LNN SPY

රාජපක්ෂ පිල දෙදරයි……. ප්‍රභලයෝ පොහොට්ටුව හැරයයි……. එස්. බී. නාවින්නගේ සහය සජිත්ට….

Sep 28, 2019 – හිටපු අමාත්‍ය එස්. බී නාවින්න එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පල කරන බව ප්‍රකාශ කළා.

අද (28) උදෑසන අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ දි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හොටපු අමාත්‍යවරයා සඳහන් කළේ තමා සමඟ එකතු වී රට ගොඩ නගන්නට සජිත් ප්‍රේමදාස විසින් මුළු රටටම කළ ආරාධනය පිළිගෙන තමා මෙම තිරණය ගත් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සිය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමඟ රාජපක්ෂ පිළේ දෙදරීමක් හට ගෙන ඇති අතරම පොහොට්ටුවේ ප්‍රභලයන් රාශියක් ව්‍යාකූල තත්ත්වයට පත් වී ඇති බව වාර්තා වේ.

අප දේශපාලන වාර්තාකරු සඳහන් කරන්නේ රාජපක්ෂ පිල නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රභලයෙකු ඇතුළු තවත් පිරිසක් පොහොට්ටුව අතහැර සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරිමට සූදානම් බවයි. ලබන සතිය ඇතුලත එමප් ඉරිස සජිත් ප්‍රේමදාස වෙත සහය පල කරමින් එක්සත් ජාතික පෙරමුණ හා එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර  එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා පොහොට්ටු ලකුණින් තරග කරනවා නම් ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවත් වාර්තා වෙනවා.

ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදි මේ පිළිබඳව උණුසුම් ලෙස සාකච්ඡා වි ඇති අතර පොහොට්ටු ලකුණින් තරග කරන අපේක්ෂකයෙකුට ශ්‍රි ලංනීපයේ සහය ලබා දිය යුතු නැතැයි තීරණය වී තිබේ.

Top