LNN SPY

මහාචාර්ය නලින් වියත්මග,එළිය හදිසියේ කැදවයි … සිංහල ව්‍යාපාර පාදධ සංවිධාන වෙයි.. ගෝඨාභය බැසිල්ගෙන් බේරගන්න මෙහෙයුමක් ! 19 ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්!

Published on: Nov 28, 2019- ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා සක්‍රීය දායකත්වයක් දැක්වු වියත්මග සහ එළිය සංවිධානයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ඊයේ රාත්‍රීයේ හමුවි සාකච්ඡාවක් පවත්වා ඇති බව කොළඹ අප දේශපාල වාර්තාකරු සදහන් කළා.මහාචාර්ය නලින්ද සිල්වාගේ ආරාධනයකට අනුව මෙම හමුව් පවත්වා ඇති අතර චන්න ජයසුමන,සීතා අරබේපොල,කමල් ගුණරත්න,ගෙවිදු කුමාරතුංග යන අය එම අවස්ථවට එක්ව තිබේ.කෙසේවෙතත් එළිය සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙම අවස්ථාවට කැදව සිටියේ නෑ.

පාදධ සිංහල ව්‍යාපාර අතුගා දැමිය යුතුයි….

ගෝඨාභය රාජපක්ෂ පාලය ආරක්ෂා කිරිමට ඇති බරපතලම බාධකය මේ වනවිට ගෝඨාභය වටා සිටින මහින්ද රාජපක්ෂ පසුගිය වසර 10ක කාලය තුල කරලියට ගෙන ආ පාදධ සිංහල ව්‍යාපාර බව පෙන්වා දි ඇති නලින්ද සිල්වා ඒ හේතුවෙන් පසුගිය සමයේ සක්‍රියව රටේ විවිධ අකාරයෙන් ක්‍රියාත්මක වු පාදධ සිංහල ව්‍යාපාර සහ එවා පසුපස සිටින පුද්ගලයන් වහාම අකර්මණ්‍ය කලයුතු බවද සදහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කර ගැනිම සදහා මහින්ද රාජපක්ෂගෙන් මෙන්ම බැසිල් රාජපක්ෂගෙන් වෙන්කර තැබිම අතිශයෙන් වැදගත් වන බව පෙන්වා දුන් නලින්ද සිල්වා ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කර ගැනිම සදහා දිර්ඝ වශයෙන් කරුනු දක්වා තිබේ.

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කර ගැනිම

“බැසිල් ගෝඨාභයගෙ ජනාධිපතිධුර අපේක්‍ෂකත්වයට විරුද්ධ ව හිටියෙ. ඒත් පස්සෙ කපන්න බැරි අත ඉම්බා. ඒ සඳහා ප්‍රකාශත් කළා. දිනන්න නම් ශ්‍රී ල නි ප සමග එකතු වෙන්න ඕන කියලත් කිව්ව. ඒ ප්‍රකාශය හොඳයි. හිතන්න එපා ගෝඨාභයට 52.25%ක් ලැබුණෙ පොහොට්ටුව හින්ද කියල. මා මුල ඉඳන් කිවුවෙ ගෝඨාභය වෙනින් ලකුණකින්, වෙනින් පක්‍ෂයකින් ඉදිරිපත් වුනා නම් හොඳය කියල. පස්සෙ සියල්ලන් ම තීරණය කළා පොහොට්ටුවෙන් තරග කරන්න. ඒත් හිතන්න එපා මා ඡන්දය දුන්නෙ පොහොට්ටූවට කියා. මා ඡන්දය දුන්නෙ ගෝඨාභයට මිස පොහොට්ටුවකට නොවෙයි. මා හිතන්නෙ එලෙස ඡන්දය දීපු අය තවත් ඉන්නව කියා. ”

“අද කියන්න තියෙන්නෙ එක දෙයයි ඒ ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කර ගමු කියලා. මේක කිව්ව ගමන්  පොහොට්ටුවෙ අනුගාමිකයන් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නොවෙයි. මා බැසිල්ගෙන්වත් ගෝඨාභයගෙන්වත් කිසිවක් බලාපොරෙත්තු වන්නෙ නැහැ. මට අවශ්‍ය මේ අවස්ථාවෙ ගෝඨාභය හා ආණ්ඩුව ආරක්‍ෂා කිරීම පමණයි ”

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හරියටම දෙකට බෙදිය යුතු බව පෙන්වා දි ඇති මහාචාර්ය නලින්, මහින්ද -රනිල් අතර තිබේන ඩිල් සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් අදහස් දක්වා තිබේ. රනිල් යනු කපටියෙකු බවත් උපක්‍රමශීලීව බලය ලබා ගැනිම සදහා මහින්දව රවටා ගැනිමට රනිල් සමත්ව ඇති බවයි නලින් එහිදි පෙන්වා දි ඇත්තේ.

19 ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්!

19 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරිමට කටයුතු කල යුතු බවත් ඒ හරහා ගෝඨාභය අතට විධායක බලතල ලබාදියතු බව පෙන්වා දුන් මහාචාර්යවරයා ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය මෙන්ම මහින්ද පිළද සිටින බව පෙන්වා දි තිබේ.

ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා සමාජයෙ මතයක් ගොඩනැගිමට වියත්මග සහ එළිය එක්ව රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විමටද එහිදි සාකච්ඡා කර තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරතනද එහිදි අදහස් දක්වා ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියද අංශ ප්‍රධානි කපිල හෙන්දා විතාරණ සියලු කටයුතු මෙහෙයවනු ලබන බවයි.සජිත් පිළ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව සහ HEට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබේන බවත් පෙන්වා දි ඇති කමල් ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට  වෙනම කණ්ඩායමක් මෙ වනවිට  කටයුතු කරන බවද සදහන් කර තිබේ.

 

Top