LNN SPY

යුධ ජයග්‍රහණය ගිලිහීමෙන් කූජිත වූ මහින්දලා රට ගිනි තැබීමේ මෙහෙයුමක….. සහරාන් කල්ලිය යලි අවධියෙන්…… විමල්, ගම්මන්පිල,කාදිනල්, බොදුබලසේනා, දිලිත් එක පෙළට, බෝම්බ භීතියේ ඇත්ත කතාව මෙන්න ……..

Published on- Oct 16, 2019  – 2009 මැයි 18 වෙනිදා සිට බලහත්කාරයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය විසින් අත්පත් කරගෙන තිබූ යුධ ජයග්‍රහණයේ අභිමානය ඊයේ ෂැංග්‍රිල්ලා හෝලයේදි මහින්දලාගෙන් ගිලිහි ගිය ආකාරය දෙස් විදෙස් ජනතාව මේ වන විට දැක අවසන්‍ ය.

ගෝඨාගේ හිකි හිකි ගෑමත් සමඟ හමුදාවේ මෙහෙයවූවේ තම සහෝදරයා හෝ තමා විසින් නොවේ යන තිත්ත ඇත්ත එලියට ඒමත් සමඟ මහින්ද රාජපක්ෂ වියරු වැටුනද ඒ අවස්ථාවේ කළ හැකි කිසිවක් නොවන නිසා ඉවසා සිටිනු දක්නට ලැබුණා. ගෝඨාගේ සත්‍ය පැවසීමත් සමඟ මාධ්‍යවේදීන් හතර අතට ඒ ගැන හාරාවුස්සද්දි පොහොට්ටුවේ සියළු නායකයන් තත් බීරි වූවද සිය නායකයාගේ ජාමේ බේරා ගැනීම ගැන හදිසියේම සිහියට පැමිණි ලෙමන් පෆ් දේශප්‍රේමියා විමල් වීරවංශ මහින්දගේ කනට කර කියන්නේ  ‘ සර් තවත් හත්පොලේ ගාගැනීමට ඉස්සල්ලා මේක නතර කරමු වශයෙනි.’

ඒ සමඟම මාධ්‍ය සාකච්ඡාව අවසන් වූවද හවස් වෙද්දි බට කැලේට ගිනි ඇවිලුණා වගේ ලංකාව පුරා මහින්දලාගේ යුධ වීරත්වය පිළිබඳව සත්‍ය පැතිරෙද්දි ජනතාව තුළ තිබූ වීරයා යන හැගීම මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියෙන් ගිලිහෙන බවට වන ආරංචි බැසිල් රාජපක්ෂට, පොහොට්ටු කාර්යාලයට හා සියලු පොහොට්ටු නායකයන්ගේ දුරකතන වලට ලැබීමත් සමඟ ගෝඨා කළේ එසේ මෙසේ හානියක් නොවන බව සියල්ලන්ට ම ඒත්තු ගැන්විණි.

මේ හානියට පිළියම් සෙවීම සඳහා ඊයේ රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ, විමල්, ගම්මන්පිල ඇතුලු පොහොට්ටු නායකයන්ද, තමන් විසින් කිරි පොවන දේශප්‍රේමි කණ්ඩායම් වල නායකයන්ද, හිරු හා දෙරණ මාධ්‍ය නාලිකා ප්‍රධානින්ද සාකච්ඡාවකට කැඳවූ අතර ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ කැඳවූයේ නැත.

සිදු වූ දේ ගැන අම්මා මෝ විත්තියෙන් ඇමතිමට මෙම සාකච්ඡාවේදි බැසිල් කටයුතු කොට ඇති අතර මෙම රැස්වීමට ගෝඨා නොකැදවූවේ මානසික අවපීඩනයක සිටින ගෝඨා බැන වැදීම ඒ අවස්ථාවේ තව තවත් ඔහු ව දුර්වල මිනිසෙකු කරනු ඇති බවටයි මෙහිදි බැසිල් පවසා ඇත්තේ. පපුවේ අමාරුකාරයෙක් වන ගෝඨා කෙසේ හෝ ජනාධිපතිවරණය අවසන් වන තුරු කෙලින් කටින් හිටවා තබා ගත යුතු බැවින් මේ සඳහා ගෝඨා නොකැදවූ බව මහින්ද මෙහිදි පවසා ඇත.

අනතුරුව මෙම කුමන්ත්‍රණ කල්ලියේ අවධානය යොමු වී ඇත්තේ සිදු වී ඇති නව නින්ගිරාවෙන් ගැලවී යලිත් ජාතියේ අප්පච්චි ප්‍රතිරූපය මහින්ද රාජපක්ෂ වෙත ආරෝපනය කර ගැනීමේ වැඩ පිළිවෙළ කෙරෙහිය.

ඒඅනුව එහිදි යෝජනා වුණේ රටට මේ තත්ත්වය අමතක් කරවීමට නම් යලිත් ජනතාව තුළ භීතිය ඇති කළ යුතු බවත් යලිත් බොරු බෝම්බ බියක් රට තුළ ඇති කළ යුතු බවත් ය.

ඒ සඳහා සැලසුම් ලහිලහියේ සකස් වූ අතර මධ්‍යම රාත්‍රිය පසුවෙනවාත් සමඟ රට පුරා බෝම්බ ඇති බවට බොරු ප්‍රචාර ප්‍රචාරය කරවීම කාදිනල්තුමා වටේ සිටින පිරිසට, බොදු බල සේනාවට බාර කෙරුණි. බොදු බල සේනාව සිය හෙංචයියන් ලවා සමාජ මාධ්‍ය ජාලා දුරකතන යොදා එම වගකීම අකුරට ඉටු කල අතර අද උදෑසන වන විට තම දරුවන් පාසල් යැවීම ගැන බඩේ බිත්තර තම්බන තැනට රටේ බොහෝ අම්මලා පත් කරන්න එම කල්ලියට හැකි විය.

අද උදෑසන වන විට බොදුබල සේනාව තම සහචරයන් ලවා සමාජ මාධ්‍ය හරහා බොරු බෝම්බ බිය ඇති කළ අයුරු…….

එතැනින් නොනැවතුණු බොදුබල සේනාව කොටහේන වැනි ප්‍රදේශ වල දෙමාපියන්ට දුරකතයෙන් අමතා ප්‍රකාශ කොට ඇත්තේ පාසල වෙත ගොස් බෝම්බ බිය පිළිබඳව පවසා තම දරුවා පාසලෙන් රැගෙන එන ලෙසය.

සිද්ධිය තවත් තාත්වික කිරීමට සැකකටයුතු වාහනයක් තදාසන්න ප්‍රදේශ වල සංචාරය කරවීමටද කුමන්ත්‍රණකරුවන් අමතක කළේනැත.

මාධ්‍ය හරහා රට ගිනි තැබීම බාර වූයේ  දෙරණ ජඩ මාධ්‍යයේ දිලිත් ජයවීරට වන අතර ඔහු තම මාධ්‍යයේ ජඩකම යොදා ගනිමින් කැමරාකරුවන් හා වාර්තාකරුවන් පිරි වාහනයක් යොදා ඇත්තේ සෙනඟ ගැවසෙන ප්‍රදේශ වලට ගොස් බෝම්බයක් ඇති බවට වාර්තා වී ඇති බවත් තමන් ඇතුළු පිරිස පැමිණේ එය වාර්තා කිරීමට බවත් පවසා ලංකාවේ තැන තැන සිට සජීවි විකාශයන් සිදු කිරීමටය.

සැලසුම අකුරටම සිදු වෙද්දී මෙම බොරු බෝම්බ ආරංචිය පොලිසියට හා යුධ හමුදාව වෙත ද දැනුම් දී ඇති අතර පොහොට්ටු කුමන්ත්‍රණයේ අග මුලද පොලිසියට හා හමුදාවට ලීක් වී ඇත්තේ මහින්ද හා බැසිල් ගේ ලේ පිපාසයට තිත තබමිනි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ හමුදාව සැක කටයුතු වාහන සියල්ල අත්තඩංගුවට ගෙන ඇති අතර සෝදිසි කිරීම වලින් පසුව රටේ තත්ත්වය සාමකාමී හා ආරක්ෂිත බවට ජනතාවට තහවුරු කොට ඇත.

මේ ඒ පිළිබඳව වාර්තා වූ මාධ්‍ය වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට රට පුරා තත්ත්වය සමථයට පත් කිරීම ආරක්ෂ අංශ සමත් වී ඇති අතර පොහොට්ටු කුමන්ත්‍රණකරුවන්ගේ බෝම්බ කුමන්ත්‍රණ එහෙම් පිටින්ම විනාශ වී ගොස් ඇත. රටේ වාසනාවට මහින්දගේ කේන්දරයට හෙනහුරා ලැබී ඇති අතර ජනතාව සිහි නුවණින් කල්පනා කලහොත් නොවැම්බර් 16 වෙනිදාට රාජපක්ෂ පාපි ග්‍රහයා ලංක කේන්දරයෙන් අතුගා දැමීමට හැකි වනු ඇත.

Top