Breaking
23 Feb 2025, Sun

යාපනය රෝහලෙන් මතුවූ ලිංගික හිංසාව… හෙද සේවා ස්ථානභාර නිලධාරියා හෙද සේවිකාවන්ට ලිංගික බලපෑම් කරලා… රෝගීන්ටත් කල බලපෑම් හෙළිවේ..

Published on: Dec 13, 2019- යාපනය ශික්ෂණ රෝහලේ හෙද සේවා ස්ථානභාර නිලධාරියා ස්වකිය රාජකාරි කාලය තුළ නීති විරෝධී ඉපැයීම් මෙන්ම කාන්තා හිංසනයන් සිදුකරන බවට චෝදනා එල්ල වී තිබේ.

හෙද සේවයේ සේවිකාවන් බොහෝ දෙනෙකු මොහුගේ ලිංගික හිරිහැර කිරීම් ඇතුළු හිංසන ක්‍රියාවන් නිසා පීඩා විඳින බවත්, ඔහු යටතේ සේවය කිරීමට බලවත් අපහසුතාවන්ගෙන් පෙළෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

හෙද සේවිකාවන් ඔහුගේ රාජකාරිමය නොවන ඉල්ලීම් හා බලපෑම් නොතකා හැරීමේදී හෝ ඔහුට එරෙහිව ක්‍රියා කිරීමේදී රාජකාරිමය වශයෙන් විවිධ පැවරුම් ලබාදෙමින් අනිසි වගකීම් සහිත බරපැටවීම් හා කළ නොහැකි තරමේ රාජකාරි පවරා පීඩාවට පත් කරන බව සඳහන්ය.

යාපනයේ ශික්ෂණ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ මෙන්ම කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, වෛද්‍යවරුන් ඇතුළු කාන්තා සෞඛ්‍ය සේවකයින් 105 දෙනෙකු සහභාගි කරවා ගනිමින්  ඉතා රහසිගත ලෙස ඉහළ පෙළ රහස් පරීක්ෂකයින් විසින් ගවේෂණාත්මක අධ්‍යයනයක් සිදු කර තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු හෙදියන්, සෞඛ්‍ය සේවා සහායකයින්, පරිපාලන ක්ෂේත්‍රයේ සහ වෙනත් වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලයද මෙයට සහභාගි කරවාගෙන ඇත.

ඒ අනුව එහිදී ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් 128 ක් අත්විඳින ලද කාන්තාවන් 77 දෙනෙකු විසින් ස්වකීය අත්දැකීම් ප්‍රධාන කොටස් හතරක් යටතේ වාර්තා කරන ලදී.

එහිදී හෙද ස්ථානභාර නිලධාරියා විසින් වාචිකව ලිංගික බලපෑම් කිරීම පළමු වර්ගයයි. දෙවනුව හෙද ස්ථානභාර නිලධාරියා ඇතුළු කිහිප දෙනෙකු විසින් මානසිකව හිරිහැර කිරීමයි. තෙවනුව පරිපාලනමය හා වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ලිංගික අභිනයන් පෑම හා අනවශ්‍ය නිරාවරණය කිරීම්ය. සිව් වෙනුව හෙද ස්ථානභාර නිලධාරියා සහ වෙනත් වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් අයුතු ස්පර්ශ කිරීම්ය.

කෙසේ වෙතත් මෙවන් අකටයුතුකම්වලට ලක්වූ කාන්තාවන් පැමිණිලි කිරීමට මැලිකමක් දැක්වූ අතර, ඔවුන්ගේ රැකියා ගැන බියෙන් හෝ එසේ කළහොත් යාපනයේ ශික්ෂණ රෝහලේ කීර්ති නාමයට හානිවීමක් සිදුවිය හැකි යයි අපේක්ෂා කර තිබේ. අනෙක් අතට තවත් බොහෝ දෙනෙකු විසඳුම් සඳහා කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටිය බවද, මෙහිලා අනාවරණය විය.

මෙහිදී ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත්තේ හෙද ස්ථානභාර නිලධාරියාගේ අනීතික ක්‍රියා කලාපය වන අතර බොහෝ විට කාන්තා විවාහක හෙදියන්ගෙන්, කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ගෙන් වාචික හැසිරීමෙන් නින්දා සහගත ස්වභාවයේ විහිළු, තර්ජනාත්මක හෝ අසභ්‍ය වචන භාවිතය, ලිංගික සබඳතාවකට යෝජනා හෝ ලිංගික අනුග්‍රහයන් අපේක්ෂා කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.