LNN SPY

පුරවැසිබව නැතත් ලංකාවේ ඡන්දය……ගෝඨාභයගේ තවත් හොර වැඩක් මෙන්න…. බැසිල්ගේ අරක්කු වීදුරුවට යට වුණ මැතිවරණ කොමිසම

Published on – Nov 11, 2019 ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ද්විත්ව පුරවැසියෙකු පවා නොවන සම්පූර්ණයෙන්ම අමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ බිරිද වන අයෝමා උදේනි රාජපක්ෂටද මෙවර ඡන්දය හිමි වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අප්‍රේල් 17 ඉල්ලුම් කළද තවමත් ඔහු අමෙරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අමෙරිකානු පුරවැසියෙකි. එසේ තිබියදි අප්‍රෙල් 17 වෙනිදා හෝ ඉන් පසුව හෝ කිසිම දිනක සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඉල්ලුම් නොකළ අයෝමා රාජපක්ෂගේ නාමය ලංකාවේ ඡන්ද නාම ලේඛනයට ඇතුලත්ව තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුලුණක් වන ඡන්ද බලය හා ජනතා පරමාධිපත්‍යය ට සිදු කරන අසාධාරණයක් මෙන්ම නීතිය උල්ලංඝනයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ඡන්ද නාම ලේඛනයට නම ඇතුලත් කිරීමේදි ලංකාවේ පුරවැසියෙක් ද යන ප්‍රශ්නයට අයෝමා රාජපක්ෂ ඔව් ලෙස පිළිතුරු දි ඇති බව පැහැදිළිය. එසේ නම් අමෙරිකානු පුරවැසියෙකුට ලංකාවේ හැදුනුම්පතක් සකස් වූයේ කෙසේද?

අවුරුද්දක් පුරා නිවසක ස්ථිරව පදිංචි නොසිටියේ නම් ඡන්ද නාම ලේඛනයට නම දැමීමට බාධා කරන. කුලි නිවැසියන්ට ඔවුන් පදිංචිව සිටින ගෙදර ඡන්ද නාම ලේඛනයට නම දැමීමට නොහැකි රටක ලංකාවේ පුරවැසියෙකු පවා නොවන අමෙරිකන්කාරයෝ ඡන්ද නාම ලේඛනයට නම දැම්මේ මොන කැකිල්ලේ තීන්දුවෙන් දැයි ඇසිය යුතුමය.

ගෝඨාගේ හා අයෝමාගේ නම ඇතුලත් ඡන්ද නාමලේඛනයෙන් කොටසක්

බලය තිබු පමණින් මෙලෙස නීතිය හෑල්ලු කරන ගෝඨාලාට මේ රටේ නැවත වරක් බලය ලැබුණහොත් කුමක් සිදු වේද යන්න සිතා ගැනීමට පවා නොහැකි වනු ඇත.

මේ කාරණයේදි ගෝඨා මුල සිටම සියල්ලන්ම රවටා ඇත. ගමේ ග්‍රාම සේවක ගෝඨාගේ ඡන්ද පෝරමය අනු අත්සන් තැබුවේ ගෝඨාගේ සුදුවැන් එකට බිය වීද, එහෙමත් නැත්නම් වෙන හේතුවක්  නිසා ද යන්න සෙවිය යුතුය. අනෙක් අතට ඒ ඡන්ද පෝරමය හරහා ගෝඨාභය මැතිවරණ කොමිසමද රවටන්නේ ට නීතිය, යන් තම අල්ලේ නැටවිය හැකි දෙයක් යන්න සලකා විය යුතුය.

ගෝඨාභය හා ඔහුගේ බිරිද 2005 සිට අමෙරිකානු පුරවැසියන් වෙමින් හොර හැදුනුම්පත් මගින් ඡන්දය දමා ඇති බවට පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තිබියදී බැසිල් ගේ රට අරක්කු බෝතලය හවසට හවසට ලෙවකන මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳව නිශ්ශබ්දව සිටිමින් මෙවර ජනාධිපතිවරණය සඳහා ද ඡන්දය ලබා දීමට ඔවුනට අවස්ථා ව ලබා දී ඇති බව මනාව දැන් පැහැදිළිය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොරි ටෝක් දුන්නද බැසිල්ගේ සරම අස්සේ සිට ඡන්ද කරන මැතිවරණ කොමසාරිස්වරයාට වෙනත් රටක පුරවැසියන් ලංකාවේ ඡන්දය භාවිත කිරීම සාමාන්‍යකරණය වි ඇතුවා වන්නටඇත.

බොරු ලියවිලි පෙන්වා අමෙරිකාවටද වංචා කළ හොරකම, වංචාව ලේවල දුවන ගෝඨා ව්‍යාජ හැදුනුම්පත් මගින් ඡන්දය ද ලබා ගෙන ඇති බව පැහැදිළිය. එසේ නම් කළ යුත්තේ ඔහුව රටේ ජනාධිපති කිරීම නොව මැතිවරණ පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වෙනුවෙන් අධිකරණයට කැඳවීමය.

Top