LNN SPY

පොහොට්ටුව සියයට 51ට වැඩි ඡන්ද ප‍්‍රමාණ්යක්…. බුද්ධි අංශ වාර්තා දැකලා යහපාලකයන් පිස්සු වැටිලා

Published on: Jan 24, 2018 – පොහොට්ටුව සියයට 51ට වැඩි ඡන්ද ප‍්‍රමාණ්‍යක් ගෙන ස්වාධීනව පළාත් පාලන ආයතන පිහිටුවන බවට වු බුද්ධි අංශ වාර්තා දැකීමෙන් පසුව පිස්සු වැටුණු ආකාරයකින් කතා කරනවා යැයි එ්කාබද්ධවිපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එ් මහතා මෙසේ පැවසුවේ ඊයේ (24)බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

මේ මැතිවරණයේදී පක්ෂ පුද්ගලයෝ පදනම් කර ගෙන ඡන්දය දෙනවා වෙනුවට ගම්වල ජනතාව සූදානම් වෙන්නේ ආණ්ඩුව හා ආණ්ඩු විරෝධි කණාඩායම් හැටියටයි. ආණ්ඩුවේ කොටස් ලෙස එක්සත් ජාතික පක්ෂ්‍ය , මෛතීී‍්‍ර පිල, රනිල් පිල , දෙමල සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සිටිනවා. යහපාලන ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඩ නගපු එකම පිල එ්කාබද්ධ විපක්ස්‍ය. එ්කට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ස මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත පොහොට්ටුව විතරයි මේ මැතිවරණයේදි ඡන්දයට ඇවිත් තියෙන්නේ. මේකෙදි මේ රටේ පහුගිය අවුරුදු තුනේ ජනතාවට උසුලාගත නොහැකි බඩු මිලක්, ලැබෙන මුදල ජිවත් වෙන්න ප‍්‍රමාණවත් නැහැ.හාල්පොල් එළවලූ තුනහප ගන්න ගියාම 80%කින් මිල වැඩි වෙලා. දරුවෝ පාසල් යන දෙමව්පියෝ මේ තත්ත්වය නිසා අසරණයි.

රටේ ජාතික ආරක්සාව කඩා වැටිලා. උතුරේ මහ ඇමැතිවරයා ප‍්‍රකාශ සම්බන්ධයේන මේ ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනාධිපතිතුමාම මිට කාලයකට පෙර කිව්වා උතුරේ එල්. ටී. ටී. ඊ කි‍්‍රයාකාරකම් ඇරඹී ඇති බව. ජාත්‍යනන්තර සහාය දිනාගත්ත නායකයෙක් ඉන්න අවස්ථාවක පිටරටවල ප‍්‍රභාකරන්ගේ මුහුණ දාලා සල්ලි එකතු කරනවා. දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරු බහුතරයක ටෙලිෆෝන් එකේ ප‍්‍රභාකරන්ගේ පින්තූරය තියෙනවා. ජාතික ආරක්ෂාව බිද වැටිලා ආර්ථිකය කඩන්වැටිලා, රාජ්‍ය සේවාව විනාශ වෙලා. විශ‍්‍රාම වැටුප් නතර කරලාත සමෘධ්දි සහනාධාරය කපා හරින්න පියවර අරන් . මැතිවරණයෙන් පස්සේ ඛණිජ තෙල් මල ඉහළ නංවන්න තිරණය කරලා. ජනතාවමේ දේවල් ගැන තේරුම් ගෙනයි දැන් සිටින්නේ. මේ නිසා එක්සත.ජාතික පකක්ෂයට , මෛතී‍්‍ර පිලට, ජනතාවිමුක්ති පෙරමුණට සහාය දීපු ගම්වල ජනතාව පොහොට්ටුව එක්ක එකත වෙලා. මේ තත්ත්වය නිසා රටේ ජනාධිපතිවරයා පිස්සු වැටිලා වගේ බැනගෙන කතාකරන ආකාරයයි අපි දකින්නේ. එතුමා කතා කරන්නේ දුසණයට විරුද්ධ බව කියමින්. ජනාධිපතිතුමා බොරු කියලා බලයට ආපු කෙනෙක්. ලැමබෝ ගිනි කාර්, රත්තරන් අස්වයෝ, ජනාධිපති වියදම් වගේ දේවල් කියලා බලයට ආපු කෙනෙක්. හොරු රකින්නේ ජනාධිපතියි.

මහ බැංකු බැදුම්කර කොමිෂමේ සාක්ෂි පුවත්පත්වලින් ගිහින් එ් සිද්ධීය ගැන ජනතාව හොදින්ම දන්නවා. 2015 පෙබරවාරි මාසේ ඞීව. ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ව රකින්න බව එතුමා කිව්වා. මේ දෙපාරම සුළූතරයක් හිටපපු කෙනෙක්ව අගමැති කළා. බුද්ධි අංශ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙන බව දැනගෙන දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ අගමැතිකම නොදී ඉන්නම බව කිව්වා. මහ බැංකු අධීපතිවරයාට අවස්ථා දෙකකදීම පත්වීම දුන්නේ ජනාධීපතිවරයා. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කරපු අය වෙනුවටෙ වෙන අය දාන්න හදන බවට තොරතුරු තියෙනවා.

කොළඹ නුවර අධීවේගී මාර්ගයට අපි ඇස්තමේන්තු කළාට වඩා 60%ක් විතර වැඩි වෙලා.මංතීරු ප‍්‍රමාණය අඩුවෙලා. කණුඋඩ යන්න තිබුණු පාර පස් පුරවලා හදන්නයි සූදානම් වෙන්නේ. එහෙම වුනොත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රමාණයක් වතුරෙන් යට වෙලා පරිසර හානියක් වෙනවා. එ් වගේම කෘෂිකර්ම අමාත්‍යශ ගොඩනැගිල්ලේ පදිංචි නොවී විශාල මුදලක් වැය කරනවා. අනිත් පැත්තෙන් පොහොර සහනාධාරය කපලා දාලා. මේවා මුදල් අවභාවිතා නෙවෙයිද?

ඌවේ මහ ඇමැති විදුහල්පතිනියක් දණ ගැස්සූ කාරණය. එය ආරක්ෂා කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කටයුතු කරන බව පේනවා. පැය ගානක් ඇතුලත ඇප ලැබුණා. අපේ කාලේ ගුරුවරයෙක් දණ ගැස්සුව පුද්ගලයෙක්ව උසාවි දාලා බන්ධනාගාරගත කළා. සිද්ධි දෙකේ වෙනස පේනවානේ. එ් විතරක් නෙවෙයි අපි ඔහුට නාමයෝජනා දුන්නෙත් නැහැ. අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයකුත් ලැබිලා. එ් වුනාට මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා රූපවාහිනියේ කතාකරන්නේ දුෂණයට විරුද්ධව.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අලූත් පරපුරට ගහපු කෙනා අද එහේ සංවිධායක. කාන්තාවන් 100ක් දුෂණය කර එය සැමරූ කෙනා ශී‍්‍ර ලනිප සංවිධායත. සීයෙන් පළවෙනිදා මැතිවරණයට තරග කරනවා. මහින්ද රාජපක්ස මහතාගේ කාලේ වැරදි කළා කියලා කට්ටිය අද ඉන්නේ කාලගද. මෛතී‍්‍රපාල මහත්තයා ළග. හොරකම කරන අයට රැකවරණය ලැබෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්නිසා ශී‍්‍ර ලංකා කාරයෝ විදියට අපිට තියෙන්නේ කණගාටුවක්. හැම මැතිවරණයදිම හොරු අල්ලනවා කියලා අගමැතිගෙන් ඉල්ලනාව හොරු රකින්න හයිය දෙන්න කියලා. මේ මැතිවරණ කලේ දෙන්නා එක්ක රග දක්වන්නේ නාට්‍ය්‍යක්. ගම්වල එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකට කටයුතු කරනවා. නමුත් පොහොට්ටුව 51%ට වැඩි ඡුන්ද අරන් ස්වාධිනව පළාත් පාලන ආයතන පිහිටුවනවා. මේ ගැන බුද්ධි අංශ තොරතුරු ලැබුණාට පස්සෙ තමා ජනාධිපතිවරයා මේ විදියට හැසිරෙන්නේ. වටෙන් වටෙන් ගිහින් අන්තිමට රාජපක්ෂ ලගට එන්නේ. රාජපක්ෂ භීතිකාවකින් රටේ ජනතාවව ගොනාට අන්දන්නේ නැතුව වැඩපිළිවෙලක් සකස් කරන එක හොදයි.

Top