Breaking
23 Feb 2025, Sun

මහින්ද,ගෝඨා,රනිල්,දිනේෂ්ගේ නිවසේ හමුවක … විපක්ෂ නායකත්වය නැති උනොත්,පක්ෂ නායකත්වයත් නෑ… රුවන්,තුසිත ගැන රනිල් අවුලක!

Published on: Nov 22, 2019 –රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් සිටියද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කරන බව වත්මන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය අතහැරිමට පෙර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි එම පොරොන්දුව මහින්ද ලබාදි තිබේ.

කූප්‍රකට දිනේෂ් වීරක්කොඩිගේ නිවසේ හමුවක්!

දින දෙකකට පෙර ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය’ නැමති පොතක් ලියු අගමැතිගේ නිළනොලත් උපදේශකවරයකු ලෙස කටයුතු කල කූප්‍රකට දිනේෂ් වීරක්කොඩිගේ නිවසේ මෙම සාකච්ඡාව පැවැති අතර එම සාකච්ඡාවට අනුව ජනාධිපතිවරණයේදි සජිත් පරාජය කිරිම සදහා දිර්ඝ කාලින කුමන්ත්‍රණයක් දියත්ව තිබු බවද අනාවරණය වි තිබේ.මහින්ද,ගෝඨාභය සමග දිනේෂ්ගේ නිවසේ පැවැති සාකච්ඡාව සදහා  රනිල් සමග සාගලද එක්ව තිබේ.

විපක්ෂ නායකත්වය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර අඩු වුවද එය පවත්වාගෙන යැමට අවශ්‍ය පුර්වාදර්ශ 2015න් පසුව පැවැති පාර්ලිමේන්තුව අවශ්‍ය ප්‍රමාණයට පෙන්වා ඇති බවද මහින්ද පෙන්වා දි තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල ඇතුලු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට විපක්ෂ නායකත්වය සජිත්ට ලබාදිම සදහා කටයුතු කරමින් සිටින බව එහිදි පෙන්වා දි ඇති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වය අහිමි වුවහොත් පක්ෂ නායකත්වය පවත්වා ගෙන යැමට අවස්ථාවක් නොලැබෙන බවද රනිල් එහිදි පෙන්වා දි තිබේ.

රුවන්,තුසිත ගැන රනිල්ගේ සහ සාගලගේ අවුල…

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමාට එරෙහිව සංවිධානය කිරිම පසුපස මංගල සමරවිරගේ සමීපතමයන් දෙදෙනෙකු වන රුවන් ෆර්නැන්ඩස් සහ තුසිත හල්ඔලුව දෙදෙන සිටින බවද රනිල් එහිදි පවසා තිබේ.සජිත් ජනාධිපති අපේක්ෂකයා දක්වා ගෙන එමත් මේ වනවිට පක්ෂ නායකත්වය සජිත්ට ලබාදිම පසුපස ඇති මෙහෙයුමත් ඔහුන් ඇතුලු කල්ලියක් විසින් මෙහෙයවනු ලබන බවද රනිල් එහිදි පෙන්වා දි තිබේ.

එම සාකච්ඡා සදහා එක්ව සිටි අගමැතිගේ සමීපතම සගයා වන සාගල රත්නායක රුවන් සහ තුසිත ඉවරයක් නොකර රාජපක්ෂලාට දේශපාලනය කිරිමට නොහැකි වනු ඇති බව පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් මහින්ද සහ ගෝඨා රනිල්ගේ සහ සාගලගේ  ප්‍රකාශයන් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදි නොමැති අතර රනිල්ගේ ආරක්ෂාව සදහා තවත් පොලිස් නිළධාරින් 1000ක් අනුයුක්ත කිරිමට කටයුතු කරන බව මහින්ද පොරොන්දු වි තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පැය 2කට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවේදි වඩාත් මතුව පෙනුන කාරණය වි ඇත්තේ ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස පරාජය කිරිම වෙනුවෙන් පැහැදිලි කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.