Breaking
24 Feb 2025, Mon

රටේ ආරක්ෂකයා, ගෝඨාභය මහවිරුවා,,,, අලිමංකඩ සටනින් දවස් 10 කට පස්සේ හමුදාවෙන් ඉවත් වෙලා රටත් දාලා ගියා……. ගෝඨාභයගේ ආරක්ෂක ප්‍රෝඩාව ගැන මංගල හෙලි කරයි

Published onOct 14, 2019  ලංකාවේ හමුදාවට බිහිසුණු පරාජයක් ඇති කරදුන් අලිමංකඩ ප්‍රහාරයෙන් දින 10 කට පසු එනම් 1991 ජූනි මස 20 වෙනිදා එවකට ආරක්ෂක අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වෙත ලිපියක් එවමින් ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් විශ්‍රාම ගිය බව අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරනවා.

එපමණින් නොනැවති ලංකාවේ ගමන් බලපත්‍රය පවා කුණු කූඩයට දමමින් රට ද අතහැර ගිය ගෝඨාභය, ත්‍රස්තවාදීන්ට බයේ රට අතහැර ගිය ගෝඨාභය ජාතියේ ආරක්ෂකයා ලෙස පෙන්වා ගනිමින් මේ ගෙනියන්න්නේ සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එදා හමුදාවේ රණවිරුවන් 200කට අධික ප්‍රමාණයකට ජීවිත අහිමි වෙද්දි ඒ සටනට නායකත්වය නොදි ත්‍රස්තවාදීන්ට බයේ ගෝඨාභය රාජපක්ෂ රට දමා ගිය අවස්ථාව ඔහුට වීර නායකත්වයක් ලබා ගැනීමට හැකි අවස්ථාවක්ව තිබු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2005 නොවැම්බර් මාසයේදි සිය සොහොයුරා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු වසර 14 කට පමණ පසු ලංකාව පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය බාර ගත් අතර ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියදි සමස්ථ බුද්ධි අංශයම ඔහුගේ යටතේ තිබ්යදි කොළඹ හමුදා මූලස්ථානයේට මරාගෙන කොටි කතක් ඇතුලු වී හමුදාවේ නායකයා වන සරත් ෆොන්සේකා මරා දැමීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මතක් කරනවා.

එසේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයායාටද බෝම්බ ප්‍රහාරයයක් එල්ල වෙද්දි බුද්ධි අංශ මේ පිළිබඳව තොරතුරු ලබා නොදුන්නේද යන්න පිළිබඳව කිසිවෙකු විමසා නොසිටි බවයි මංගල සමරවීර අවධාරණය කරන්නේ.

“අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂ අපේක්ෂක තුමා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටට අත්‍යවශය වු ජාතියේ ආරක්ෂකයා හැටියට පෙන්නන්න හඳනවා. ඒ වගේම  රට රැක ගන්න පුළුවන් ආරක්ෂා කර ගන්න පුළුවන් මහා වීර්ය චරිතයන් වීර්ය රණවිරුවෙක් හැටියට මවා පාන්න විශාල උත්සහයක යෙදෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීතය දිහා බැලුවොත් මොහුගේ සැබෑ ස්වරූපය අපිට හදුනා ගන්න පුළුවන්. 1991 ජුලී මාස 10 වැනිදා තමයි මේ රටේ පැවතුන යුද්ධයේ ඉතාමත්ම බිහිසුනු තත්වයක් උදා වුණේ අලිමංකඩ යුද්ධය, අලිමංකඩ යුද්ධයේදී අපේ විරෝධාර සෙබළුන් 220 වඩා ජිවිත අහිමිකර ගත්තා එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් නැති වුනා. නමුත් මේ බිහිසුනු යුද්ධය යන මොහොතේ මේ බිහිසුනු ඛේදවාචකය සිදුවෙලා දින දහයන් යන්න කලින් මහා වීරත්වයෙන් කතා කරන ‌ගෝඨාභය රාජපක්ෂ 1991 ජූලී මාසයේ 20 වෙනිදා තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ලිපියකින් තමන්ට හමුදාවෙන් අයින් වෙන්නට විශ්‍රාම යන්නට අවසර ඉල්ලුවේ. මෙතුමා විශ්‍රාම ගියා විතරක් නෙවෙයි රටම දලා ගිහිල්ලා රටෙන් පැණලා ගිහිල්ලා මේ බිහිසුණු යුද්ධය තිබුණු වේලාවේ වෙනත් රටක පුරවැසිභාවය ගන්නවා. ශ්‍රී ලංකාවේ ගමන් බල පත්‍රය කුණු කුඩුවට විසිකරලා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු වුනේ මේ රටේ යුද්ධයේ බිහිසුණු මොහොතක රණවිරුවන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජිවිත අහිමිකර ගත්තා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට වීර්ය නායකත්වයක් ලබා දෙන්න පුළුවන් මොහොතක ගෝඨාභය රාජපක්ෂ රට දාලා පැණලා ගියේ.

ඒ ව‌ගේම යලි වතාවක් තම සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්වෙනකොට එතුමා ලංකාවට ඇවිල්ලා කෙසේ වෙතත් ආරක්ෂක ඇමතිවරයා සමඟ මුළු ජනතාවගේම ආරක්ෂාව ගැනම වගකියන්න ඔනේ. නමුත් මෙතුමා ආරක්ෂක ලේඛම් වරයා හැටියට ඉදගෙන මුළු බුද්ධි අංශයක් තමන්ගේ යටතේ තියාගෙන කටයුතු කරද්දි තමයි කොළඹ හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන කොටි කතක් ගිහිල්ලා සරත් ෆොන්සේකා මැතිතුමාව පවා ඝාතනය කරන්නට උත්සහා කරා විතරක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂවත් ඝාතනය කරන්නට උත්සහා කරනවා. ඒ වෙලාවේ කවුරුත් ඇහුවේ නැද්ද මේ බුද්ධි අංශය තොරතුරු ලබා නොදුන්නේ නැහැ  කියලා. ඒ වෙලාවේ කවුරුත් ඇහුවේ නැහැ මේ සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකීම අරගෙන ඉල්ලා අස්වෙනන් ඔනේ.

විශේෂයෙන්ම අකුරැස්ස මුස්ලිම් පල්ලියට ඒ මහා බොම්බයෙන් දකුණේ දේශපාලකයින් විශාල පිරිසක් අපිට අහිමි වුණා. මහින්ද විජේසේකර ඇමතිතුමා ඇත්ත වශයෙන්ම සඳාකාලීන අභාදිතයෙක් බවට පත්වුණා. ඒ වගේම අපිට මතකයි ජේ.රාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමා එහෙත් මරාගෙන මැරෙන කොටි බොම්බයකින් ජිවිතක්ෂයට පත්වුණා. ඒ වගේම එවකට හිටපු ඒ අමාත්‍ය මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඝාතනය කිරිමේ උත්සහා කිහිපයක් ක්‍රියාත්මක වුණා. මේ තරම් දක්ෂ ආරක්ෂක ලේකම් වරයෙක් බව අද කියන ගෝඨාභය රාජපක්ෂ එතුමාට මේ කිසි දෙයක් නවත්තන්නටත් බැරි වුනා නවත්තන්නට අවශ්‍ය බුද්ධි අංශයේ තොරතුරු ලැබුනාද නැද්ද කියක එකවත් අපි දන්නේ නැහැ. අවසානයේදි ඔහු ඇත්ත වශයෙන්ම රාජපක්ෂ සමයේදී 2008 දි යුද්ධය දින්නා. නමුත් අද මුළු රටම දන්නවා ඒ යුද්ධය දින්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි අපේ විරෝධාර ත්‍රිවිඩ හමුදාව සහා පොලීසිය නිසා. විශේෂයෙන්ම හමුදාවට නායකත්වය දුන්නේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා නිසා බව අද රහසක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒ බව ඒ රාජපක්ෂ ත්‍රීෂුලයත් පිලි ගත්තා. මොකද තාම මතකයි යුද්ධයෙන් පස්සේ ජයග්‍රාහනය සමරලා කේක් එකක් කපනකොටත් එවකට ජනාධිපතිතුමා කේක එක කැපිමේ වගකීම භාර දුන්නේ සරත් ෆොන්සේකා හමුදාපතිතුමාට. අද සරත් ෆොන්සේකා මැතිතුමා 16 වෙන්දා අපි හිටවන සජිත් ප්‍රේමදාස රජයේ ආරක්ෂාව භාරව සිටින අපේ ප්‍රධානියා හැටියට දැනටමත් නම් කරලා තිබෙනවා. අන්න එහෙමනම් මේ රටේ ජනතාව මේ රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ මේ රට සැබෑ ලෙසම යුද්ධයට මුහුණ දිපු සරත් ෆොන්සේකාටය නැතිනම් යුද්ධයේ ඉතාම භායානක අවස්තාවකදි රටෙන් පැනලා ගියපු රටේ පුරවැසිකමත් ඇතහැරපු ගෝඨාභය රාජපක්ෂද කියන එක තිරනය කරන්න ඔනේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා අද මේ රටේ රාරක්ෂාව සපයන්න  මුල් තැන දිලා තියෙන්නේ මේ ආරක්ෂාව සැපයිමේදි එතුමා කියනවා ආරක්ෂාව සපයන ගමන්ම ආරක්ෂාවට අවශය ප්‍රධාන සාදකය වන සන්හිදියාව තවත් ශක්තිමත් කරලා විශේෂයෙන්ම ජාතීන් ආගම් කුල වශයෙන් නොබිදෙන ශ්‍රී ලංකාවක විතරයි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.” අමාත්‍යවරයා සඳහන් කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.