LNN SPY

මෛත්‍රීගේ ලණු ගිල්ල මහින්ද අධිකරණය හමුවේ කූජිත වෙයි…. මහින්ද රාජපක්ෂ ට සහ ඇමති මණ්ඩලයට නොතීසි!

Published on: Dec 3, 2018- මෛත්‍රීපාල සිරිසේන වැනි දුර්වලයෙකුගේ ලණු ගිල්ල මහින්ද රාජපක්ෂ ඉතිහාසයෙ දරුණුම පරාජයට අද හිමිකම් කිවා.ඒ අනුව ව්‍යවස්ථා විරෝධීව ජනපති පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර සිටියා.

ඊට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කල බවයි කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේන් අතර පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිණි.

⁣එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇති අතර මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Top