Breaking
24 Feb 2025, Mon

පිළුණු නායකයෙක් වෙනුවට අලුත් නායකයෙක්….. සජිත් සමාජ විප්ලවයට මාතෘභූමිය සුදානම්..!!! ජය නියතයි එක්ව ඉදිරියට…..

Published on – Nov 15, 2019  2014 වසරේ ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝඩි සිය 5 වසරක පාලනය අවසන් කර 2019 වසරේදී දෙවන වරට ජනතාව ඉදිරියට එන්නේ කිසිසේත්ම ඔහුට වාසි සහගත වාතාවරණයකදී නොවේ. එහෙත් 2019 ඉන්දීය මැතිවරණය බොහෝ ලෝක දේශපාලන විචාරකයින්ගේ, ඉන්දියාවේ බොහෝ මාධ්‍ය ආයතනවල මෙන්ම සියලුම සමීක්ෂණ වාර්තා වලින් ප්‍රකාශ වූ ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් නිර්මාණය කරමින් අවසන් විය. දෙවන වරටත් ඉන්දියානු ජනතාව තම රටේ අනාගතය තමන්ගේ කුඩා කාලයේ දුම්රියේ තේ විකුනපු පුංචි පන්තියේ පුංචි මිනිසෙක් අතට භාර දුන්නේය. මිට හේතුව කුමක්ද..? පුංචි පන්තියේ මිනිසුන්ගේ මිනිසෙකු වූ මෝඩිගේ ප්‍රතිවාදියා වුයේ ඉන්දියාවේ ප්‍රභූ පැලැන්තියේ වත්මන් නියෝජනය වන රාහුල් ගාන්ධිය. බොහෝ රටවල් තම නායකයින් තෝරාගැනීමේදී සැලකිලිමත් වූ සාධක මේ වන විට විප්ලවීය ලෙස වෙනස් වෙමින් පවතියි. තවදුරටත් සම්ප්‍රදායික ප්‍රභූ වැඩවසම් පවුල් යටතේ පාලනය වීමට පොදු මහජනයා කැමති නැත. වර්තමානයේ ඔවුන් සොයන්නේ ඔවුන්ගේ මිනිහෙකි. තමන්ගේ පන්තියේ එකෙකි. 2019 මෝඩිගේ සුවිසල් ජයග්‍රහණය පසුපස ඇත්තේ මේ කතාවය. පුංචි පන්තියේ මිනිසෙකු වූ මෝඩි දේශපාලන ගලිවරයෙකු බවට පත් කලේ ඔහු වටා එකතු වුනු ලක්ෂ ගණනක් වූ පුංචි මිනිසුන්ය. නගරයේ ජිවත් වන්නන් දකින දේශපාලනය සහ ගමේ දේශපාලනය සහමුලින්ම වෙනස්ය. ඉන්දියාවේ නාගරික ජන කණ්ඩායම් අතර තිබූ මතවාදය වුයේ රාහුල් ගාන්ධි ඉදිරියෙන් සිටින බවය. එහෙත් අවසානයේ ප්‍රතිපල එද්දී මෝඩි ජයග්‍රහණය කර තිබුණේ ගව් ගණනක් ඉදිරියෙනි.

අද අපේ රටේ අපි දකින්නේ ද මේ තත්වයමය. අද ඇතැම් මාධ්‍ය ආයතන වලින් පෙන්වීමට උත්සහ දරන මායාව මහා පොළොවේ ඇත්තේම නැත. මාසයක් අව් වැසි රෑ දවල් මහන්සිය නොබලා වෙනසක් නැතුව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මිනිසුන් දහස් ගණන් ඔහු එනකන් හිටගෙන සිටිනු අප දුටුවෙමු. පිට දිස්ත්‍රික්ක වලින් පවා ගෙනවිත් සෙනග පුරවනවා වෙනුවට කුලියක් මලියක් කරන, ගොවිතැනක් කරන, හේන් වගාවක් කරන, ගමේ සැලුන් එකක් කරන, ගරාජ් එකක් කරන අහිංසක මිනිස්සු “අපේ සජිත් මහතත්යා බලන්න යන්න ඕන” කියලා වේලාසනින් තම තමන්ගේ වැඩ නිම කරලා තමන්ගේ ෆුට් බයිසිකලයෙන්,බයික් එකෙන්, ත්‍රි විල් එකෙන් සජිත්ගේ රැස්වීම් වලට ආපු විදිය, කාන්තාවන් තමන්ගේ ගෙවල් දොරවල් වල වැඩ ටික වේලාසනින් ඉවර කරලා, රෑට කෑම ටිකත් උයලා තියලා මෙච්චර කාලෙකට තමන් ගැන හිතපු එකම සොඳුරු ආදරණිය මිනිසා බලන්නට පොරකාපු අයුරු අප දුටුවෙමු. ඒ කෘතීමව නිර්මාණය කළ රැල්ලක් නොවේ. ඒ රැල්ල මෙච්චර කාලයක් රජවරුන් මෙන් හැසිරුණු නායකයින් හිටපු රටකට තමන්ගේ යැයි කට ඇරලා කියන්න පුළුවන් තමන්ගේ මිනිහෙක් ලැබුණු විට ඒ රටේ පුංචි පන්තියේ මිනිහට, අහිංසක මිනිහට දැනුණු හැඟීමය. ඔවුන් ඒ හැගීම පිටකළේ එලෙසය. රෑ 10, 11 වෙනතෙක් මහා වැස්සේ මිනිස්සු සජිත් එනකන් හිටියේ මේ තමන්ගේ මිනිහෙක් කියලා ඔවුන්ගේ හදවත් පතුලටම දැනුනු නිසාය.

මහා කුණාටුවක් ඒමට පෙර පරිසරය නිහඬ වෙන්නාක් මෙන් මේ මොහොතේ පවතින නිහැඬියාව තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිත සජිත් ප්‍රේමදාස කුණාටුවට පෙරමඟ ලකුණුය. පොඩි මිනිසුන්ගේ මිනිසෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් පසුව මේ රටේ පුංචි මිනිහා නියෝජනය කරන දුක්විඳින පන්තියට සමීප නායකයෙක් තෝරාගැනීමට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මේ වන විට සූදානම් වී අවසානය.

මේ මහා ජනතා නැගිටීම නොවැම්බර් 16 වෙනිදා තමන්ගේ මිනිහෙක් රටේ පළමු පුරවැසියා බවට පත් කරගැනීමටය. කුමනාකාරයේ ඇස් බැන්දුම් කළද මේ මහා ජනතා සුනාමිය වැළක්වීමට මේ මොහොතේ කළ හැකි කිසිවක්ම නොමැත. වසර ගණනාවක් අත්හදා බැලු පිළුණු වූ නායකයෙක් වෙනුවට නැවුම් නායකයෙක් පිළිගැනීමට මහජනතාව පෙළ ගැසී අවසන්ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.