Breaking
24 Feb 2025, Mon

මහින්දගේ,බැසිල්ගේ තනතුරු ලැයිස්තු ගෝඨා ඉවත දමයි… 19 යෙ බල අරගලය උග්‍ර අතට… ගෝඨා ශ්‍රිලනිපයේ බලය ඇල්ලිමේ මෙහෙයුමක

Published on: Dec 12, 2019 – සංස්ථා සහ අධිකාරි ආයතන වෙනුවෙන් සභාපතිවරුන් පත්කිරිම සදහා බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විසින් යවන ලද නාම ලැයිස්තු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් අර්බුදයක් හටගෙහ තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බැසිල් රාජපක්ෂ විසින් 15 දෙනෙකුගේ නාම ලේඛනයක් සකස් කර යවා ඇති අතර එයට ජනාධිපති මාධ්‍ය එකකයට 3 දෙනෙකු ඇතුලත් කරන ලෙසටද ඉල්ලා තිබේ.මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 30 දෙනෙකුගේ නාම ලේඛනයක් යොමුකර ඇති අතර ඒ හරහා මහින්දලාගේ මුදල් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන් 5 දෙනෙකු රාජ්‍ය බැංකු කිහිපයක ඉහල තනතුරු සදහා නිර්දේශ කර යවා තිබේ. කෙසේවෙතත් එම නාම ලේකන දෙකම ඉවත දැමිමට ජනාධිපතිවරයා කටයුතුකර තිබේ.

19 යේ බල අරගලය…….

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරිම සම්බන්ධයෙන් මේ වනවිට රාජපක්ෂලා අතර හටගෙන තිබේන අර්බුදය මෙම පත්කිරිම් සදහා සaජුවම බලපෑම් එල්ල කරන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.19ය අහෝසී කිරිම් සදහා 2/3ක බහුතරයක් ලබා ගැනිම වෙනුවෙන් ගෝඨා සටන් කරද්දී 19 අහෝසි නොකර තබා ගැනිම සදහ 2/3 අහිමිකර ගැනිම සදහා මහින්ද වෙනම සටනක ආරම්භ කර තිබේ.මේ ප්‍රශ්ණ දෙකෙහිම ඩීල් කරුවා බවට පත්ව සිටින රනිල් සාගල හරහා ගෝඨාභය මෙන්ම වජිර හරහා මහින්දවද ඩිල් කරමින් එක්සත් ජාතික ඩිල් පක්ෂය මෙහෙයවමින් සිටි.

ගෝඨාට ඇති අභියෝගය …

19ය අහෝසි කිරිම සදහා අනිවාර්යයෙන්ම 2/3ක බහුතරයක් ලබා ගැනිම  ගෝඨාභය සිදුකල යුතුමය.නමුත් ප්‍රශ්ණය වි ඇත්තේ මහින්දගේ සහ බැසිල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හරහා එම බලය ලබා ගැනිම හරහා 19 අහෝසි කිරිමට මහින්ද හෝ බැසිල් එකග නොවිමයි.ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ගෝඨා කල්ලිය දිර්ඝ වශයෙන් සාකච්ඡාකරමින් සිටි. මහචාර්‍ය නලින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන වියත්මග සහ එළිය වියතුන් මේ වනවිට ගෝඨාභයට යෝජනා කර ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ සභාපති මෛත්‍රීපාල සිරිසෙන සමග ඩිල් කර ශ්‍රිලනිප බලය ගෝඨා විසිල් අල්ලා ගත යුතු බවත් පසුව ශ්‍රිලනිපය ප්‍රමුඛ නව සන්ධානයකින් මහ මැතිවරණයයට තරග කලයුතු බවයි.ඒ හරහා මන්ත්‍රීවරුන් 50ක් අවම වශයෙන් තමන්ගෙ අය  තොරා ගැනිමට හැකිවුවහොත් ඒ හරහා 19 අහෝසි කිරිමට හැකිවනු ඇති බවයි ගෝඨාභයගේ උගතුන්ගේ අදහස වි ඇත්තේ.

ගෝඨා ශ්‍රිලනීපයට ඉව ඇල්ලිම..

ශ්‍රිලනිපය අල්ලා ගනිමේ මෙහෙයුම මේ වනවිට දියත් කර ඇති ගෝඨාභය ඒ සදහා සිරිසේනගේ ඩිල් සහොදරයා වන හාල් මාෆියාකරු ඩඩ්ලි සිරිසේන ඒ සදහා යොදවා තිබේ.එක් පැත්තකින් ජනාධිපති සිරිසේනගේ කැමත්ත මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත ගෝඨාභයට ලබාදිම ඩඩ්ලිට භාර දි ඇති මෙහෙයුම වේ.ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ඇතැම් මන්ත්‍රීවරුන් ගෝඨාභයට සහය ලබාදිම සදහා එකතු කර ගැනිමටද මේ වනවිට ඔහු කටයුතු කරමින් සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.