Published on: Jul 8, 2020 – මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සිය නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් වල යෙදෙන බවට චොදනා එල්ල වනවා.නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා අත්තනෝමතිකව හැසිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ දි ඇති අතර විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුලු වගකිවයුත්තන් දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන් නොමැති බවයි වාර්තා වන්නේ.
කොළඹ මහාධිකරණ විනිසුරුවරයකු නායකත්වය දෙමින් ඔහු වාසය කරන මාර්ගයේ අනෙකුත් නේවාසිකයන් සමග එක්වී වෙනත් අයෙකුට හිමිකම් කියන මාර්ගයක් අවහිර කර බලහත්කාරයෙන් අනවසර තාප්පයක් හා ගේට්ටුවක් ගොඩනගා ඇත. තවද ඉහත කී මාර්ගයේ පරවශ්‍යතා අයිතිය CO/DSO/2015/519 යන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර සහ 2131/17 ගැසට් පත්‍රිකාව මගින් 2019-07-09 දින එහි පරවශ්‍යතා අයිතිය රජයට පවරා ගෙන ඇත. රජය මෙය පවරාගෙන ඇත්තේ පොදු කටයුතු සඳහාය. එනම් මෙම අනවසර ඉදිකිරීම කර ඇත්තේ වේරැස්ගඟ වැසිජලය අපවහන හා පරිසරය වැඩිදියුනු කිරීමේ ව්‍යාපෘතියට අයත් “නුගේගොඩ ඇල” නඩත්තු කටයුතු සඳහා ගොඩ නැගූ මාර්ගයන් (පැපිලියාන ප්‍රදේශයේ) වෙත පිවිසීමට ඇති එක් මාර්ගයක් හරහායි.
මෙම මහාධිකරණ විනිසුරු ඔහුගේ නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට පරිබාහිරව තවත් නීති විරෝධී කටයුත්තක් පසුගිය සමයේ සිදු කර ඇත. එනම් රජය වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් වන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ රාජකාරි කටයුතු වලට ද බාධා කිරීමයි. ප්‍රධාන මාර්ගයේ සිට අවට ඇති ඉඩමකට විදුලිය ලබාදීමට යාමේදී එම විදුලි නිලධාරීන්ට නිල බලය පිළිබඳව දන්වා ඔවුන් බිය ගන්වා අදාළ ස්ථානයෙන් පලවා හැර ඇත. මෙය මුල්කොට ගෙන මෙම ඉඩමට විදුලිය මේ වන තෙක් ලබා ගැනීමට නොහැකිව ඉඩම් හිමිකරු මහත් අසීරුතාවයට පත්ව සිටී.
මෙම මහාධිකරණ විනිසුරුවරයා නායකත්වය දරමින් තවත් නේවාසිකයින් සමග එක්ව ශ්‍රේෂ්ඨාධීකරනයේ නඩුවක් ගොනු කළ අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා එහි පළමුවෙනි විත්තිකරු වශයෙන් නම් කළ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරීතුමා, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගරු නීතිපතිතුමා සහ ඉඩම් හිමිකරුද විත්තිකරුවෙකු කරන ලදී. ශ්‍රේෂ්ඨාධීකරනයේ විනිසුරු තුමානන් විසින් සෑම පාර්ශවයකම කාරනා වලට සවන් දී මෙම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි නඩුවක් සේ සලකා නඩුව නිශ්ප්‍රභා කරන ලදී. ඉන්පසුව ඉඩම් අමාත්‍යාංශය විසින් ඉහත කී මාර්ගය පෙර සඳහන් කල ගැසට් පත්‍රිකා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර මගින් 2019.07.09 දින මාර්ගයේ පරවශ්‍යතා අයිතිය රජය සන්තක කර ඇත.
රජයේ වගකිවයුතු තනතුරක් දරන මෙවැනි විනිසුරුවරයෙක් සාමාන්‍ය පුරවැසියන් ටත් වඩා නීතිය කෙරෙහි ගරු කිරීම ස්වභාවයෙන් ම විය යුතුය. නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා අත්තනෝමතිකව ක්‍රියා කිරීම පුදුම සහගතය.
මෙතුමා මෙම අනවසර තාප්පය ගොඩනඟන අවස්ථාවේදී පොලිසියේ නිලධාරීන් 4 දෙනකු පාර දෙපස තබා මාර්ගය හිමි තැනැත්තාට සහ ඔහුගේ සේවකයින්ට එතනට යෑමට ඉඩකඩ ලබා නොදුනි. මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති තුමාටත් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයටත් ලිඛිතව දැනුම් දුන්නද මේ වනතුරුත් කිසිම පරීක්ෂණයක් නොතබන ලදී.
තව ද මේ පිළිබඳව මාර්ගය හිමිකරු විසින් බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන් අතර එහි නිලධාරීන් විසින් මෙම ස්ථානය ක්ෂේත්‍ර පරීක්ෂාවක් කර 2019.11.20 දින ලිපියක් නිකුත් කරමින් මෙය අනවසර ඉදිකිරීමක් බව සඳහන් කරමින් එය දින දහ හතරක් (14) ඇතුළත ඉවත් කරන මෙන් දැනුම් දී ඇත. තවද මාර්ගය හිමිකරු විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත මෙම මාර්ගය අවහිර කර අනවසර ඉදිකිරීම් කර ඇති බව දැනුම් දුන්පසු ඔවුන්ද ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවත්වා මෙම අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන්න ද මේ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ඉතා පුදුම සහගත ය.
මෙවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකු පෙළඹීම ඉතා කනගාටුදායකය. මොහු පිළිබඳව මාර්ග හිමිකරු විසින් ගරු අගවිනිසුරු තුමා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනෙකුත් නියෝජිතයන්ටද දැනුම් දී ඇති බව දැනගන්නට ලැබුණි.
රටේ නීතියේ ආධිපත්‍ය රකින නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින මෙවන් නිළධාරීන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව වගකිවයුතු නිලධාරීන් ගෙන් දඬුවම් නොලැබේ නම් හෝ කිසිදු පරීක්ෂණයක් වත් සිදු නොකරන්නේ නම් සාමාන්‍ය ජනයාට කාගේ පිහිටක්ද?
සිද්ධියට අදාළ ඇමුණුම් සියල්ලම ඒ මත Click කිරිමෙන් ඔබට කියවිය හැක….