Breaking
24 Feb 2025, Mon

පරාජය පෙනි පෙනි බැසිල් මෛත්‍රි හමුවෙයි……, මෛත්‍රිට අගමැතිකම දෙන්න බැසිල් සූදානම්….. සජිත් මෛත්‍රි හමුවත් සාර්ථකයි……!

Oct 2, 2019 – සිය පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය අවදානම් වී ඇති අවස්ථාවක කෙසේ හෝ ජාමය බේරා රාජපක්ෂ පවුලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කීරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හොර රහසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

එම හමුව ජනාධිපති මන්දිරයේදි සිදු වී ඇති අතර ඒ සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හැරෙන්න වෙන කිසිවෙකු සහභාගි නොවුන බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් එහිදි සාකච්ඡා වූ කරුණු මේ වන විට දේශපාලන ආරංචි මාර්ග හරහා අනාවරණය වී ඇති අතර එහිදි බැසිල් රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වන කවර හෝ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍යම කාරණය වන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැති වුවහොත් ඇපත් නැතිව ලක්ෂ 15 කින් පමණ දැවැන්ත පරාජයක් සිය අපේක්ෂකයාට නියත බව බැසිල් මෙහිදි පෙන්වා දී තිබෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගත වීමට බලපා ඇති ප්‍රධාන බාධාවක් වන පොහොට්ටු ලකුණ පිළිබඳ කාරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස මෙහිදි බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අයැද සිටි බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් පොහොට්ටු ලකුණ නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රිලංකා පොදුජන පෙරමුණට පමණක් නොව තමන්ගේද අනන්‍යතාව බිඳ වැටී ආතක් පාතක් නැති තත්ත්වයට පත් වන බව බැසිල් රාජපක්ෂ කරුණු දක්වමින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර පොහොට්ටු ලකුණ තුළ  ගෝඨාභය රාජපක්ෂ හෝ තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවන්නේ නම් දෙවරක් නොසිතා අගමැතිධූරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබා දීමට බැසිල් රාජපක්ෂ එකඟ වූ බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පාර්ලිමේන්තුව තුළද වැඩි ප්‍රසාදයක් නොමැති හෙයින් ජනාධිපති මෛත්‍රීපාල වෙත අගමැතිධූරය ලබා ගැනීම එතරම් අපහසුනොවන බවත් බැසිල් මෙහිදි අවධාරණය කළා.

එසේම එම පොරොන්දුව ලිඛිතව ජනාධිපතිවරයා වෙත ලබා දීමටත් ඒ සඳහා ඔක්තෝම්බර් මස 05 වෙනිදා තෙක් කාලය ලබා දීමටත් හැකි දැයි ඔහු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර බැසිල් ගේ යෝජනා කිසිවකට නිසි පිළිතුරක් ලබා නොදුන් ජනාධිපතිවරයා බැසිල්ට ඔක්තෝබර් 05 වෙනිදාට සිය පොරොන්දුව ඉටු කළ හැකි දැයි සලකා බලන බව ප්‍රකාශ කොට ඇත.

මේ අතර ඊයේ (01) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී ඇති අතර එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙනවාද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දීම ඔක්තෝබර් 06 වෙනිදාට අනිවාර්යයෙන් ම සිදු කරන බව මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති අතර එයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව අධිකරණ තීන්දුව එදිනට ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ තමන්ට පොරොන්දුවක් වූ බවත් එය නිසි ලෙස ඉටු කරනවා ද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බවත් ය.

කෙසේවෙතත් ඔක්තෝබර් 06 වෙනිදාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මතවාදය හෙලි කරන බව පැවසුවත් සජිත් ප්‍රේමදාස වෙත සහය පල කිරීමට කැමති, සහය පල කළ හැකි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සියළු දෙනාගේ සහය සජිත් ප්‍රේමදාස වෙත නොඅඩුව ලබා දීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදි සජිත් වෙත සහතික වී තිබෙනවා.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.