LNN SPY

මෛත්‍රීගේ ජනපති සිහිනය අඤ්ඤොකොරොස් වෙයි… රනිල් ජනපති සටනට…. සජිත්ට අගමැතිකම…. එජාප ජනපති සටන හම්බන්තොටින් ඇරඹේ!

Published on: Sep 14, 2018-එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් විමටත් එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිමටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තින්දුව හේතුවෙන් යලිත් ජනපති විමට හීන බලමින් සිටින වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගෙ ශ්‍රීලනිප ඇම්බැට්ටයන් රැල දැඩි අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය රහසිගතව රැස්වු එජාප කෘත්‍යාධීකාරි මණ්ඩලයකට අනාවරණය කර තිබේන අතර ඒ සදහා එජාප  කෘත්‍යාධීකාරි මණ්ඩලය සිය එකමතික අනුමැතියද ලබාදි තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණ ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද දායකත්වය ඇතිව සැප්තැම්බර් මාසයේදී හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් අදාළ එජාප  කෘත්‍යාධීකාරි මණ්ඩලය නියෝජනය කරන එජාප ප්‍රබලයන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවි කරුණු අනාවරණ කර තිබේන අතර එහිදි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ කවුරුන් මොනවා කීවද සජිත් ප්‍රේමදාසට එජාපය තුල තැනක් සෑදිමට රනිල් වික්‍රමසිංහ සුදානම් නැති බවයි.

දැනට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් පවතින මතබේදාත්මක තත්ත්වයන් ඉදිරියේදි වෙනස් වන බවත් කිසිදු අයුරකින් ජාතික ආණ්ඩුව වෙනස් නොවන බවද මෛත්‍රී ජනපති එහිදි අවධාරණය කර තිබේ.

මේ අතර එජාප ප්‍රබලයන් දෙදෙනා සදහන් කර ඇත්තේ රනිල්ගේ මෙම මෙහෙයුම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහය දෙන බවත් මහින්දට අවශ්‍යව ඇත්තේ නාමල්ගේ කාලය උදාවන තුරු බලය හුවමාරු කිරිමක් සිදුකර ගැනිමට පමණක් බවයි.

රටේ දේශපාලන ක්ෂේත්‍රයේත්,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වයන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමත් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගයත් ඇතිව 2020 ජනාධිපතිවරණය තමාට නියත වශයෙන්ම ජය ගත හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් මේ වන විටත් ගණන් බලා අවසන් කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨයන් සදහන් කර ඇත්තේ.

මේ අතර එජාප අභ්‍යන්තරයෙන් ලැබුන එම පුවතත් සමහ ජනාධිපතිවරයා සිය ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් සමග හදිසි සාකච්ඡාවක් කැදවා ඇති අතර පසුව ඊට පසුදිනම නිවිතිගල මහජන පොළ භූමියේ පැවති නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා සදහන් කළෙ පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවත් තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බව සිහිතබා ගත යුතු බවයි.

Top