LNN SPY

රනිල්,සජිත්,කරු කතානායකගේ ගෙදර! රවීත් එයි… සජිත්ට දෙනවාද? නැද්ද? තවත් වැට උඩ… කෙසෙල් ඇවරිය හෙට නම් දෙයි!

Published on: Sep 22, 2019– ජනාධිපති මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂකත්ව අර්බුදය උග්‍ර විමත් සමග සජිත් පාර්ශවයේ මෛත්‍රී ගුණරත්න මහතාට අයත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ හෙවත් කෙසෙල් ඇවරීය සිය පක්ෂය මැතිවරණය සදහා නම් ලබාදිමට තිරණය කර තිබෙන බව අප දේශපාලනවාර්තාකරු සදහන් කළා.

ඒ අනුව හෙට දිනයේදී මැතිවරණ කොමිසම් සභාව හමුවට එම් නම් ලබාදිමට නියතමිත බවද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක වීමට අවස්ථාවක් නොලද හොත් ඔහු මෙම පක්ෂයෙන් තරග කරනු ඇති බවයි දැනට තින්දු කර ඇත්තේ.

අවසානයක් නොමැති සාකච්ඡා…..

මේ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අද උදේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,කතානායක කරු ජයසුරිය සහ උප නායක රවී කරුණානායක අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් කතානායක නිළ නිවසේ පැවැති අතර එහිදිද එතරම් සුභවාදී තින්දුවකට පැමිණිමට නොහැකි වි ඇති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මෙ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දිරයේද පවත්වා තිබේ.

රවී,රනිල් අත්හරිද?

මේ අතර අද කතානායක නිළ නිවසේ පැවැති සාකච්ඡා සදහා රවී කරුණානායක මහතාද එක්ව තිබේ.අර්බුදයකින් තොරව අපේක්ෂකත්ව ගැටලුව් විසදා ගැනිම සදහා තමන් සහය පලකරන බවද රවී සජිත්ට පොරොන්දු වි තිබේන බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයයක් නෑ….

කෙසේවෙතත් එජාපය පාර්ශ්ව දෙකට බේදී ජනාධිපතිවරණයට තරග කළ හොත් එකදු පාර්ශ්වයකටවත් ජය ගැනිමට නොහැකි බවත් කරූ ජයසූරිය මෙහිදී පෙන්වා දී ඇත. එසේම ජනාධිපති අපේක්ෂකයා තීන්දු කිරීමේ තීරණය ගත යුතු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් නොකිරීමටත් සියලු දෙනා එකඟ වී ඇති අතර එහි ඡන්ද විමසීමකට නොගොස් මෙම ගැටළුව විසඳා ගැනීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.

එළඹෙන බදාදා දින එජාප ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න එජාප නායකත්වය විසින් නිලවශයෙන් ප්‍රකාශට පත් කරන බව මීට පෙර වාර්තා වූ අතර සජිත් පාර්ශ්වය ඒ කෙරෙහි වඩාත් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටී.

Top