Featured

මාතර සටන උග්‍රවෙයි… නිරෝෂන් එලියට …. මහින්දලාගේ ඥාති පුතා පෙරටම! මංගලගේ ඉවත් විමෙන් UNP,JVP යට අවස්ථාවක්!

Published on: Jun 15, 2020- ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ලැයිස්තුවෙන් පත්විමට සිටින මන්ත්‍රීවරුන් 5 දෙනා අතරට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කල විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට පත්විමට අවස්ථාවක් නොමැති බව මාතර අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊට හේතුව වි ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 6ක් දිනා ගැනිමට පොහොට්ටුව කලින් හිතාගෙන සිටියද මංගලගෙ හදිසි අස්විමත් සමග එය දක්වා පහලට වැටිමයි.මෙවර මහින්ද රාජපක්ෂගේ පවුලේ සමීපතම ඥාති පුත්‍රයේකු වන නිපුණ රණවක මාතරින් පත්විමට අවස්ථාව උදා විමත් සමග නිරෝෂන්ට මන්ත්‍රීධුරය අහිමි විමට නියමිතයි.

මාතර පොහොට්ටුවේ අපේක්ෂකයින් ද්වන්ද සටනක යේදි සිටින අතර මහ මැතිවරණ සටන සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරු 06දෙනෙක් තරග බිමට පිවිස සිටින නමුත් රාජපක්ෂලාට සමීප නෑකම් කියන නිපුණ රණවක, වීරසුමන වීරසිංහ ද සිටිම නිරෝෂන් දොට්ට වැටිමට ප්‍රධානම හේතුව වි තිබේ.නිපුන රණවකට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වීමට ද සිදු අතර ඔහුට ප්‍රධාන වශයෙන් එරෙහි වුවන් අතර විමල්ගේ ගෝලයා වන නිරෝෂන් සිටිම ඔහු විසින්ම වල කපා ගැනිමක් බවයි මාතර දේශපාලන වාර්තා සදහන් කළේ.

නිපුණ රණවක රාජපක්ෂ විසින් සමස්ඨ මාතර දිස්ත්‍රික්කයේම පොදුජන පෙරමුණු පක්ෂ සංවිධායක කටයුතු කළමනාකරණය සදහා “බලයලත්” පුද්ගලයා ලෙස ක්‍රියාකිරීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුට නිපුණ රණවක රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සිදුවී තිබේ.

නිපුණගේ කැම්පෙන් මැනේජර් JVP ප්‍රබලයෙක්!

රාජපක්ෂ පරපුරේ ලේ ඥාතියකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මෙහිදී නිපුන වෙනුවෙන් කැපවීමක් මෙන්ම පරිත්‍යාගයක් ද සිදුකල් අතර අරුණ ගුණරත්න සිය අපේක්ෂක ධුරයද නිපුනට පරිත්‍යාග කළේය.නිපුන රණවකගේ මැතිවරණ ප‍්‍රචාරක කළමණාකරු වන්නේ ජ.වි.පෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරයකු වූ වත්මන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහය.

ඒ අනුව යාපා මහින්ද අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම,කංචන විජේසේකර,වීරසුමන වීරසිංහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ,නිපුණ රණවක මෙවර මාතරින් පත්විමට නියමිතයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික්කය එවකට නියෝජනය කල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීධුර 5ක් දිනාගත් අතර එජාපයට මන්ත්‍රීධුර 3ක් දිනාගැනිමට හැකිවිය. එහිදි ලක්ෂ්මන් යාපා පරාජයට පත්වු අතර පසුව මෛත්‍රීගේ පිහිටෙන් යලිත් ජාතික් ලැයිස්තුවේන් පත්විමට ඔහු සමත් විය.මේ වනවිට ඔහු නියෝජනය කරන ආසන කිහිපයකම බලය තහවුරු කර ගැනිමට සමත්ව ඇති අතර යලි මන්ත්‍රීධුරයට පත්විමට අවශ්‍ය ඡන්ද පදනම ඔහු විසින් සකස් කරගෙන ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව නිරෝෂන්ගේ අවස්ථාව මේ වනවිට නිපුණ රණවකට හිමි විමට නියමිත අතර නිපුණ වෙනුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයෙ මාතර ආසනය ඉලක්ක කරගනිමින් දැවැන්ත මැතිවරණ ප්‍රචාරණයක් ආරම්භ කර තිබේ.

විමල් වීරවංශගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට සහභාගී වීම මෙන්ම මන්ත්‍රී වු සැනින් තලවතුගොඩ – හෝකන්දර පාරේ ඉඩමක් මිලදී ගෙන TRENDY නමින් සුවිසල් සුපිරි වෙළඳ සැලක් ආරම්භ කිරිම සදහා රුපියල් කෝටි 8 කට ආසන්න වියදමක් දැරිම,යන කරුණු සම්බන්ධයෙන් මෙ වනවිටත් එකම පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු මෙහෙයවමින් සිටි.

දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන වීරසුමන වීරසිංහ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රබලයෙක් වන අතර චන්ද්‍රසිරි ගජධීර අහිමිවිමෙන් පසුව ඔහු තවත් ශක්තිමත් විය. වීරසුමනට යහපාලන කාලයේ දී පළාත් සභාවේ ඇමැති ධුරය අහිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිසාය ඇමති තනතුරු අහිමි වුවද වීරසුමන තමන් දැරූ මතවාදයේ දිගින් දිගටම එළඹ සිටියේය. තනතුරු වෙනුවෙන් තම දේශපාලන ප‍්‍රතිපත්තිය හා දර්ශනය කිසිවිටෙක පාවා දුන්නේ නැත.ඒ නිසාම විරසුමන මහින්දගේ සමිපතමයෙකු ලෙස හිත දිනාගෙන සිටි.

සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය නිර්මාණය විමත් සමග එජාපයේ ඡන්ද පදනම බෙදිමකට ලක්වු අතර මේ වනවිට මංගල සමරවිර මහතාගේ ඉවත් විමත් සමග එජාපයේන් තරග කරන මංගලගේම සමීපතමයෙකු වන ගයාන් සංජිවට පත්විමට අවස්ථාවක් ලැබි ඇති අතර ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණටද එක් අවස්ථාවක් හිමිවිමට නියමිතයි.පසුගිය කාලය පුරාම හොරකම් සම්බන්ධයෙන් අනාවරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නේත්තිට එම අවස්ථාව හිමිවිමට නියමිතයි.මිට අමතරව සමගි ජන බලවේගය නියෝජන කරන බුද්ධික පතිරණට මන්ත්‍රීවරයෙකු ලෙස පත්විමට අවස්ථාව උදාවනු ඇත.

මාතර දිස්ත්‍රික්කය 

මාතර දිස්ත්‍රික්කය දෙනියාය ,හක්මන ,අකුරැස්ස ,කඹුරුපිටිය ,දෙවිනුවර ,මාතර, වැලිගම යන ආසනය වලින් සමන්විතයි.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 374,481 ක් වන ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 67.25% ක්. සජිත් ප්‍රේමදාස ලබාගත්තේ ඡන්ද 149,026 එය ප්‍රතිශතයක් ලෙස 26.76%ක්.

එහි දී හක්මන සහ කඹුරුපිටිය ආසනවල දී ගෝඨාභය රාජපක්ෂ 71%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගෙන තිබුන අතර එසේම ගෝඨාභය රාජපක්ෂ මාතර දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඡන්ද ප්‍රතිශතය සහ වැඩි ඡන්ද ප්‍රමාණය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු එම දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ වැඩිම ඡන්ද ප්‍රතිශතය සහ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය බවට පත් වුණා.

කෙසේවෙතත් 2015 ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂ ඡන්ද 297,823ක් ලබා ගනිමින් (57.81%) ප්‍රතිශතයක් ලබාගත් අතර මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 212,435 ලබාගනිමින් 41.24% ප්‍රතිශතයක් වාර්තා කළා.

2015 මහා මැතිවරණයේදි මනාප ප්‍රතිපලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය..

ඩලස් අලහප්පෙරුම- 150,406
නිරෝෂන් ප්‍රේමරත්න – 99,762
මහින්ද යාපා අබේවර්ධන – 97, 918
කංචන විජේසේකර -83, 278
චන්ද්‍රසිරි ගජධීර – 54, 252

එක්සත් ජාතික පක්ෂය

බුද්ධික පතිරණ 98, 815
මංගල සමරවීර – 96, 092
සාගල රත්නායක – 85, 772

Top