Breaking
23 Feb 2025, Sun

රාජපක්ෂලාගේ බලවත් අපරාධ රැසක් විමර්ශනය කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රටහැර යයි… පවුල පිටින්ම ස්විට්සර්ලන්තයට

Published on: Nov 24, 2019- මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් එල්ල වන තර්ජන හමුවේ අද සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ස්විට්සර්ලන්තය බලා පිටත්ව තිබේ.

අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අද දහවල් 01.00ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් W.K 0065 දරණ ගුවන් යානයෙන් නිශාන්ත සිල්වා සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒකාධිපති වියරුවෙන් පෙලේමින් සිටි සමයේ නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් දුන් අතර ඊට හේතුව වුයේද ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට තිබුන සමීප සබඳතාවයන් සිය විමර්ශනවලදි සාක්ෂි සහිතව අනාවරණය කර ගැනිමයි.

නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍යංශය බලහත්කාරයෙන් පවරාගෙන සිටින සිරිසේන සිය විධායක බලතල භාවිතාකරමින් අදාළ මාරුව සිදුකර ඇති අතර පසුව ජනාපති දුන් තින්දුවකට අනුව පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම විසින් පසුව අවලංගු කරනු ලැබුවා.

සම්පූර්ණ ලිපිය පහටහින් .කියවන්න..

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ නිසා ඔහු වහාම රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස 2018 නොවැම්බර් 13 වැනි දා සහ නොවැම්බර් 16 වැනි දා උසස් පොලිස් නිලධාරියකුට ඉහළින් ලැබුණු උපදෙස් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව පසුව කොමිසම හමුවේ අනාවරණය වුනා.නමුත් සිදුකල සියලුම පරික්ෂණ වලදි එවකට සිටි පොලිස්පති,මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින පුජිත් ජයසුන්දර සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නිශාන්තට එරෙහිව එම අසත්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේන බවද අනාවරණය වුනා.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට, නිශාන්ත සිල්වා සමග ඇති තරහා…

කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරාට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා  විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වා  විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී.සෙනෙවිරත්න විසින් තම පහළ නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත වැදගත් ලිපියක් යවා තිබු අතර   S/DIG/CID/IGP/3303/1 අංක දරන මේ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රෙදි ගලවා තිබේ.

‘ඔබගේ වාර්තාවේ සඳහන් පරිදි වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී.විජේගුණරත්න මහතා විසින් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සිදු කර ඇති චෝදනාව, සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනාවක් බව ඉතා පැහැදිලිව පෙනී යයි. මේ චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් ඉසව්ගත නිලධාරියාට එරෙහිව මේ වන තුරු ඉදිරිපත් නොවී තිබීමෙන්ම මාගේ ස්ථාවරය මනාව තහවුරු වන බව දන්වා සිටිමි.

තවද වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකි.’

ගෝඨාභය දිවුරුම් දුන් දිනයේ පසුපසින් සිටිනේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. 

පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම විසින් පසුව අවලංගු කල ලිපිය 

 

 

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.