LNN SPY

පොහොට්ටුවේ ජාතිවාදී ගැටුම් ගැන බැසිල්ට මල පනී……… – වහාම මහින්ද සමඟ සාකච්ඡාවක් ඉල්ලයි

May 14, 2019 – රට පුරා කලබල ඇති කරමින් ජාතිවාදි ගැටුමක් නිර්මාණය කිරීම පිටුපස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකින් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ බවට හෙලි වීමත් සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එහි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

සිය සමාජිකයන්ගේ මේ අධම හැසිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ උරණ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරිමට අද දිනයේ කටයුතු කරන බවද වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ජාතිවාදී ආරවුල් මතින් දේශපාලන ජයග්‍රහණය කිරීමට බැසිල් රාජපක්ෂ අවශ්‍ය නොවුවද ජාතිවාදය මතින් රටේ ජනාධිපති වීමට සිහින දකින ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියන් හා වන්දි බට්ට මන්ත්‍රිවරුන් විසින් මෙම කලබල ඇති කිරීම බැසිල් රාජපක්ෂගේ කෝපයට හේතු වී තිබේ.

Top