LNN SPY

නව සන්ධාන කතා නවතී! ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ සැදිම අවසන් …. මහින්ද පාර්ශවය තින්දුවක් ගනී

Published on: Nov 14, 2018- ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර තිබු සාකච්ඡා වහාම නතර කිරිමට එම පක්ෂය නිළ වශයෙන් තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවක ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයේදී තරග වැදීමට එකගතාවකට පැමිණී අතර එම එකඟතාව අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 50ක් පමන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබාගත්තා.

කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවු තත්ත්වය සහ එහිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අලස මෙන්ම වගකිම් විරහිතව ආකාරයට කටයුතු කිරිමත් තවත් කිහිප දෙනෙකු සභාව තුලදිම එක්සත් ජාතික පක්ෂය සමග එක්විමත් හේතුවෙන් තවදුරටත් එකඟතාවයක් තුල සිටිමින් කටයුතු කිරිමට හැකියාවක් නැති බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඇතුලු ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නව සංධානයෙන් ජනාධිපතිගේ දියණිය වන චතුරීකා සිරිසේනට නාමයොජන ලබාදිමට කටයුතු කිරිම හේතුවෙන් පොළොන්නරුවේ මහින්ද වෙනුවෙන් මැරිගෙන් වැඩ කල පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ දැඩි ලෙස සිය විරුද්ධත්වය ප්‍රකාශ කල අතර පොළොන්නරුවෙ කණ්ඩායම් දෙක අතර සිතල යුද්ධයක්ද ආරම්භ වි තිබුනා.

පසුගියදා පන්සලකදි මාධ්‍ය ඇමතු මන්ත්‍රි රොෂාන් රණසිංහ

“දිඹුලාගල ප්‍රාදේශීය සභා හිටපු සභාපති ජගත් සමරවික්‍රම මහතා ඇතුළු මෙහි පැමිණ සිටින මන්ත්‍රිවරු මමත් මහින්ද රාජපක්ෂ මහතාත් අමතක නොකර රාජ්‍ය බලය ඉදිරියේ දණගහන්නේ නැතිව මා සමඟ එකට සිටිය බව මම දන්නවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ජපානෙට ගිය අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ බිරියට කතා කරලා රොෂාන් මට සම්බන්ධ කරලා දෙන්න කීවාම මම කාටවත් කතා කළේ නැහැ.”

Top