LNN SPY

නාටක මාරයි, 7 වෙනිදා මාරයි…… ගෝඨා වෙනුවට චමල්……. මහින්දගේ අලුත්ම නාටකය මෙන්න……!

Oct 4, 2019 – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් අඥා පෙත්සම අභියාචනාධිකරණය අද (04) සවස නිෂ්ප්‍රභ කළා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිකුත් කොට ඇති විදේශ ගමන්බලපත්‍රය, ජාතික හැදුනුම්පත්‍ර ය ආදී ලියවිලි නීත්‍යානුකූල වනු ඇත. අභියාචනාධිකරණයේ මේ තීරණය සමඟ ලබන 7 වෙනිදා එනම් සඳුදා සිට ආරම්භ වන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා භාර දීම සඳහා ගෝඨාභය රාජපක්ෂටද ඉදිරිපත් විය හැකිය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට හෝ වේවා රටේ ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව එම නාම යෝජනා පත්‍රය පිළිගැනීමට පෙර ඕනෑම කෙනෙකුට එම නාමයෝජනා පත්‍රය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කළ හැකිය. අද අභියාචනාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂගේ අනන්‍ය ලියවිලිවල නීත්‍යානුකූලභාවය පිළිගත්තද ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අත හැරීම සිදු වී ඇති බව එයින් අදහස් නොවේ.

එබැවින් අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ නීත්‍යානුකූල ලෙස අමෙරිකානු පුරවැසිභාවය අතහැර ඇති ද යන විරෝධතාව මතුවන අතරම තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය රාජපක්ෂ වෙත ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන් ගෝඨාට අපේක්ෂකත්වය අහිමි වේ. තමාගේ අඩුපාඩුකම් අනික් අයට වඩා හොදින්ම දන්නා ගෝඨාභය ඔක්තෝබර් 07 වෙනිදා සිට 12 වෙනිදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට සිංගප්පූරු යන්නේ ද එබැවිනි. නැත්නම් නාමයෝජනා දුන් දිනයේම රටින් පිටවි දවස් 44 ක ඡන්ද කැම්පේන් එකෙන් දවස් 5 පිටරට ගත කිරීමට ගෝඨා ඔලමොට්ටොලයෙකු විය නොහැකිය.

මැකෝගේ හදිසි කරුණාව හා චමල්ගේ ආගමනය,

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ ඇප තැන්පත් කර තිබියදි අද (04) ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධාන නමින් පෙනි සිටීමට රාජපක්ෂ පවුලේ වැඩිමලා චමල් රාජපක්ෂ ද අද ඇප තැන්පත් කළා. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයේ ඇති අවිනිශ්චිතතාව රාජපක්ෂ පවුල  ද වෙවුලුම් කෑමට ලක් කොට ඇති බව පෙනෙන්නේ චමල්ගේ මේ හදිසි ආගමනය නිසාය.

කෙසේ නමුත් අප මතක තබා ගත යුත්තේ මහින්ද රාජපක්ෂ යනු දේශපාලන ගේම් ඉතිහාසය තුළ ඇඟ කිලිපොළා යන පිටපත් රචනයට උපන් හපන් පුදගලයෙකු බවයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ චන්ද්‍රිකා හා බණ්ඩාරනායක පවුල දිය කර හැරීමට ජනාධිපතිධූරය ලබා ගෙන කෙටි කලකින්ම මහින්දට හැකිවන්නේ සිය මුග්ධ දේශපාලන පිටපත් ලිවීමේ හැකියාව නිසා බව අපි දනිමු. අයියාටම හරියන දිය යටින් ගිනි ගෙනියන බැසිල් මල්ලීද එක් වූ කළ ඔස්කාර් සම්මානයට වඩා වැඩි සම්මානයකට පාත්‍ර විය හැකි කුමන්ත්‍රණකාරී චිත්‍රපටියක් නිපදවීම මහින්ද මහ කජ්ජක් නොවේ. චමල්ගේ ආගමනය අප ගත යුත්තේ මහින්දගේ බෙන්තර ගගෙන් එහා මොලේන් කියවෙන අර්ථකතනයට අනුවය.

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන සත්ගුණවත් මැකෝ හට හදිසියේම රාජපක්ෂවරුන් කෙරෙහි ඇති වූ උණු වෙන හදවත පිළිබඳව සොයා බැලීමේදි අනාවරණය වූයේ චමල් රාජපක්ෂට මැකෝගේ ආරාධනාව පිටුපස සිටින්නේ මැකෝ හා එකට සාද දැමු මැකෝගේ බොනපාට් සගයා බැසිල් රාජපක්ෂ බවයි.

බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පසුගිය මාස කිහිපයේ ඇතිවූයේ අසීමිත මිත්‍රත්වයකි. එම මිත්‍රත්වයේ හස්තය කෙතරම් දිගු වූවේද කියතොත් කරට් කැඩෙන්න ගැසූ බැසිල් රාජපක්ෂ ද මහින්ද දේශප්‍රිය ද එකට සිටින අවස්ථා ගණන සුලභ විය. එවන් මිතුදමින් බැඳී ගිය එක දිනක මැකෝ හෝටල් පඩිපෙලකින් බිමට කරණමක් ගැසු අතර එම කරණමේ ආනුභාවයෙන් තුවාල වුණ වම් පාදය සහිතව තවමත් මැකෝ ඇවිදින්නේ අත්වාරුවක් සහිතවය.

සිය මිතුරාගේ ඉල්ලීමට මිතුරාගේ ලොකු අයියාට ඡන්දය ඉල්ලන ලෙස මැකෝ පැවසු අතර ඒ හරහා ගෝඨාට බැරි වුනොත් රාජපක්ෂ පවුලේ බලය රැකගන්න චමල්ට හැකිවන පරිදි පිඹුරුපත් සකසා අවසන්‍ ය.

මෛත්‍රිපාල, වෙල්ගම, විමල්, ගම්මන්පිල, ගෝඨා චමල් එකම වේදිකාවක……,

චමල් ඉල්ලන්නේ ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් එකතු නොවු අලුත් පක්ෂයක් හෙවත් සන්ධානයක් යටතේ හා අලුත් ලකුණක් යටතේ. මෙය සජිත් ප්‍රේමදාසට එරෙහිව සියළු බලවේග එක පෙළට තැබිය හැකි මහින්දගේ තිර පිටපතේ පූර්විකාව වේ.

චමල් විසින් පොහොට්ටුව නොවන වෙනත් ලකුණකින් මැතිවරණයට ඉල්ලා සිටීම තුළ පොහොට්ටු ලකුණ වර්ජනය කොට ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිසිදු හිරිකිතයකින් තොරව චමල් හා හිටගනු හැකිවේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒ වෙනුවෙන් දක්වනු ලැබූ කොළ එළිය අද පත්තු වූයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගාල්ල මහ නගර සභාවට තේරි පත් වුණ හිටපු නගරාධිපති මෙත්සිරිද සිල්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රැකගන්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කර ගැනීමට ශ්‍රිලංනීපය කටයුතු කිරීම හරහාය. වත්මන් ජනාධිපතිවරයා පත්වන්නේ 19 වෙනි සංශෝධනයට පෙර බැවින් ඔහුගේ ධූර කාලය අවුරුදු 6 ක් බවත් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැඳවා ඇත්තේ ධූරකාලය අවසන් වීමට පෙර බැවින් එම ගැසට් නිවේදනය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසිකළේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන් නොසිටීම හේතුවෙනි.

පදුරකට පොල්ලෙන් ගැහුවත් විසිවන තරමේ නීතිඥවරුන් සිටින රටක පෙත්සමක් වෙනුවෙන් පෙනි සිටීමට නීතිඥවරුන් නොමැති වූයේ සිය පුතාගේ මංගල්‍යය අතරතුර පවා මහින්දගෙන මෛත්‍රී වෙත ලැබුණු දුරකතන ඇමතුමට පින් සිදුවන්න ය. එම ඇමතුමෙන මහින්ද පවසා සිටියේ කලබල වී වැඩේ දෙල් නොකර ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගැලපෙන විසඳුමක් ක්‍රියාත්මක කරන බවද මහින්ද මෛත්‍රීට පොරොන්දු වී ඇත. චමල් රාජපක්ෂ යනු එම විසඳුමයි.

අනික් අතට උග්‍ර ගෝඨා වීරෝධීන් වන කුමාර වෙල්ගමලා වැන්නට පවා ඇති හොඳම බෙහෙත වන්නේ චමල් රාජපක්ෂයි. මෛත්‍රිපාල සිරිසේන මෙන්ම කුමාර වෙල්ගමද චමල් ට කැමතිය. චමල් වෙල්ගම ඉල්ලනවා වැනි රෙද්ද බැනියම අදින අපේක්ෂකයෙකි. චමල් හරහා වෙල්ගම පවා මෙල්ලකොට එක වේදිකාවට එකතු කිරීමට මහින්දට තියන හැකියාව වැඩිය.

අනෙක් අතට හදිස්සියේවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකේෂ්ප වුවහොත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අයට පවා දෙන්න පුළුවන් පොදු කුලකය වන්නේ චමල් රාජපක්ෂය. මහින්ද චමල් රාජපක්ෂගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ ගෝඨා පසෙකින් තබා ගෙන බැවින් විමල්ට ගම්මන්පිලට චමල් හරහා සැනසීමට හැකි වෙනු ඇත.

ජනාධිපතිවරණයට ගේන මහින්දගේ පොල් ලෙලි නාටකය……,

ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනව ප්‍රතිකේෂ්ප වුවහොත් ජාතියේ සාතිශය අනුකම්පාව ගෝඨා වටා එකතු කිරීමට අවශ්‍ය සැළස්ම මහින්ද දැනටමත් ඇද අවසන්‍ ය. ඒ වෙනුවෙන් මහින්ද සතුව ඇති හොඳම තුරුම්පුව වන්නේ වරක් ඇද අතිශය සාර්ථකත්වයට පත් ව ඇති පොල් ලෙලි න්‍යායයි. පසුගිය පළාත් පාලන ඡන්දයේදි මහරගම නගර සභාව පොහොට්ටුවට නැති වෙද්දි  ඡන්දයට සතියක් තිබියදි මහරගම බෝගස පැවති ජන හමුවේ වේදිකාවට ගොඩ වුණ මහින්ද කියා සිටියේ තමා වෙනුවෙන් බයිසිකලයට ඡන්දය දෙන ලෙසය. බයිසිකලය මහරගම  නගර සභාව දිනන්නේ අත උඩිනි. ඊටත් සතියකට පසු බයිකලයේ මන්ත්‍රිවරු පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට බලය ලබා දී නගර සභාවෙන් බැස ගිය ආකාරය අමතක නොවේ.

ජනාධිපතිවරණයට මහින්ද ගේන්නේද ඒ න්‍යායයි. එනම් ගෝඨාභය රාජපක්ෂට ඉල්ලන්න බැරි වන්නේ ආණ්ඩුවේ වරදක් හෙවත් දේශපාලන පලිගැනීමක් නිසා බවත් ගෝඨාභයගෙ චින්තය ඉදිරියට ගෙන යාමට නම් තමා අගමැති කරවීමට නම් චමල් ට ඡන්දය ලබා දිය යුතු බවයි. කොහොමත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වැදගත් වන්නේ අගමැති බැවින් අයියා වූවද, මල්ලි වූවද මහින්ද ප්‍රශ්නයක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත යුතු යථාර්ථය මෙයයි. හරියට සෙල්ලම් නොකලොත් සජිත් මේ ගේම් එකද පරදින බව අප පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් ඕනෑම යටි කූට්ටු වැඩක් කිරීමට දෙපාරක් නොසිතන බව දන්නා නිසාමය.

Top