Breaking
24 Feb 2025, Mon

රාජපක්ෂලා පරාජයෙන් වියරු වැටේ….. ගිවිසුම් ගැන කියා ජාතිවාදය පැතිරීමේ තැතක්…… රාජපක්ෂලාගේ අන්තවාදයට එරෙහිව මංගල සටන අරඹයි!

Published on- Oct 19, 2019 පරාජයේ වියරුව වැළදි ඇති ගෝඨාභය රාජපක්ෂ කල්ලිය ජාතිවාදය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ද්‍රවිඩ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සමඟ අවබෝධතා ගිවිසුම් වලට එලැබ් ඇති බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අද (19) උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදීන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සීම සඳහා ගෙන යන මඩ ප්‍රචාර වලට කලබල නොවිය යුතු බවයි.

“රාජපක්ෂ කදවුර මේ කරන චෝදනා පරාජයේ වියරුවෙන් කියන කතා. 2015 සිටම අපි දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසය කියන පක්ෂ එක්ක සහයෝගයෙන් කටයුතු කලා. ඒ නිසා අපිට  අලුතින් ගිවිසුම් අවශ්‍ය නැහැ. ගෝඨාභය රාජපක්ෂ කදවුර ට මේ පක්ෂ වල සහයෝගය ගන්න බැරි උනාම ඔවුන් කරන්නේ මේ විදියට බොරු ප්‍රචාරය කරන එක අද අන්තවාදී ලෙස කටයුතු කරපු පිරිස් ඉන්නේ ගෝඨාභය කදවුරේ. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කොඩිය උස්සපු වර්ධරාජා පෙරුමාල්, පොලිස් නිළධාරීන් 600 ක් මරපු කරුණා අම්මාන් ඉන්නේ ඉන්නේ ඒ කදවුරේ ඒ අය එකතුකර ගන්න ගමන් අපිට චෝදනා කරන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා . එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සියලු ජනතා බලවේග එකතු කලේ. සියලු ජාතීන් එකතු කළේ. ඔය මොන ජාතිවාදී කතා කිව්වත් නොවැම්බර් 17උදේ වෙනකොට සජිත් ප්‍රේමදාස තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ.” මංගල සමරවීර පවසා සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.