LNN SPY

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව කරළියට…එජාපය රැකගන්න රවීගේ ගෙල සිඳි!

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවට අනුව හිටපු ඇමැති රවී කරුණානායක හෙවත් RK  මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවට මේ වනවිට නීති විශාරදයන් පෙන්වා දී තිබේ.

ඒ අනුව බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව හරහා හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වරදකරුවෙකු විමේ වැඩි සම්භාවිතාවක් තිබේනම් වහාම රවී එජාපයෙන් ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම පසුපෙල මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.

ඒ අනුව හිටපු ඇමැති රවී කරුණානායක තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කිරීම පක්ෂයේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කරන බව බහුතරයකගේ අදහස වී තිබේ.

මිට අමතරව පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආසන මට්ටමේ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරීම සම්බන්ධයෙන් ද එජාප අභ්‍යන්තරයේ කැලඹිමක් හටගෙන තිබේන අතර මැතිවරණය සමයකදි එජාපයට එරෙහිව තරගවදින කණ්ඩායම් බැඳුම්කර වංචාව දඩමිමා කරගනිමින් එජාපයට තඩි බානු ඇති බවයි.

මේ අතර තමන්ගේ ඉරණම සම්බන්ධයෙන් දැනගැනිම සදහා RK අවස්ථා ගණනවකදිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිමට උත්සහ ගත්තද එම උත්සහයන්ද අසාර්ථක වි තිබේ.මිට අමතර ජනාධිපතිවරයාගේ සමිපතමයන් හරහාද RK තමන්ගේ ඉරණම දැන ගැනිමට ගත් උත්සහයන් අසාර්ථක වි ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ RKගේ ප්‍රබලම විරුද්ධවාදියා වන එජාප අනාගත නායක සිහිනයෙන් පෙලෙන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මව වන ප්‍රේමදාස ආර්‍යාව නිරනතරයෙන් ජනාධිපතිවරයාට RK සම්බන්ධයෙන් විවිධ කතා පතුරුවා හැරිම නිසා බවයි RK විසින් සිය සමිපතමයෙකු සමග පවසා ඇත්තේ.

RK සහ සජිත් අතර බරපතල විරසකයක් පවතින අතර පසුගිය රාජපක්ෂ රජය සමයේ රනිල්ට එරෙහිව සජිත්ගෙන ගිය මෙහෙයුමට එරෙහිව සජිත්ට ඩ ගැසිමට වෙබ් සහ පුවත්පත් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවිම මෙම විරසකයට ප්‍රධාන ලෙස බලපැම් කල අතර එජාප නායකත්වය සම්බන්ධයෙන් සජිත් මෙන්ම RK ද බරපතල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින බව කවුරුත් දනී.

ලබන 27 වැනිදායින් කොමිසමේ සාක්ෂි කැඳවීම අවසන් වීමට නියමිත අතර, තවදුරටත් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව කොමිසමේ නිර්දේශ අඩංගු අවසන් වාර්තාව ලබන මාසයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, ඉන්පසු නීතිපතිවරයා විසින් අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණය හමුවේ මේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ව නඩු පැවරීමට නියමිත ය.

මේ අතර සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්‍රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්‍ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්‍ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම වැළැක්වීමට ක්‍රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්‍රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්‍රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්‍රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි.

Top