LNN SPY

මහින්ද,ගෝඨා,බැසිල් … මෛත්‍රී ලග වැද වැටේ….. “පොහොට්ටුවට” සහය දෙන්න මෛත්‍රී අගමැතිකම ඉල්ලයි!

Published on: Sep 29, 2019 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනිමට අවශ්‍ය නම් 2019 ජනාධිපතිවරනය ජයග්‍රහණය කිරිමෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රි ලනීප සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදෙන බවට ලිඛිත ලියවිල්ලක් අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට දැනුම් දිමට සුදානම් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණට නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව අපහසු බවත් රට වෙනුවෙන් පක්ෂ දෙක එක් කරන්නට අවශ්‍ය තීන්දුවක් ගන්නා ලෙසත් පොහොට්ටු පාර්ශවය ජනාධිපතිවරයා ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද,ගෝඨා,බැසිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් හමුවු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය එහිදි මෛත්‍රී දැනුම් දි තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙසටයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලකුණ පිළිබඳව ගැටළුව පිළිබඳව වැඩිදුරටත් සාකච්චා කරමින් පොදුජන පෙරමුණු පාර්ශවය කියා සිට ඇත්තේ පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගැනීම මේ මොහොතේ සුදුසුවන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගත යුතු බව බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ද විමසීමක් කළ යුතු බව. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා රැස්වීමට නියමිතව තිබේන අතර එහිදි ජනාධිපතිවරණයට සහය ලබාදිම සදහා අගමැතිකමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම යෝජනා කලයුතු බවට යෝජනාවක් ගෙන එමට සුදානමක් තිබේන බවයි වාර්තා වන්නේ.

මිට අමතර පොහොට්ටුවට අමතරව අනුර කුමාර දිසානායක,මහේෂ් සේනානායක මෙන්ම සජිත් ප්‍රේමදාසට සහය ලබාදිම සම්බන්ධයෙන්ද නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල සාකච්ඡා කිරිමට නියමිතව තිබේන බවද වාර්තා වේ.

මේ අතර සාකච්ඡාවලින් පසුව පැවැති උත්සවයකදිද මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැම්බරයේදී තමන්ගේ දේශපාලන ගමන ගැන සටහනක් තබා තිබුනා.

Top