Breaking
19 Feb 2025, Wed

ම්ලේච්ඡත්වය පරාජය කරමු! අන්තවාදීන්ට හිස එසවිමට ඉඩ නොදෙනු!

පකිස්තානයේ සියල්කොට් හි කර්මාන්ත ශාලාවට එල්ල වූ බිහිසුණු අමානුෂික ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු ගිනි තැබීම පිළිබඳව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවධානය යොමුව ඇති අතර වහාම නීතිය ක්‍රියාත්මක කිරිම සදහා පාකිස්ථාන අගමැතිවරයාද මැදිහත්ව තිබේ. (මෙම පුවතේ ඝාතනයට අදාළ විඩියෝ අඩංගු වි ඇති බැවින් නැරඹීමට පෙර කල්පනාකාරී වන්න. )

කෙසේවෙතත් සිය දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම ප්‍රහාරය යොදා ගැනිම සදහා රටතුල සිටින ආගමික අන්තවාදීන් කටයුතු කරමින් සිටින බවට මේ වනවිට තොරතූරු අනාවරණය වෙමින් තිබේ.

මේ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මේම ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සියල්කොට් හි කර්මාන්ත ශාලාවට එල්ල වූ බිහිසුණු අමානුෂික ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු ගිනි තැබීම අපි තරයේ හෙළා දකිමු. එමෙන්ම මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන සැකකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්තාන නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියට අපගේ ප්‍රශංසාව ද පුදකර සිටිමු.

මෙම ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. විපතට පත් අයගේ පවුලේ උදවියට සැනසුම, සාධාරණය අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර ඒ වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.

ලෝකවාසී සියලු පුරවැසියන්, නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් ප්‍රජාවන් අතර තිරසාර සහෝදරත්වය ගොඩනැගීම සඳහා මානුෂීයව ක්‍රියා කරමින් අපගේ අනාගත පරම්පරාවට යහපත් පරිසරයක් දායාද කිරීම අපගේ අවංක බලාපොරොත්තුවයි.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

All Ceylon Jamiyyathul Ulama (ACJU)

(මෙම පුවතේ ඝාතනයට අදාළ විඩියෝ අඩංගු වි ඇති බැවින් නැරඹීමට පෙර කල්පනාකාරී වන්න. ) පහලට

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.