LNN SPY

පාර්ලිමේන්තුවට ගෝඨා පිලෙන් මන්ත්‍රීවරු 60ක්!.. නාමයෝජනා දෙන්න වෙනම සටනක්! ගෝඨාගේ නායකත්වය වියතුන්ට පමණයි…

Published on: Dec 24, 2019 – ඉදිරි මහා මැතිවරණය සදහා මුහුණ දෙන අකාරය මෙන්ම මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මුහුණ දි සිටින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා වියත්මග සහ එළිය සංවිධානයේ ප්‍රබලයන්ගේ දෙවන හමුව පසුගියදා පැවැත්වු බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහාචාර්ය නලින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා චන්න ජයසුමන,සීතා
අරබේපොල,කමල් ගුණරත්න,ගෙවිදු කුමාරතුංග යන අය එම අවස්ථවට එක්ව තිබේ.කෙසේවෙතත් කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකු කැදවා නොතිබිම විශේෂත්වයක්.

මහා මැතිවරණයේදි බොහෝවිට පොහොට්ටුව ලකුණින් බැසිල්ගේ නායකත්වය යටතේ තරග කිරිමට සිදුවන බවත් ඒ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වටා ඇති බලය ගිලිහෙමින් තිබේන බව එහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර මහ මැතිවරණය සදහා බැසිල්-මහින්ද යටතේ පොහොට්ටුවෙන් තරග කිරිමට තිරණය වුවහොත් වියත් මග සහ එළිය සංවිධාන නියෝජනය කරමින් නාමයෝජනා ලබාදිමට හැකියාව නැති වනු ඇති බවද සාකච්ඡා වි තිබේ.

කෙසේවෙතත් ගෝඨාභයගේ නායකත්වය යටතේ පොහොට්ටුවෙන් හෝ වෙනත් සන්ධානයකින් තරග කරන්නේ නම් එම කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් විය යුතු බව ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලිම වි තිබේන බව ඔහුගෙ හිතවතිය වන සීතා එම සාකච්ඡාවෙදි අවධාරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයෝ හා හිටපු හමුදා නිලධාරීහු පිරිසක් මෙලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කිරිමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබේන බවත් සෑම දිස්ත‍්‍රික්කයකින්ම අපේක්ෂකයන් දෙදෙනා බැගින් එලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඞ් කබ්රාල් , ආචාර්ය චරිත හේරත්, චන්න ජයසුමන,සීතා අරබේපොල,ගෙවිදු කුමාරතුංග ඇතුළු වියතුන් යැයි කියන පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සaජු මැදිහත්වීම මත ඉදිරිපත් කිරිමටද නියමිත බව ඇය එහිදි පෙන්වා දි තිබේ.ඒ අනුව ගෝඨාභය වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් අවම වශයෙන් 60ක් පාර්ලිමේන්තුවට යැවිම ඉලක්කය බවද ඇය සදහන් කර තිබේ.

පොහොට්ටුවේ විරෝධය…

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂ සාමාජිකත්වයක් නැතිව අපේක්ෂකත්වය ලබාදුන් නමුත් මහමැතිවරණයේදී පක්ෂ සාමාජිකත්වයක් නැති පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබාදීමට තම සන්ධානයේ දේශපාලන නායකයන් රැසකගේ කැමැත්තක් නැති මහින්ද පිළේ ප්‍රබලයෙකු සදහන් කර තිබේ.

සන්ධානයක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී විධිමත් ක‍්‍රමවේදයක් තිබෙන බවත් විවිධ පක්ෂ සතු බලය අනුව නාමයෝජනා බෙදී යා යුතු බවයි ඔහු සදහන් කර ඇත්තේ.

වියතුන්ගේ පලමු හමුව….

http://lankanewsnetwork.org/archives/21751

Gotabaya Rajapaksa

Top