Featured

රනිල්ගේ ගූ බට්ටා වැලිඅමුණගේ ට්‍රාන්ස්පේරන්සිය තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි -රුපියල් ලක්ෂ 11 මූල්‍ය වංචා කළා TISL පිළිගනි

දූෂණ විරෝධී සන්ධානය (CAC ) නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා (TISL ) ආයතනයට එල්ලවී ඇති දූෂණ චෝදනා පිළිබද විමසමින් ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පත් වලට පිළිතුරු ලබාදිය නොහැකි බව TISL තොරතුරු නිලධාරී කීර්ති ජයතිලක එම අයදුම්කරුවන්ට ලිඛිතව දැනුම්දී තිබේ.එම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ, එම දූෂණවලට අදාළ තොරතුරු ආයතනයේ අභ්‍යන්තර පරිපාලන තොරතුරු බව පවසමිනි.

TISL හි වැඩසටහන් කළමනාකාරිනියක් , අධ්‍යක්ෂිකාවකගේද සහය ඇතිව මිලියන 1.1 ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට ( ඇනිමේෂන් මූල්‍ය වංචාව http://www.sinhala.lnwtoday.com/archives/15158 ) මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවූ පුවතට අදාළ තොරතුරු ලබාදීමද මේ අනුව TISL ආයතනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. මෙසේ අවභාවිත කිරීම ගැන චෝදනා එල්ලවී තිබුණේ EU මූල්‍ය ආධාර යටතේ මහජනතාව වෙනුවෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට TISL වෙත ලැබුණ මුදලකි.

මෙම ලක්ෂ 11 ක කොන්ත්‍රාත්තුව අයථා ලෙස ලබාදී තිබුණේ EU වැඩසටහන් කළමනාකාරිනිය ගේ පෙම්වතාටය.එම පෙම්වතා අධ්‍යක්ෂිකාවගේද ඉතාම හිතවත් මිත්‍රයෙකු සහ පවුලේ ව්‍යාපාරික හිතවතෙකුවීම නිසා දූෂණය ගැන කිසිදු විමර්ශනයක් සිදු නොකර ප්‍රශ්නය යටපත් කිරීමට ට අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුවූ බවට චෝදනා එල්ලවී තිබිණි.මෙම තත්පර 45 ඇනිමේෂන් දෙක සදහා ලක්ෂ 11 ක දූෂිත ගෙවීමක් සිදුකිරීමත් , එම දූෂණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යටපත් කිරීමත් කාර්ය මණ්ඩලයේද දැඩි විරෝධයට හේතුවී තිබිණි.ඊට විරෝධය දැක්වීම සදහා තවත් කළමනාකාරිනියක් ආයතනික ක්‍රමය අනුව මිළගණන් කැදවා තත්පර 45 කම ඇනිමේෂනයක් රුපියල් 90,000/= කට සම්පාදනයකර පෙන්වා ඇතැයිද පැවැසේ.

TISL තොරතුරු නිලධාරී කීර්ති ජයතිලක මහතාගේ ප්‍රතිචාරය තමන් කිසිසේත්ම පිළිගැනීමට සූදානම් නැතැයි වෘත්තිය සමිති ක්‍රියාකාරීහු අභියාචනා නිලධාරී වෙත දැනුම් දී තිබේ. TISL හි අභියාචනා නිලධාරීයාද මෙම වංවාව පිළිබද චූදිතයෙකු වන විධායක අධ්‍යක්ෂවරයාය.

http://www.sinhala.lnwtoday.com/archives/15870

http://www.sinhala.lnwtoday.com/archives/15158

Top