LNN SPY

නීතිපාට් එක හා බොනපාට් එක රඟන ආරක්ෂක ලේකම් ගැන දැන ගන්නේ පත්තරයෙන්ද? හිටං

Published on: May 3, 2018 – Lanka news web වාර්තාවෙන් පසු දෙලෝ රත්වී ඇති ගමරාලගේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ඔහුට වචනයකින් හෝ විරුද්ධ වී සිටින සියලුම නිලධාරීන් ඔහුගේ බලයද අභිබවා සියලුම චක්‍රලේඛ හා රෙගුලාසි අවභාවිතා කරමින් වෙනත් අමාතයංශ වෙත මාරු කරමින් සිටින්නේ ගමරාලගේ අනුදැනුමකින් වත් තොරය. (ගමරාල කොහොමත් දැනගන්නේ පත්තරයෙනි, සමහර විට දැනගෙන වුවද නොදන්නා සේ සිටින්නේ තම ගජයා වන ලේකමා ලවා ඔහුගේ එකවුන්ට් එකෙන්ම කෝටි 200යේ ටෙන්ඩරය හා යුධ නැව් ඩීල් එක කෑමට විය යුතුය)

දිනපතා නීතිපාට් එක හා බොනපාට් එක රඟන වත්මන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තම නිල නිවසේ බොනපාට් එක දමමින් සිටින අවස්ථාවක්. පසෙකින් නාවික හමුදා සෙබලුන් සංගීතය සපයමින් සිටියි.

Lanka news web හෙළිකළ පරිදි ගමරාලගේ නැව් ඩීල් එක close කිරීමට රුසියාවේ ගොස් සිටිනවිට

 

මහජන මුදල් කාබාසිනියා කරමින් ලේකම් සමඟ ටුවර් ගහන, විමල් වීරවංශට හා ඔහුගේ බිරිඳට හොර පාස්පෝට් සැකසීමට සියලු හොර ලියකියවිලි හදමින් සහය දුන් පූස්පාට් මොහුය. (Lanka news web වරක් හෙළි කළ රාජපක්ෂ යුගයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර ආරක්ෂක ලේකම්ගේ සියලු පක්කලි වැඩ කරමින් අතිරේක ලේකම් ලෙස සේවය කරන්නේ අනාගත ආරක්ෂක ලේකම් වීමට හීන දකිමිනි)

ගමරාලගේ තිතට මත සංකල්පය යමරෙට ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක්

මේ මොකද්ද යකෝ.. උසාවියේ මෙහෙම කෙහෙල්මල් නෑනේ!


වැඩ භාරගත් අලුතම ශ්‍රී දළදා මාළිගය තුලට ගිනි අවි සහිත ආරක්ෂකයින් සමඟ ඇතුලු වීමට තරම් මොහුගේ ආරක්ෂක දැනුම අද්විතීයය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් කොස්තාපල් වරයෙකු ආරක්ෂක ලේකම් වරයෙකු හරවා යැවූයේ නම් ඒ කපිල වෛද්‍යරත්න පමණකි. නමුත් ඇහුවොත් නම් ජනාධිපති නීතිඥය.

මේ වනවිට තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා රටේ ආරක්ෂාව තියා තම ආරක්ෂාව වත් සලසා ගත නොහැකිව බෙලහීන වී සිටින හා ආරක්ෂක අමාතයංශය ලහි ලහියේ උසාවියක් කරමින් නීතිපාට් රඟන මෙම මොට්ට, තීරණයක් ගත නොහැකි, තවම රාජය ආරක්ෂාව යනු කුමක් දැයි ස්ටඩි කරන ජනපතිගෙන්  අප මුදාගෙන නිසි පරිපාලනයක් ඇති අමාතයංශයක් බවට ආරක්ෂක අමාතයංශය පත් කර දෙන ලෙස සියලුම නිලයන් වෙනුවෙන් අතිගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය  සහ සේනාධිනායකතුමන් වන ඔබතුමාගෙන් මෙසේ ඉල්ලා සිටිමු.

(අවශය නම් ලේකම්ට විරුද්ධව පියවර ගැනීම සඳහා මෙම ඡායාරූප ස්වල්පයම සෑහේ)

http://198.211.112.164/archives/18050

Top