Featured

පාතාල පතාක නායකයා නිධන් හොරෙකු කිරිමේ යහපාලන තියරිය….ව්‍යාඝ ජොන්ගේ රෙද්දේ ගූ යන රුද්‍රිගුගේ වැඩ මෙන්න

සංවිධානාත්මක අපරාධයක් සිදුකිරිම සදහා යමින් සිටියදි විශේෂ කාර්‍යය බලකාය විසින් වෙඩිතබා අත් අඩංගුවට ගත් අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග හෙවත් ව්‍යාඝ ජොන්ගේ සමිපතම නෑදෑයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හත් දෙනා “නිධන් හොරු “ලෙස හංවඩු ගසා “මිනීමරුවා” “පාතාලයා”යන බැනරය ඉවත් කර තවදුරටත් දේශපාලන පාලනය තුල රදවා ගැනිම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේන අතර දෙකට නවන පුජිතගේ නීතිය මෙන්ම කොහොමත් නැමිලාම ඉන්න තලතාගේ අධිකරණය පද්ධතියමෙන්ම තේ කොප්පයට,රොල්ස් එකට මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා කිහිප දෙනෙකුද නියමිත මාත්‍රාවට වැඩේ දෙමින් සිටින බව අමතුවෙන් කිවයුතු නැත.

විශේෂ බලකාය එම වැටලිම කල මොහොතේ සිටම රන්දීර ගලවා ගැනිම සදහා මෙහෙයුම් දියත් වු අතර ප්‍රාදශීය මාධ්‍ය පවා එය වසන් කිරිමට උත්සහ ගත් බව මතක් කලයුතුය. ව්‍යාඝ ජොන් නිරන්තරයෙන් රන්දිර් හදුන්වා දුනේ තමන්ගේ බෑණා ලෙසට (බෑණා යනු දුව බැන්ද බෑණා නොවන බව කරුණාවෙන් සලකන්න) ව්‍යාඝ ජොන් රන්දීර්ට බෑණා කිව්වේ නිකම්ම නොවේ නෑ කමට අමතරව ජොන්ගේ මැර වැඩ සහ කොල්ලකැම් සියල්ලම මෙහෙයවිම භාරව තිබුනේ රන්දිර්ටය.ඒ වෙනුවෙන් ව්‍යාඝ ජොන් රන්දිර්ට පළාත් මන්ත්‍රී පට්ටමක් මෙන්ම තමන්ගේ අමාත්‍යංශයේ සුපිරිම වාහන පවා ලබාදි තිබේ.

දිවුලපිටිය හේන්පිටගෙදරදී ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමග වෙඩි හුවමාරුවෙන් පසුව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හත් දෙනා නොවැම්බර් මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කල අතර  රන්දීර් ආසිරි රොද්‍රිගෝ මහතාගේ හැඳල නිවසේ තිබි පුපුරණ ද්‍රව්‍ය සමග හසු වූ මන්ත්‍රී බිරිඳ ලබන 31 දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට වත්තල මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කර සිටියා.

හැඳල නිමලමරිය මාවතේ වූ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක තිබි මිලිමීටර් 09, මයික්‍රෝ ටී 56, ත්‍රී එයිට් වර්ගයේ ගිනිඅවිවලට යොදන උණ්ඩ 11 ක්, පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 75 ක්, ප්‍රභූවරුන් භාවිත කරන වෙඩි නොවදින කබායක්, වාහනවලට සවි කළ හැකි ව්‍යාජ අංක තහඩු 12 ක්, පිස්තෝල රඳවනයක්, කඩු, කිණිසි සමග මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඔහුගේ බිරිඳ පෙරේදා (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ.

රටපුරා නිධන් හාරන මුවාවෙන් ඝාතන මෙහෙයවන රන්දිර් බොරු නිදන් සාදා වංචනීක ආකරයට එවා විකිණිමටද කටයුතු කරන අයෙකු වේ.මිට අමතරව මුදල් මුද්‍රණය කිරිමේදි යම් දෝෂ සහිත මුදල් ලක්ෂ 3ක් ලක්ෂයට විකුණ මුවාවෙන් රටේ ජනතාවගේ ලක්ෂ ගණනක් සියුම්ව වංචා කිරිමටද රන්දිර් සමත් වු අතර ඒ සම්බන්ධයෙන් කොතරම් අනාවරණය කලද පසුගිය රජය සමයේ ව්‍යාඝ ජොන් රාජපක්ෂලා සමග පැවැත්වු සමිප සම්බන්ධය හේතුවෙන් එවකටද රන්දිර්ලා අත් අඩංගුවට ගැනිම පහසු නොවිය.

නිධන් හොරාකෑම

පසුගිය දිනවල ජෝන් අමරතුංග ඇමතිවරයාගේ බෑණා තම පුද්ගලික වාහන කිහිපයක ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ නම ගහගෙන ගිහින් නිදන් හාරා ඇති අතර ඒ සදහා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයට අයත් වාහන යොදවාගෙන තිබියදි පොලිසියට හසුවුවද රන්දිර්ලා හසුවුයේ නෑ.

ඒ වාහනවල පුවරුවේ තියෙන්නේ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය කියලා. වාහනවල අයිතිය තියෙන්නේ විෂයභාර ඇමතිවරයාගේ බෑණාට. ජෝන් අමරතුංගඇමතිවරයාගේ බෑණාට. වාහන සහ වාහනවල හිටපු අය ඇල්ලූවා. ඒත් වාහන අයිතිකාරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි? වාහන අයිතිකාරයා තමයි ගෝලයො මේ වැඬේට එවන්නේ. ඇයි ඒ ගැන හොයන්නේ නැත්තේ? අල්ලපු අයත් එළියට දැම්මා.

රන්දිර් පසුගිය මාස 5ක පමණ් කාලය තුල හොරකම් කල සහ පන්සල් කඩගත් නිධන් වස්තු 10කට වඩා විකුණා ඇති අතර එම නිධන් විකිණිමට ගොස් නීතියට හසුවු කණ්ඩායම්ද රැසක් සිටි.ඔහුන් රන්දිර්ව හදුනන්නේ නැත සල්ලි අලට කැදර කමට deal එකට සම්බන්ධ වන ඇතැම් නිඩන් හොරු පොලිසියට අල්ලා දිම පසුපසද රන්දිර් සිටින බව අප විශේෂ වාර්තාකරු අවස්ථා ගණනාවකදි නිධන් හොරු පොලිසියට ගැනිම සහ එම අල්ලාගත් නිධන් වස්තු බොරු එවා විම සම්බන්ධයෙන් කල විමර්ශනයේදි එම මෙහෙයුම අනාවරණය වි තිබේ.

ඒ සම්බන්ධයෙන් පුළුල් අනාවරණයක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න 

දෙහිඕවිට ප්‍රදේශයේ මැණික් ඉල්ලම කොල්ල කෑ හැටි...

එය තිබෙන්නේ දෙහිඕවිට හරහා ගලායන ගංග මැද්දේය.පසුගිය කාලයේ ජනතාවට අහම්බයෙන් ලැබුනු මැණික් කිහිපයක් නිසා ගඟ හාරමින් මැණික් සොයන්නට ජාවාරම් කාරයන් කටයුතු කල අතර පසුව එවකට රජය එම ප්‍රදේශය තහනම් කලාපයක් කර පොලිස් ආරක්ෂාවද යොදා තිබේ.

http://198.211.112.164/archives/76

රන්දිර්ලාගේ පාතාලයට එරෙහිව ගිය උන් පොලිසිය ලවා ඝාතනය කිරිම 

ජා ඇල, ඒකල නිශාන්ත වත්තේ පදිංචිව සිටි සමීර පතිරණ (31) නමැති අයෙක් ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට පසුව එදින රාත්‍රියේම ගෙල සිරකර මරාදමා

http://198.211.112.164/archives/781

වත්තල නගරයේ වෙළෙඳ සල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කිරිම පසුපස දේශපාලන හස්තයක් තිබේන බව LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.  අද උදෑසන ඝාතනය සිය පුත්‍රයා සමග පල්ලියට ගොස් එමින් සිටියදී මෙම 54 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ.මේ ඝාතනය පසුපස අමාත්‍ය ජෝන් අමරතුංගගේ ලේකම්වරයාව සිටින ප්‍රනාන්දු නැමත්තාට කප්පම් ලබා නොදිසිටිමට අදාළ ව්‍යාපාරිකයා ක්‍රියා කිරිම හේතුවෙන් සිදුකරන ලද්දක් බව අනාවරණය වි තිබේ.

http://198.211.112.164/archives/4684

වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බවත් ම ව්‍යාපෘතිය පසුපස ව්‍යාඝ ජොන් සිටින බවත් එම ස්ථානය රැකගැනීමට වෙර දරන භික්ෂුන් වහන්සේලා එ=ඉලක්ක කර මැර තර්ජන එල්ල රන බවත් අප පසුගියදා අනාවරණය කල අතර ඒ පසුපසද සිටින්නේ රන්දිර්ගේ පාතාලය බව අමුතුවෙන් කිව යුතු නැත.

http://198.211.112.164/archives/16068

ව්‍යාඝ ජොන් මාධ්‍යට ගැරහු අකාරය මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා එවුන්ට අමතක වුවද රටේ ජනතාවට නම් තවමත් .මතක…

http://198.211.112.164/archives/15955

http://198.211.112.164/archives/9669

 

 

Top