LNN SPY

පාර්ලිමේන්තුව යලිත් වහන කුමන්ත්‍රණය පරදී! දින 52ක මතකද? බහුතරය පෙන්වන්න ප්‍රජාතන්ත්‍රවාදීන් සුදානම්! 3 වැනිදා සජිත් විපක්ෂ නායක ලෙස පත්වෙයි…

Published on: Dec 24, 2019- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 ජනවාරි 3 වන දින රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුව යලි කල් තැබීමේ සූදානම මේ වනවිට හකුලාගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විමත් සමග අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කලද දින 52 දි කුජිත වු අයුරු මතක් වු රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිකම නිසාම පාර්ලිමේන්තුව වාර අවසන් කල අතර රනිල්ගේ පක්ෂ නායක අර්බුදය විසදා ගැනිමට කාලය ලබාදිමත්,මහා බැංකු බැදුම්කර හොරු බේරා ගැනිමට මෙන්ම බහුතරය සාදා ගැනිමේද මෙහි අරමුණ වි තිබුනා.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 43 ක් පවතින අතර අවසන් වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමක් සිදුකළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නීති විරෝධී ආකාරයට අගමැති ලෙස නම්කරමින් අපකීර්තිමත් ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන 03 වැනිදා පෙරවරුවේ විවෘත කිරීමෙන් පසු එදිනම දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී වන අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ පාර්ලිමේන්තුව යලි කල් තැබිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය උත්සහ කලහොත් එක්සත් ජාතික පෙරමුණ් සතු බහුතර බලය භාවිතා කිරිමට සිදුවන බව දැනුම් දිමත් සමගයි.

දේශපාලන පලිගැනිම්,අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහල යෑම වැනි ජනතාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍ය බවත් එය ජනතාවගෙන් වසන් කිරිම සදහා පාර්ලිමේන්තුව යලි කල් තැබිමට කුමන්ත්‍රණය කලහොත් දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය පැරදවූ ආකාරයටම මෙහිදී බහුතර බලය යොදාගන්නා බවයි.

ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය උදෑසන 10ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය වී තිබේ.

එදින පාර්ලිමේන්තු රැස්වීමේදි විවාදයට ගනු ලබන විෂයන් ඉදිරියේදී දැනුම්දෙන බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ පක්ෂ නායකයන් සඳහන් කර තිබේ.

එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ කථානායකතුමා විසින්
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය විය.

රජයේ ප්‍රධාන සංවිධායක හා සභානායක තනතුරුවලට සාමාජිකයින් නම් කිරීමද මෙහිදී සිදුකිරීමට නියමිතය.

Sajith Premadasa,Gotabaya Rajapaksa,Mahinda Rajapaksa,Ranil Wickremesinghe

Top