අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඇතිව ඇති ඉමහත් ආන්දෝලනය හෙතුවෙන් මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් කැළඹෙයි…  mahinda.info වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක ලිපියක් පලකර තිබේ.අවස්ථා ගණනාවකදි අප කල අනාවරණයන් සහ ඔහුන් කරන ලද අනාවරණයන් අනුව මැතිවරණයේ ඡන්ද කොල්ලය පිළිබඳව ජනතා තින්දුව ගන්න…

එම ලිපිය මෙතනින් කියවන්න –මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් කැළඹෙයි…

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නමට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර හොන්කොන් ෂැන්හයි බැංකුවේ (HSBC Bank Malaysia) ඉන්දීය රුපියල් බිලියන 3ක් ඉක්මවු මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරිමට ඉන්දීය “රෝ”සංවිධානය හරහා කටයුතු කර තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් සදහන් කරයි.

රෝ සංවිධානය හරහා අදාළ මුදල් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ඉන්දීය රජය කෙලින්ම සම්බන්ධ වි ඇති බවත් එම මුදල් තැන්පත් කරනු ලැබුවේ කවර හේතුවක් පදනම් කරගෙන යන්න තහවුරු කරගෙන නෑ.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල ක්‍රියාකාරිත්වය තුලින් මැනගත යුතුය.

[box type=”info” ]මේ අතර මහනුවර, කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්වල මැතිවරණ ප‍්‍රතිඵලයේ යම් අස්වාභාවික බවත් දක්නට ඇති බවත් එය අධ්‍යනය කරමින් සිටින බවත් කී ඔහු කලින් සූදානම් කරන ලද ආකාරයේ ප‍්‍රතිඵලයක් සමහර දිස්ත‍්‍රික්කවල ඡන්ද ප‍්‍රතිඵල තුළ දක්නට ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද සදහන් කළා.[/box]

කියවන්න –මැකො,රනිල්,මෛත්‍රී මැතිවරණය කොල්ල කෑ හැටි

මැතිවරණයට පෙර දහසකුත් එකක් ඡන්ද නීති කඩා තිබුනද, මැතිවරණ දිනයේදීම ඊට අදාළ සිදුවීම් 23ක් හේතුවෙන් එක් දිනක් තුල තිස්පස් (35) දෙනෙක් අත්අඩංගුවට පත්වු අතර එවැනි විශාල පිරිසක් අත්අඩංගුවට පත්වු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව එය බව එජාපයේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන්ම හෙලි කළේ එදිනම පුවත් සාකච්ඡාවක් කැදවමිනි.නීතිවි‍රෝධි ප්‍රවාහනයේ යෙදුණු වාහන නවයක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවද ඔහු අනාවරණය කළා.මිට අමතරව මන්නාරමේ මුදල් බෙඳමින් කැළෑ නීතිය ක්‍රියාත්මක කළ බවද ඔහුන් පෙන්වා දුන්නා.

නමුත් සවස වන විට ජනාධිපතිවරයා සහ  මැතිවරණ කොමසාරිස්වරයා ‘සාමකාමී සාධාරන’ ඡන්දයක් පැවැත්වූ බව ප්‍රකාශ කළා.ඉතිහාසයේ ප්‍රථම වතාවට පවා සිදුවු  පසු එය සාමකාමී මැතිවරණයක් නම් ප්‍රචන්ඩ ක්‍රියා සිදු නොවන මැතිවරණ වලට කියන නම කුමක්දැයි ඔය ගිරවුන් දෙදෙනාම පැහැදිලි කළ යුතුය.

2010 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක සවස පැහැරගෙන නොදන්නා තැනක සිට මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය කළ අතර මාධ්‍ය හමුවට පැමිණි සැනින් ඔහු කීවේ තමාට ආතතිය හැදුනු බවයි. එකළ මහින්ද දේශප්‍රිය දයානන්ද දිසානායක ගේ දෙවැනියා විය.

ආණ්ඩු වෙනස් කිරිමේ ක්‍රියාවලියට ඉන්දීය රෝ සංවිධාන මැදිහත් විම්…

[box type=”warning” ]මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙන දේශප්‍රේමි බලවේග මර්දණය කර රාජපක්ෂලා වැට්ටිම සදහා ඉන්දිය රජයේ නියෝගය මත “රෝ” සංවිධානයේ ප්‍රබලයන් කිහිපදෙනකු දිවයිනට පැමිණ තිබේන බව ලංකා නිවුස් වෙබ් ටුඩේ ඔත්තු සේවාවන්ට අනාවරණය වි තිබේ.[/box]

මහින්ද,විමල් වට්ටන්න “රෝ” දිවයිනට

පසුගියදා හොර රහසේම  ලංකාවට රිංගු ජාත්‍යන්තර නිරික්ෂණ කණ්ඩායම් සහ රාජ්‍ය බුද්ධි අංශය(NIB) එක්ව වත්මන් දේශපාලන තත්ත්වය අනුව මහ මැතිවරණයේ ආසන බෙදියාම සම්බන්ධයෙන් පසුගිය මැතිවරණ 3ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණ වාර්තාව ඊයේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට භාරදි තිබේන බව  LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.යුරෝපා රටවල් කිහිපයකම නියෝජිතයන් 5 දෙනෙකු මෙම සමීකරණය සදහා සහභාගි වි ඇති බවද අප වාර්තාකරු සදහන් කළේ.

එම විශ්ලේෂණයට අනුව මේ පවතින තත්ත්වය අගෝස්තු 17 වැනිදා දක්වා පැවතියහොත්  මහින්දගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ආසන 127ක් සහ එක්සත් ජාතික පක්ෂයට ආසන 68ක් ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක් ද්‍රවිධ ජාතික සන්ධානයට ආසන 11ක් සහ උතුරේ තවත් දේශපාලන පක්ෂ අතරේ ආසන 6ක් බෙදි යා හැකි බවද පෙන්වා දි තිබේ.

මිට අමතරව පවතින රජයට ගෙවෙන සති කිහිපය තවදුරටත් අවාසිදායක තත්ත්වයන් නිර්මාණය කල හැකි බවත් මහින්ද ප්‍රමුඛ කණ්ඩායම මර්දණය කිරිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් සහිත නිර්දේශයන්ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව ලබාදි තිබේ.

 

 

Top