LNN SPY

අරක්කු බෝතලයට ගහන මුද්‍රාවෙන් කෝටි ගණනක කොමිස් ගහලා…. රවී,අර්ජුන්ගේ Madras ගැහිල්ල

විදේශීය මත්පැන් ලංකාවට ගෙන එමේදි සුරාබදු දෙපාර්තමේන්තුව බදු අයකර ගැනිමක් හරහා සිදුවන මහා පරිමාණයේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.විදේශීය මත්පැන් ලංකාවට ගෙන එමේදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂිත මුද්‍රාවක් (EXCISE STAMPS WITH TRACK & TRACE) එහි තබන අතර එම මුද්‍රාව මුද්‍රණය කිරිම හරහා මෙම ජාවාරම දියත්ව තිබේන බවයි අනාවරණය වි ඇත්තේ.

අදාළ මුද්‍රාව කිසිදු ටෙන්ඩර කැදවිමකින් තොරව Madras Security Printers නැමති ඉන්දීය සමාගමකට දි තිබේන අතර ඒ හරහා අතයට ගණුදෙනු රැසක් සිදුව තිබේ.

අදාළ මුද්‍රා මුද්‍රණය කිරිම මේ වනවිට බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හරහා Perpetual Treasuries හී හිමිකරු අර්ජුන් ඇලෝසියස් ලබාගෙන ඇති අතර වාර්ෂිකව රුපියල් කෝටි 100කට අධික මුදලක් Madras Security Printers ඉන්දීය සමාගමට ගෙවනු ලබන අතර එම මුදලින් විශාල කොටසක් කොමිස් මුදල් ලෙස කිහිප දෙනෙකු අත බෙදි ගොස් තිබේ.

අදාළ විශේෂිත මුද්‍රාව ටෙන්ඩර කැඳවිමක් සිදුකර මුද්‍රණය සදහා ලබාදිමට හැකියාව හෝ රජයේ මුද්‍රණාලයේ හෝ සිදු කිරිමට හැකියාව තිබියදි කොමිස් ලබා ගැනිමේ අරමුණින් යුතුව ඉන්දීය සමාගමට ලබාදීමට කටයුතු කර තිබෙන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

වත්මන් ආණ්ඩුව පත්විමෙන් පසුවත් එම ජාවාරම ඒ අකාරයටම දියත් වන අතර මේ ආණ්ඩුවේ කිහිප දෙනෙකුද මේ වනවිට මෙම ජාවාරමට අලුතින් එකතු වි ඇති අතර සුරාබදු නිළධාරීන් පවා නොමග යවමින් ජාවාරම තවත් පුළුල් කිරිමට කටයුතු කරමින් සිටි.

සුරාබදු දෙපාර්තමේන්තුවද නොමග යවමින් ජාවාරම් කණ්ඩායම මෙම විශේෂිත මුද්‍රාව ලංකාව තුල භාවිතා කරන සියලුම මත්පැන් සදහා ඇලවිමට කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ හරහා ඉන්දීය සමාගම සමග එක්ව විශාල කොමිස් මුදලක් ලබාගැනිම මෙම කණ්ඩායමේ අරමුණ වි තිබේ.

අදාළ ජාවාරමකාරි මුල්‍ය වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරිමට මේ වනවිට කටයුතු කර තිබේන බවද වාර්තා වේ.

අරක්කු බෝතලයට ගහන මුද්‍රාවෙන් කෝටි ගණනක කොමිස් ගහන හැටි..… ස්ටිකරයක් නිසා රුපියල් බිලියනයක් රටට අහිමි වෙන හැටි!

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල් සදහා හදුන්වාදීමට යන ස්ටිකර් ක්‍රමය නිසා වසරකට රුපියල් බිලියනයක් මෙරටට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ සුරාබදු දෙපාර්තමේන්තු විසින් මිලදී ගන්නා ස්ටිකර් කේත, ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුකූලද නැද්ද යන්නයි.

අදාළ අතයට ගනුදෙනුව යහපාලන ආණ්ඩුව සමයේ සිටම දියත් වන බවත් ඒම ගණුදෙනුවට අදාළව ඉන්දියාවට වාර්ෂිකව බිලියනක මුදලක් යන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. මාසයක කාලයක් සදහා අනිවාර්යයෙන්ම මුද්‍රා (ස්ටිකර්) මිලියන 32 ප්‍රමාණයක්ම මාසීකව මිළදි ගැනිමට ආණ්ඩුව ගිවිසුමකට එකඟව් වි තිබිම හේතුවෙන් වංචනිකයන්ට පහසු වි ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ සුරාබදු දෙපාර්තමේන්තු විසින් මිලදී ගන්නා ස්ටිකර් කේත, ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුකූලද නැද්ද යන්නයි.

 

Top