LNN SPY

මාස ගණනක් පඩි නෑ…. මාධ්‍ය සේවකයන් සිත FM ප්‍රවෘත්ති අංශ වසාදමයි… නාමල්ගේ ගෝලයා නිරංග සද්ද නෑ

Published on: Dec 11, 2019 – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ ඥාති ගෝලයෙකු වන නිරංග හෙට්ටිආරච්චි යොදා ගනිමින් ආරම්භ කල VIS Broadcasting Network Pvt Ltd සමාගම යට්තේ ඇති සිත FM නාලිකාවේ සේවකයන්ට මාස 4ක සිට වැටුප් ගෙවා නැති අතර ඒ හේතුවෙන් අද(12) එම ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදීන් සේවයට වාර්තා නොකිරිමට කටයුතු කර තිබේ.

මේ වනවිට ප්‍රවෘත්ති අංශය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ප්‍රවෘත්ති විකාශයද නතර වි තිබේ.මාස ගණනක් සේවකයන් පඩි නොලබාම සේවය කර ඇත්තේ ඉහල කළමනාකාරිත්වය විස්වාස කරගෙන නමුත් දිගින් දිගටම බොරු කීම නාලිකා ප්‍රධානින් පුරුද්දක් කර ගෙන තිබේන බවයි ප්‍රවෘත්ති අංශයේ වාර්තාකරුවෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ.

ඇතෑම් විධායක මට්ටමේ සේවකයන්ට මාස 5කින් පඩි ගෙවා නොමැති අතර සිත FM නාලිකාව ඉක්මනින්ම විකුණා දමන බවත් ඒ සමගම සියලුම හිග වැටුප් ගෙවන බවටද පොරොන්දු ලබාදි තිබේ.ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂගේ වෙළද දැන්විම් පවා කිසිදු අයකිරිමකින් තොරව ප්‍රචාරය කල අතර මැතිවරණ නීති කඩමින් ගෝඨාභයගේ මැතිවරණ ගීතය පවා ජාතික ගීය මෙන් විකාශය කිරිමට සිත  නාලිකාව කටයුතු කර තිබුනා. ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් කටයුතු කල මාධ්‍යවේදීන්ට ආයතන තුලදිම  තර්ජනය කිරිමේ තත්ත්වයක්ද දකින්නට තිබුනා.

සිත සුභාෂ්කරන් අල්ලිරාජාට!

මේ අතර නිරංග හෙට්ටිආරච්චි රහසේම මැලේසියානු ව්‍යාපාරිකයෙකු සමග VIS Broadcasting Network Pvt Ltd සමාගමට අයත් සංඛ්‍යාත එකක් රහසේම විකිණිමට පසුගිය කාලයේ කටයුතු කරමින් සිටි අතර පසුව ස්වර්ණවාහිනී නාලිකාව සිල්ලර ක්‍රමයට මිලදි ගත් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජාට විකිණීමට නිරංග කටයුතු කරමින් සිටියා.

කෙසේවෙතත් මාස ගණනක සිට ආයතනයේ සේවකයන්ගේ පඩි ගෙවිමට අසමත් වු නිරංග ඇතැම් සුළු සේවකයන්ට පවා වැටුප් ගෙවා ඇත්තේ 1000,500 අකාරයේ සිල්ලර ක්‍රමයකටය.

VIS Broadcasting Network Pvt Ltd සමාගම සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත්තේ 2008 අප්‍රියෙල් මස 11 වන දින වන අතර PV 63832 අංකය යටතේ ලියාපදිංචි එම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කර ඇත්තේ නැදිගමුව ලලිත් පියුම් පෙරේරා, කපිල ගාමිණී සමරසිංහ දිසානායක, රංගනී හෙට්ටිආරච්චි, කස්සප සෙනරත් යන අයයි. දෘශ්‍ය ආයෝජකයා වන්නේ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි නමැත්තාය.

ලලිත් පියුම් පෙරේරා ගෝඨාභයගේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත්කර යැවුද දින 3කට පසු ඔහු සේවයෙන් ඉල්ලා අස්වුනා.

2009 ජූලි මස 09 වන දින චීන ජනරජයෙන් මෙරටට ලැබුණු මෙම සම්ප්‍රේෂන උපකරණවල වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවත් අදාළ උපකරණ තොගය තීරුබදු රහිතව මුදාහැරී සඳහා එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලිඛිතව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයද තොරතුරු අනාවරණය කරගෙන තිබුනා.

Top