Breaking
23 Feb 2025, Sun

රාජපක්ෂ කල්ලියේ මැර සංඝ හමුදාව ප්‍රසිද්ධියේ හිමිනමකට පහරදෙයි…. විභජ්ජවාද ත්‍රිපිටක පුජාව කියා ජනතා මුදල් කෝටි ගණනක් කොල්ල කාලා … රස්තියාදුකාර සිවුරුකාරයෝ කෝ!

Published on: Jan 9, 2020 – විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව නමින් රාජපක්ෂ රස්තියාදු සිවුරු කල්ලියේ කුප්‍රකට හොරකමේ වැඩසටහන පසුගිය (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී මහින්ද සහ ගෝඨාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර එම කුප්‍රකට හොරකට එරෙහිව සටන් කල ආරණ්‍යවාසි හිමිනමක් එම අවස්ථාවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේට එලවා එලවා පහර දෙන විඩියෝව අද සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සදහා යැයි කියමින් පන්දහසක් වූ මහා සංඝරත්නය උදෙසා ඩිජිටල් ත්‍රිපිටකය ටැබ් යන්ත්‍ර ලබාදිම සදහා කටයුතු කල අතර ඒ සදහා https://www.paramaththa.com/donate-now/ ඔස්සේ සහ අනුරාධපුර මහජන බැංකුවේ ත්‍රිපිටක පූජා 008-2-001-2-0085271 ගිණුම හරහා මුදල් ලබාගෙන තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ හමුවු මෙම සංඝ කල්ලිය ජනාධිපතිවරණ සමයේ ඔහුවද ගොනාට අන්දවා ආරණ්‍යවාසී ස්වමින් වහන්සේලාගේ ඡන්ද ගෝඨාට ලබාදිමේ පොරොන්දුව මත එම ටැබ් යන්ත්‍ර චිනයෙන් රජයේ ජනතා මුදල් වියදම් කරමින් ගෙන්වා ගෙන තිබේ.

Wifi හෝ අන්තර්ජාල පහසුකම් අඩංගු නැති,සිම් පතක් ඇතුළත් කළ නොහැකි,දත්ත ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම කළ නොහැකි එම ටැබ් යන්ත්‍ර සදහා වියදම සුලු මුදලක් වුවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් අල්ල ගනිමින් ඔහුන්ගෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනිමට මෙම සංඝ කණ්ඩායම කටයුතු කර තිබේන අතර ඒ සදහා ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයයි.

මුදල් එකතු කිරිම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි කණ්ඩායම් අතර අර්බුද හටගෙන් තිබේන අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වි ඇති බවයි දැනට වාර්තා වි ඇත්තේ.

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.