Anonymous Reporter

මුළු මාධ්‍යම ගද ගස්වමින්, විජය පුවත් පත් සමාගමේ කුණු හෝදන්නෝ දෙදෙනෙක් හැපෙති…

හොදම කුණු හොදන්නාවීමේ ගැටුමක් මුල්කර ගනිමින් සිරි රණසිංහ සහ ආරියනන්ද දොඹගහවත්ත අතර ගැටුමක් හටගෙන තිබේ.

ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුවේ හොදම කුණු හෝදන්නා බවට පත්ව සිටින විජය පුවත් පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ දිනපතා ලංකාදීප පුවත් පතේ කර්තෘ සිරි රණසිංහ ස්ලිම් සම්මාන උළෙලේදි ඉරිදා ලංකාදීප පුවත් පතේ කර්තෘ ආරියනන්ද දොඹගහවත්තට නොදැනෙන්න කනේ පහරක් එල්ල කර තිබේන බවයි වාර්තා වන්නේ.ඒ දිනපතා හා ඉරිදා ලංකාදිප පුවත් පත් දෙකට ලැබුණු හොදම පුවත් පතට හිමි සම්මානය ගැනීම සදහා සිරි රණසිංහ විසින් දොඹගහවත්ත සමග පුවත් පතේ පහලම සේවකයකු යැවීම මගිනි.

ආණ්ඩුවේ හොදම කුණු හොදන්නාවීමේ තරගයක් දිනපතා හා ඉරිදා යන පුවත් පත් දෙකේම කර්තෘවරුන්ට තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුනට ආණ්ඩුවේ වරදාන හා වරප්‍රසාද හිමිවේ.

සිරි රණසිංහ ආණ්ඩුවට අවශ්‍ය කටයුතු පුවත් පත් දෙකෙහිම පළ කරනා බවට lankaenews ඇතුලු වෙබ් අඩවිව පසුගියදා අනාවරණය කල අතර ඒ හේතුවෙන් කුණු හෝදන්නෝ අතර් ගැටුම හටගෙන තිබේන අතර රණසිංහ පමණක් උඩයාම ගැන දොඹගහවත්ත කණසල්ලෙන් සිට තිබේ.

ඒ අනුව සිරි රණසිංහ විසින් සම්මාන උළෙලට ඉරිදා ලංකාදීප පුවත් පතේ සිය හිතවතෙකු ද කැදවා එන ලෙස කළ දැනුම් දීම දොඹගහවත්ත විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට උරණ වූ සිරි රණසිංහ දොඹගහවත්ත බාල්දු කිරිමේ මෙහෙයුමක් ආරම්භ කරමින් දොඹගහවත්ත සමග සම්මානය ගැනීමට දිනපතා ලංකාදීප පුවත් පත වෙනුවෙන් එහි සිටින පහළම තරනතුරක් දරන පුද්ගලයෙකු යවා තිබේ.

දෙඹගහවත්තද කර්තෘ ධූරයට අමතරව විජයපුත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂධූරයක් ද දරණ බැවින් ඔහු සමග පහළ තනතුරක් දරන්නෙකු යවා අපහාස කිරිමට කටයුතු කිරිම ගැන ඉරිදා ලංකාදීප පුවත් පතේ කතාබහට ලක්ව තිබේ.

කෙසේනමුත් සිරි රණසිංහ සම්මානය ගැනීමට එවූ පුද්ගලයා සිය වාහනයේ නංවාගෙන යාමද දොඹගහවත්ත ප්‍රතික්ෂේප කර තිබේ. සම්මාන උත්සවයේදි ඉරිදා ලංකාදීපයට හිමි සම්මානය ගත් වහාම උත්සව සභාවෙන් පිටතට පැමිණි දොඹගහවත්ත විජය පුවත්පත් සමාගමේ ඉහළම අයෙකු අමතා සිරි රණසිංහ කළ ක්‍රියාව ගැන දැඩි ආවේගයෙන් කරුණු දක්වා තිබේන බවද වාර්තා වේ.

Top