LNN SPY

රාජපක්ෂලාගේ තවත් ඝාතකයෙක් පෝරකයට….. බාප්පා ආව ගමන් බේර ගන්නවා නාමල්ගෙන් ඉක්මන් පොරොන්දුවක්! රාජපක්ෂලා රකින අමරේ කවුද?

Published on – Nov 7, 2019 2012 වතතෙක් අවුරුදු ගණනාවක් මහින්ද රාජපක්ෂ ඇතුළු සහෝදර සමාගමේ හා පුත්‍ර සමාගමේ සියලු ජඩකම්, මැර කම් දැන සිටි එම ජඩකම් මැරකම් වලට සිය පණ දෙවනි කොට සහය දැක්වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන නිල නොවන ආරක්ෂක මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට අද (07) තංගල්ල මහාධිකරණ විනිසුරු මරණ දණ්ඩණය නියම කළා.

ඒ මීට වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ගොනු කළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව අධිකරණය ඉදිරියේ ඔප්පු වීමත් සමඟ ය.

එදා අමරේ කටුවන රැස්වීමට කඩා පැන්නේ ඔහුගේ තිබු ඇඟේ අමාරුවකට නොවේ. ඔහු ඉටු කළේ මහින්ද රාජපක්ෂගේ කොත්ත්‍රාත්තුවයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී යතුරු පැදි හතරකින් තවත් සහචරයන් පිරිසක් කැටුව පැමිණි ජූලම්පිටියේ අමරේ ඉවක් බවක් නැතුව වෙඩි තබා රැස්වීමට පැමිණි පිරිස විසුරුවා හැරීමට  හා තවත් මහින්ද රාජපක්ෂට එරෙහිව ජන්ද රැස්වීමට වලට නොයන්නට පාඩමක් උගන්වන ලෙස ලැබුණු රාජපක්ෂ අණ ඉටුකළා .

එහෙත් එම කොන්ත්‍රාත්තුව නිසා අසරණ කාන්තාවකට සහ තරුණයෙකුට සිය ජීවිතය අහිමි වුණා. අමරෙට අද දඩුවම් ලැබුණේ එම වරදටය.

අධිකරණ තීන්දුව ලැබී එලියට පැමිණෙන අමරේ බන්ධනාගාර බස් රථයට ගොඩ වන්නට පෙර අමරේගේ නීතිඥවරයාගේ දුරකතනයට ඇමතුමක් එන්නේ අමෙරේ ගේ ලොකු බේබි නාමල්ගෙනි.

“අමරේ බය වෙන්න එපා. 16 වෙනිදාට බාප්පා ජනාධිපති වෙනවා. ඊට පස්සේ අමරේ නිකම් ම එළියේ.” ඒ නාමල්ගේ පොරොන්දුවයි. අමරේ බස් රථයට ගොඩ වන්නේ වෙනත් මරණ දණ්ඩනය ලැබු අපරාධකරුවෙකු ලෙස නොවේ. සිනා මුසු මුහුණින්‍ ය. ඔහු ඒ තරමට සිය ලොකු බේබිගේ පොරොන්දුව විශ්වාස කොට ඇත.

රාජපක්ෂවරුන් මෙලෙස රකින මේ ජූලම්පිටියේ අමෙරේ කියන්නේ කවුද?

ගීගනගමගේ අමරසේන හෙවත් ජුලම්පිටියේ අමරේ 2002 වසර වන විටත් තංගල්ල බන්ධනාගාරයේ රඳවා තිබුණේ ඝාතන 22 – ස්ත්‍රී දූෂණ 11 – කොල්ලකෑම් 13 කට සම්බන්ධ පාතාල ලෝකයේ කෙරුම්කාරයෙක් ලෙසය.

2002 ජූනි කෙළවර ඔහු ‘තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් පටන් ගත්තේ ය. කැරැල්ල දරුණු වෙත් ම ඔහු බලන්නට 2002 ජූලි 01 වෙනි දා,එක්තරා පුද්ගලයෙක් බන්ධනාගාරයට ආවේ ය.

“අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළියට එන්න”

කටහඬින් ඒ කවුදැයි හඳුනාගත් අමරේ එළියට ආවේ ය.

අමුත්තා ‘මහින්ද රාජපක්ෂ’ ය.

නාටකයක් වගේ පෙනුණත් මේ කතාව ඇත්ත ය.

එවක ඔහු විපක්ෂ නායකයා ය. පසුව ඔහු මෙරට විධායක ජනපති ය. එකල අමරේ නිදැල්ලේ හුන් පාතාල සෙන්පතියෙක් බවට පත් විය.

පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට මෙල්ල කළ නොහැකි දඩ බල්ලෙක් පරිද්දෙන් ‘අමරේ’ සැරිසරුවේ ය. ටී.56 අවිය අත දරාගෙන හෙතෙම යුව රජෙක් පරිද්දෙන් සැරිසැරුවේ ය. පාලකයාගේත්, ඔහුගේ පුතුන්ගේත් ‘ආශිර්වාදයෙන්’ හෙතෙම ස්වකීය ‘තක්කඩිකම්’ සුවපහසුවෙන් ම කරගෙන ගියේ ය. යුද හමුදා ඇඳුමින් සැරසී ටී 56 ගිනි අවියක් සහිත ව මහ දවල් දඩාවතේ ඇවිදින ඔහු වෙඩි නොවදින ඇඳුමක් ටී 56 ගිනි අවි කිහිපයක් වෙඩි නොවදින හෙල්මටයක් ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මිනියුසි වර්ගයේ ගිනිඅවියක් සහ අත්බෝම්බ ද සන්තක ව සිටි අමරේ සැබවින්ම රාජපක්ෂ රාජධානියේ සෙන්පතියෙක්මවිය .

1998.06.08 දින ජුලම්පිටිය අන්දිරිස්වත්ත නිවසේ සිටි ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අබේවර්ධන කංකානම්ගේ කීර්ති නිවසට නුදුරින් මහපාරේදී මරා හිස කඳන් වෙන් කරන්නට මැදිහත් වූයේ ‘අමරේ ය. මියගිය සෙබළාට උත්තමාචාර දීමට පාබල හමුදා බට පිරිසක් කීර්තිගේ නිවසට පැමිණියේ ය. එදින රාත්‍රී සෙබළාගේ නිවසට පැමිණි අමරේ අත්බෝම්බයක් දමා ගැසීය.

මළගෙදර උන් සියල්ලන් සීසී කඩ විසිර ගිය අතර හමුදා අනුඛණ්ඩය තමන් ආ බසයේ ම නැඟී යළි කොළඹ ගියේ ‘මහ රජුගේ අඩවියේ’ ‘අමරේ’යුව රජු හින්දා ය.

අමරේගේ ‘හයියෙන්’ සදාකාලික අබ්බගාතයන් කළ පිරිස 61 ට වැඩි බව කියැවේ.

අබේවර්ධන කංකානම්ගේ සිරිසේන (65) හෙවත් අන්දිරිස් පුංචි මහතා මිය ගිස සෙබලාගේ පියා ය. පුතාගේ මරණයට යුක්තිය ඉල්ලු ඔහුට ජුලම්පිටිය අමරේ සිය ගෝලයන් ලවා ‘මරණ වරෙන්තුව’ ගෙනාවේ ය. 2008.02.24 දින ඔහු ව මරා දැම්මේය. වෙඩි වැදුණු මව තවමත් අබ්බගාත ය. ගේ ගිනි තැබූ අතර ඒවාට නඩු නැත.

පසු කලෙක, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු වෙනුවෙන් සරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ ද රාජපක්ෂලා විසින් පෝෂණය කරමින් ආරක්ෂා කරමින් හැඩි දැඩි කළ ජූලම්පිටියේ අමරේ ය.

එවක, අමරෙලා කළ සැහැසිකම් වලින් අඩක් වත් මෑතක සිදුව නැත. 2011 මැයි මාසයේ දිනක ජුලම්පිටිය පොල්කොරටුව නිවසට පැන්න අමරේ නිවස තුළ පුද්ගලයකු මරා අවුරුදු 9ක දරුවාට වෙඩි තබා තුවාල කළේ ය. අදත් ඔහු පසු වන්නේ එකී කම්පනයෙනි. එහි නඩු අංකය 125/2008 ය.

එහෙත් සියල්ල යට ගොස් ය. 2001 දී ජුලම්පිටිය පන්සල පාරේදී නිශාන්ත කුමාර නමැති තරුණයකු අමරේ විසින් මරා දැමූ බවට නඩුවක් පවතී.අදාළ නඩු අංකය 86/2002 ය. 18/2006,22/2003, 59/2006 යන නඩු අංක ඇත්තේ පුද්ගල ඝාතනවලට අදාළ ව ය.

2011 අප්‍රේල් 10 තණමල්විලදී පුද්ගලයකුට පහර දී ඔහුට අයත් වෑන් රථය අමරේ විසින් ම ගිනිබත් කළ අතර 2012 පෙබරවාරි 23 තණමල්විල දී ගවපට්ටියක සේවය කළ හක්මන කොන්ගහගේ පියදාසට (65) පහරදී අතපය කඩා අබ්බගාතයකු බවට පත් කළේය .

මේ අමරේගේ පැටිකිරියයි. රාජපක්ෂ ලාට අමෙරේ වටින්නේ නාමල් රාජපක්ෂ පරම්පරාව දක්වා ඔහුගෙන් වැඩ ගත හැකි බැවිනි. රාජපක්ෂ ලා රැකෙන්නේ ජනතාවගේ බිය තුළ ය. ප්‍රචණ්ඩත්වය තුළය, ජාතිවාදය , අන්තවාදය තුළය. ඒ සියල්ල ලංකාව පුරා වපුරවන්න නම් අමරේලා තව තවත් අවශ්‍ය ය. රාජපක්ෂ කුටුම්භය ඉහලට ඔසවන ගල් කණු වන්නේ අමරේ ලාය. එබැවින් ඔවුන් නැති කර ගැනීම රාජපක්ෂ ලාට ලේසි නොවේ.

 

Top