Featured

මහින්ද දේශප්‍රියට ඉන්දීය රුපියල් බිලියන 3ක්!

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නමට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර හොන්කොන් ෂැන්හයි බැංකුවේ (HSBC Bank Malaysia) ඉන්දීය රුපියල් බිලියන 3ක් ඉක්මවු මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරිමට ඉන්දීය “රෝ”සංවිධානය හරහා කටයුතු කර තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් සදහන් කරයි.

රෝ සංවිධානය හරහා අදාළ මුදල් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ඉන්දීය රජය කෙලින්ම සම්බන්ධ වි ඇති බවත් එම මුදල් තැන්පත් කරනු ලැබුවේ කවර හේතුවක් පදනම් කරගෙන යන්න තහවුරු කරගෙන නෑ.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල ක්‍රියාකාරිත්වය තුලින් මැනගත යුතුය.

[box type=”info” ]මේ අතර මහනුවර, කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්වල මැතිවරණ ප‍්‍රතිඵලයේ යම් අස්වාභාවික බවත් දක්නට ඇති බවත් එය අධ්‍යනය කරමින් සිටින බවත් කී ඔහු කලින් සූදානම් කරන ලද ආකාරයේ ප‍්‍රතිඵලයක් සමහර දිස්ත‍්‍රික්කවල ඡන්ද ප‍්‍රතිඵල තුළ දක්නට ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද සදහන් කළා.[/box]

කියවන්න –මැකො,රනිල්,මෛත්‍රී මැතිවරණය කොල්ල කෑ හැටි

මැතිවරණයට පෙර දහසකුත් එකක් ඡන්ද නීති කඩා තිබුනද, මැතිවරණ දිනයේදීම ඊට අදාළ සිදුවීම් 23ක් හේතුවෙන් එක් දිනක් තුල තිස්පස් (35) දෙනෙක් අත්අඩංගුවට පත්වු අතර එවැනි විශාල පිරිසක් අත්අඩංගුවට පත්වු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව එය බව එජාපයේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන්ම හෙලි කළේ එදිනම පුවත් සාකච්ඡාවක් කැදවමිනි.නීතිවි‍රෝධි ප්‍රවාහනයේ යෙදුණු වාහන නවයක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවද ඔහු අනාවරණය කළා.මිට අමතරව මන්නාරමේ මුදල් බෙඳමින් කැළෑ නීතිය ක්‍රියාත්මක කළ බවද ඔහුන් පෙන්වා දුන්නා.

නමුත් සවස වන විට ජනාධිපතිවරයා සහ  මැතිවරණ කොමසාරිස්වරයා ‘සාමකාමී සාධාරන’ ඡන්දයක් පැවැත්වූ බව ප්‍රකාශ කළා.ඉතිහාසයේ ප්‍රථම වතාවට පවා සිදුවු  පසු එය සාමකාමී මැතිවරණයක් නම් ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොවන මැතිවරණ වලට කියන නම කුමක්දැයි ඔය ගිරවුන් දෙදෙනාම පැහැදිලි කළ යුතුය.

2010 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක සවස පැහැරගෙන නොදන්නා තැනක සිට මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය කළ අතර මාධ්‍ය හමුවට පැමිණි සැනින් ඔහු කීවේ තමාට ආතතිය හැදුනු බවයි. එකළ මහින්ද දේශප්‍රිය දයානන්ද දිසානායක ගේ දෙවැනියා විය.

ආණ්ඩු වෙනස් කිරිමේ ක්‍රියාවලියට ඉන්දීය රෝ සංවිධාන මැදිහත් විම්…

[box type=”warning” ]මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙන දේශප්‍රේමි බලවේග මර්දණය කර රාජපක්ෂලා වැට්ටිම සදහා ඉන්දිය රජයේ නියෝගය මත “රෝ” සංවිධානයේ ප්‍රබලයන් කිහිපදෙනකු දිවයිනට පැමිණ තිබේන බව ලංකා නිවුස් වෙබ් ටුඩේ ඔත්තු සේවාවන්ට අනාවරණය වි තිබේ.[/box]

මහින්ද,විමල් වට්ටන්න “රෝ” දිවයිනට

Top