Breaking
6 Feb 2025, Thu

බදුල්ල සටනනින් ශ්‍රිලනිප මෛත්‍රීවාදින් දොට්ට! ඩිලාන් පරාජය භාරගෙන පැත්තකට වෙයි… නිමල්,චාමර, මනාප සටනක!

Published on: Jun 16, 2020- ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබුනද,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිත්‍ය නියෝජිතයන් ඔහුගේ මතයට ගරු නොකරන තත්ත්වයක් මතුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පොහොට්ටුවේ බදුල්ලේ ප්‍රබලයන් රැසක් සදහන් කර ඇත්තේ සිරිපාල සිල්වාට ලබාදි ඇත්තෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දිස්ත්‍රික් නායකත්වය බවත් මැතිවරණයට තරග කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවයි.එම නිසා එය නාමිකව ලබාදුන් එකක මිස පොහොට්ටුවේ  වගකිම් ලබාදිමක් නොවන බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව මහින්ද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කල කණ්ඩායම් මේ මැතිවරණයේදි පරාජය කලයුතු බවද ඔහුන් පෙන්වා දි තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෛත්‍රී සමග එක්ව සිටි නිමල් සිරිපාල මෙන්ම ඩිලාන් පෙරේරාද මේවර පොහොට්ටුවෙන් තරග වදින අතර මේ වනවිටත් ඩිලාන් සිය පරාජය භාරගෙන තිබේ.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස නිමල් සිිරිපාල ද සිල්වා බදුල්ලේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් හමුවිට අවස්ථා ගණනාවක් රැස්විම් සංවිධානය කලද එම කිසිවක් සාර්ථක කර ගැනිමට සමත්ව නෑ.පසුගිය ජනාධිපතිවරණය කැදවිමට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා පැවැති සමයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගෙන් එක් පිරිසක් සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා පැවැත්වු අතර එම සාකච්ඡාවලට එක්වු අය අතර නිමල් සිරිපාලද විම බදුල්ලේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් සහය නොදැක්විමට හේතුව වි තිබේ.

පසුගියදා බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයට එක්වු නිමල් සිරිපාල ද සිල්වා ප්‍රසිද්ධියේ සදහන් කර ඇත්තේ මනාප ලබා ගැනීම සඳහා එක් එක් පිරිස විවිධ ක්‍රම උපයෝගිකර ගත්තද තමන් එවැනි දැ සිදු නොකරන බවත් තමන් ජනතාවට යම් දෙයක් සිදු කර ඇත්නම් ජනාතව තමන්ට මනාපය ලබා දෙනු ඇති බවයි.

ඒ අනුව මෙවර බදුල්ලේන් පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරුවන කල විමර්ශණයකදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන අපේක්ෂකයන් අතරින් සිව්දෙනෙකු  පත්විමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රීධුරයක් ලබා ගැනිමට නොහැකි විම මත වඑය වෙනස් විය හැක.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බදුල්ලෙන් මන්ත්‍රීධුර 4ක් හිමිවුවහොත් තෙවැන්නා ලෙස පත්විමට නිමල් සිරිපාල සහ චාමර දසනායක අතර සටනක් පවතිනු ඇති අතර මන්ත්‍රීධුර සංඛ්‍යාව 5ක් දක්වා වැඩි වුවහොත් තත්ත්වය වෙනස් වනු ඇත.

සෙන්දිල් තොන්ඩමාන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන තේනුක විදානගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, චාමර දසනායක, කට අමතරව උදිත් ලොකුබණ්ඩාර,ඕෂධි හේවාමද්දුම බදුල්ලේ මැතිවරණ සටන මෙහෙයවමින් සිටින නමුත් ඕෂධිට මුලදි මහින්දලාගෙන් ලැබුන සහය මේ වනවිට නොලැබෙමින් තිබේන අතර මොඩයෙකු ලෙස සලකන උදිත් ලොකුබණ්ඩාරට මේ දක්වා විශේෂ සහයක් ලැබි නෑ.කෙසේවෙතත් අවසන් මොහොතෙ ඔහුට ලැබෙන සහය මත මනාප ලැයිස්තුවේ වෙනස්කම් දෙක සිදුවිය හැක.

හරින් නැති බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ගත් හරීන් ප්‍රනාන්දු මෙවර මැතිවරණයට තරග නොකරන අතර ඒ අනුව සමගි ජන බලවේගයට අසන්න වශයෙන් මන්ත්‍රීධුර 3ක් ලබා ගැනිමට අවස්ථාව උදාවනු ඇති නමුත් බහුතර දමිළ ප්‍රගතිශීලි ජනතාවගේ ඡන්ද අඩු සංඛ්‍යාවක් හිමිවනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. සමගි ජන බලවේගය ජාතික ගැටලුව සම්බන්ධයෙන් දක්වන් ප්‍රතිචාරය එයට සaජුවම බලපැම් එල්ල කර තිබේ.ඒ අනුව චමින්ද විජේසිරි,රවීන්ද්‍ර සමරවීර,අරවින්ද් කුමාර් පමණක් පත්විමට බොහෝදුරට ඉඩ ඇති බවයි ඔහු සදහන් කළේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රීධුරයක් ලබා ගැනිමට අවස්ථාවක් තිබේන නමුත් එයනිශ්චිත තත්ත්වයක නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.අවස්ථාවක් ලැබුනහොත් එය දමිළ මන්ත්‍රීවරයෙකුට හිමිවිමට ඉඩ තිබේ.එසේ නොවුන හොත් එම මන්ත්‍රීධුරය පොහොට්ටුවටම හිමිවන අතර ඒ සදහා පත්විමට ඔහුන් අතර තරගයක් තිබේ.

සමන්තටත් අවස්ථාවක්!

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකගේ දුෂණ,වංචා හෙලිකල, මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වු ජනතාව් වෙනුවෙන් දිර්ඝ කාලයක් තිස්සේ හඩනගන ජාතික ජන බලවේගය නියෝජන කරන සමන්ත විද්‍යාරත්නට මෙවර පාර්ලිමේන්තුවට පත්විමට අවස්ථාවක් උදාවනු ඇති බවයි බදුල්ලේ වාර්තා සදහන් කරන්නේ. උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ලෙසට කටයුතු කරනු ලබන්නේද සමන්ත විද්‍යාරත්නයි.

2015 මහා මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය ඡන්ද 258,844 ලබාගනිමින් 54.76% ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රීධුර 5ක් දිනාගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 179,459 ලබාගනිමින් 37.97% ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රීධුර 3ක් දිනා ගැනිමට සමත් විය.

මනාප සටන…

එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු – 200, 806
රවීන්ද්‍ර සමරවීර – 58, 507
චමින්ද විජේසිරි – 58, 291
අරවින්ද කුමාර් – 53, 741
වඩිවේල් සුරේෂ් – 52, 370

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නිමල් සිරිපාල ද සිල්වා – 134, 406
චාමර සම්පත් – 64, 418
තේනුක විදානගම – 43, 517

ජනාධිපතිවරණ සටන 2015 බදුල්ල

මහින්ද රාජපක්ෂ -249,243 49.15%

මෛත්‍රීපාල සිරිසේන -249,524 49.21%

ජනාධිපතිවරණ සටන 2019 දි ද රාජපක්ෂලාට සිය ප්‍රතිශතය ඉක්මවා යැමට නොහැකි වු නමුත් සජිත්ට සියයට 4ක ප්‍රමාණයක් අහිමිවිය.

ගෝඨාභය රාජපක්ෂ – 276,211/49.29%

සජිත් ප්‍රේමදාස – 251,706/ 44.92%

වෙනත් අපේක්ෂකයන් – 32,428/ 5.79%

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.