සහයෝගය හිමිවන පුද්ගලයෙක් බවත් ඒ සදහා සුදුසුකම් සහිත පුද්ගලයා සේනාරත්න අමාත්‍යවරයා බව කෘත්‍යාධිකාර මණ්ඩලයේ බහුතර මතය වි තිබේ.පසුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඡන්දය විමසිමක් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සිදුවු අතර සජිත් සමග එක්ව 7 දෙනෙකු පමණක් එම ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ.ඒ අතර මංගල සමරවිර අමාත්‍යවරයාද සිටින බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සහයට අමාත්‍ය මලික් සමරවික්‍රම හා අමාත්‍ය කබීර් හෂීම් අදහස් දක්වා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සජිත්ට සන්ධානයේ මහලේකම්ධූරය හිමිවිය යුතු බවයි. එසේම පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ සමඟ ඩීල් දමා ගනිම්න් පොහොට්ටුවේ දැලි කුණු සේදීමට පවා සූදානම්ව “ආණ්ඩුව ඉවරයි ” යනුවෙන් තැන තැන කිය කිය ඇවිද්ද අජිත් පී පෙරේරා අද රැස්වීමේදීද නව සන්ධානයට එරෙහිව තම කට වාචාල බව පෙන්වා ඇති අතර කෘත්‍යාධිකාර මණ්ඩලයක හැසිරිය යුතු ආකාරය මුල සිට වහාම ඉගෙන ගන්නා ලෙස අගමැතිවරයා මෙහිදි අජිත් පී පෙරේරාට දැඩි ලෙස අවවාද කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදි සිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය තව තවත් විදහා දක්වමින් නව සන්ධානය විරුද්ධ කරුණු දක්වන පාර්ශවය ඇති හේතු පිළිබඳව වාර්තාවක් හෙට (2) දහවල් 2කට පෙර තමන් වෙත බාර දෙන ලෙස ද අගමැතිවරයා කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් පිළිගත් දේශපාලන පක්ෂ සමූහයක් සහ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව මෙම පස් වෙනිදා පිහිටුවන ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරනුයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව කෘත්‍යාධිකාරි මණ්ඩලය එකමතිකව තින්දුවක් ගෙන තිබේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට සම්බන්ධ වන පක්ෂ සහ සංවිධාන මෙම පස් වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ගිවිසුම් ගත වන අතර එහිදි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන සිටිමටද තින්දු කර තිබේ.

Top