LNN SPY

මහින්ද,ගෝඨා,බැසිල් පරාජය බාරගනී… ජවිපෙ නායකයින් හමුවි දෙවන මනාපය හිගා කෑ හැටි….. ගෝඨාභයට සියයට 44යි… පොහොට්ටුවේ ගමනක නිමාව…. (විඩියෝ)

Published on- Oct 17, 2019 විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අතර සිදුවු රහසිගත සාකච්ඡාවක තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.

නොවැම්බර් 16 වෙනිදා පවත්වන ජනාධිපතිවරනයේදි පොහොට්ටුව ලබා ගත හැකි උපරිම ඡන්ද ප්‍රමාණයක ලක්ෂ 45 ක් බව මෙහිදු රාජපක්ෂවරුන් පෙන්වා දී ඇති අතර ලක්ෂ 45 ක් ඡන්දය ලබා ගෙන රටේ ජනාධිපති වීමට නොහැකි බවයි පවසා ඇත්තේ.

යම් හෙයකින් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් 50% ක් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන මනාපය ගනන් ගැනීමට සිදු වන නිසා මාලිමාට ඡන්දය දාන ඡන්දය දායකයන්ට සිය දෙවන මනාපය ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන ලෙස ඉල්ලා සිටිය හැකිදැයි මෙහිදි මහින්ද රාජපක්ෂ බොහොම යටහත් ලෙස අනුර කුමාර දිසානායකගෙන් විමසා ඇත්තේ.

නමුත් එයට නිශ්චිත පිළිතුරක් ජනතා විමුක්ති පෙරමුණු පාර්ශවයෙන් නොලැබුණු බවයි අප වාර්තා කරු සඳහන් කළේ.

එම සාකච්ඡාව් සම්බන්ධයෙන් අද ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට අනාවරණය කළා…



Top