Breaking
23 Feb 2025, Sun

රාජපක්ෂලා ගේ හූ හඬින් ශ්‍රීලනිපය දෙදරයි … ගිවිසුම ගැන යළි සිතන්න මධ්‍යම කාරක සභාව රැස් වේ! චන්ද්‍රිකාගේ ගමනට බාධා එපා .. සිරිසේන U ටර්න් එකක් ගහයිද?

Published on – Nov 2, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවට ගොඩවන සෑම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙකුටම පොහොට්ටු පාක්ෂිකයින් විසින් හූ හඬ නගමින් විරෝධය දක්වන ආකාරය දක්නට ලැබුණා.

පොහොට්ටු පාක්ෂිකයන්ගේ මේ විරෝධය හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවට සහය පල කිරීමට තීරණය කළ මන්ත්‍රි කණ්ඩායම මහත් ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙනවා.

හූ කීමේ ආසන්නතම අවස්ථාව ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර හූ කීම පෙන්විය හැකි අතර මීට පෙර දුමින්ද දිසානායක, ‌ජෝන් ‌සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, ආරියවතී ගලප්පත්ති යන මන්ත්‍රිවරුන්ට ද හූ සංග්‍රහ හිමිවිය.

ඔක්තෝබර් මස 28 වෙනිදා ආරියවති ගල්ප්පත්ති මන්ත්‍රිවරිය හූ කියූ අවස්ථාව,

පාර්ලිමේන්තු ශාන්ත බණ්ඩාර නොවැම්බර් 01 වෙනිදා අලව්වේදි ලැබුණු හූ සංග්‍රහය,

ඊයේ (01) ටාජ් සමුද්‍රා හෝටලයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පල කරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්වි අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබූ අතර හිටපු ජනාධිපතිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය ලබා දෙන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සමන්විත වන අපි ශ්‍රි ලංකා සංවිධානයද තම සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බව මෙහිදි ප්‍රකාශ කෙරුණා.

අපි ශ්‍රි ලංකා සංවිධානය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය මෙම අවබෝධතා ගිවිසුම ට අත්සන් තැබූ අතර මේ සමඟ සියලුම පැරණි හා අලුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිස සජිත් ප්‍රේමදාස වටා එක් රැස් වනු ඇති. මේ සමඟම රණතුංග පවුලේ ප්‍රසන්න රණතුංග හැරුණු විට අර්ජුන රණතුංග හා රුවන් රණතුංගගේ සහයද සජිත් ප්‍රේමදාස වෙත හිමිවේ.

ඊයේ මේ ගිවිසුම අත්සන් තැබෙද්දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වී සිටියා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ටාජ් සමුද්‍ර හෝටලයේ උත්සවයට සහභාගි වී ඇය විසින්ම ගිවිසුම අත්සන් තැබූ බව ආරංචි වීමත් සමඟ විවෘත කිරීමේ උත්සව සියල්ල පසෙක ලා ජනාධිපති සිරිසේන හැරෙන තැපෑලෙන් කොළඹ පැමිණ තිබේ.

කොළඹට පැමිණි වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් සියල්ලම ජනාධිපති නිල නිවස වෙත කැඳවූ සිරිසේන ජනාධිපතිවරයා පොහොට්ටුව හා සන්ධාන ගත වීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කොට ඇත.

එහෙත් මෙහිදි අතිශය බහුතරයක් මන්ත්‍රිවරුන් පොහොට්ටු මැතිවරණ වේදිකාව ලදි දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ කීම පිළිබදව දැඩි කනස්සල්ලෙන් කතා කොට තිබෙනවා.

ඒ අනුව යලි තීරණය කරන තුරු කිසිම පොහොට්ටු මැතිවරණ වේදිකාවට ගොඩ නොවන ලෙස ජනාධිපතිවරයා විසින් සියළුම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ අදහස් විමසා සිටි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දීමට ගත් තීරණායි පිළිබඳව නැවත වාරයක් සිතා බැලීමට කාලය එළැඹි ඇති බවයි. එසේම චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එකතු කොට ගෙන කරන කිසිදු ක්‍රියාවකට කිසිම බාධාවක් හෝ විරෝධයක් නොදක්වන ලෙස ද මෙහිදි ජනාධිපතිවරයා ජේෂ්ඨ මන්ත්‍රිවරුන්ට තරයේ අවවාද කොට තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදි ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තව තවත් සාකච්ඡා කළ යුතු බැවින් ඒ වෙනුවෙන් වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට එනම් අද (02) දිනයේ කැඳවන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද දිනයේදි රැස්වන බවත් පොහොට්ටු වේදිකාවලදි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ට හූ කීම, එල්ල වන විරෝධය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ස්ථාවරය මෙහිදි සාකච්ඡා වනු ඇති.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.