Breaking
23 Feb 2025, Sun

රැට …රැට දුමින්ද ගේදර යයි…. රංජන්ගේ හඩපට එළියට එම කුමන්ත්‍රණයක්! මාර්තු පනිනකම් දුමින්දට නිදහස දෙන්න බැරිබව ජනපති කියයි…

Published on: Jan 12, 2020 – භාරතගේ ඝාතකයා වි සිටින දුමින්ද සිල්වා ඉක්මනින්ම නිදහස් කර ගැනිම  සදහා හිරූ හිමිකරු රේනෝ සිල්වා සහ රන්ජන් රාමනායක එක්ව කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.ජනාධිපතිවරයාගෙ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්වරයා,බුද්ධි අංශ ප්‍රධානියා ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවි ඇති අතර එහිදි ගෝඨාභය ජනාධිපතිවරයා මෙම අනාවරණය කර තිබේ.

පසුගියදා රංජන් රාමනායක සහ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඇතුලු විවිධ පාර්ශවයන් සමග සිදුකල සංවාද රැසක් මේ වනවිට මාධ්‍යයට මුදාහැර ඇති අතර එම හඩපට මාධ්‍යයට ලැබිම සම්බන්ධයෙන් රංජන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒය කුමන්ත්‍රණයක් බවත් ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන් බව ආරක්ෂක ප්‍රධානියෙකු අප ආරක්ෂක වාර්තාකරු සමග පවසා තිබේ.

පොලීසිය හදිසියේම රංජන්ගේ නිවස වැටලීම සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත හේතුවක් දක්වා නොමැති බවත් ඔනෑකමින්ම පොලිසිය නිවසට ගෙන්වා ගනිමින් හඩපට සමාජ ගත කිරිම සදහ කුමන්ත්‍රණයක් සිදුකර ඇති බව දැනට බුද්ධි අංශ විසින් සිදුකල පරික්ෂණ වලදි අනාවරණය කරගෙන තිබේ.

දුමින්ද සිල්වාට ලබාදුන් අධිකරණ තින්දුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුල වැරදි මතයක් නිර්මාණය කර ඇති බවත් ඒ හරහා දුමින්දට ජනාධිපති සමාව ලබාදිමට තමාව පොළඹවාලීම ඔහුන්ගේ කුමන්ත්‍රණය බවයි ගෝඨාභය ජනාධිපතිවරයා එහිදි පෙන්වා දි ඇත්තේ.

තමන් දුමින්දව නිදහස් කිරිමට කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව ගෝඨාභය එහිදි සදහන් කර ඇති අතර මාර්තු මාසයේ පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයෙන් පසු තමන් දුමින්ද නිදහස් කරන බවද රේනෝ සිල්වාට පොරොන්දු වු බවද ගෝඨාභය එහිදි සදහන් කර තිබේ.

රැට …රැට දුමින්ද ගේදර යයි….

මේ අතර මරණ දඬුවම් නියමව සිටින දුමින්ද සිල්වා බන්ධනාගාරයේ ගිලන් රථයකින් සිය නිවසට රාත්‍රීයේ රහසේම යන බව මේ වනවිට අනාවාරණය වි තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විමෙන් පසුව අවස්ථා ගණනාවකදි දුමින්ද සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති අතර රාත්‍රීය එහි ගත කර අලුයම යලිත් බන්ධනාගාරයට පැමිණෙන බව තහවුරු වි තිබේ.

ගෝඨාභය සහ දුමින්ද සබඳතාවය…..

එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂගේ සමිපතමයෙකු ලෙස කටයුතු කල දුමින්ද ආරක්ෂක අධික්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කල අයෙකි.කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවකට දුමින්දට එරෙහිව දැඩිව චෝදනා එල්ල වු තිබු අතර ගෝඨාභයගේ බලය භාවිතා කරමින් සිය මත්ද්‍රව්‍ය ජාවාරම රිසිසේ සිදුකිරිමට දුමින්ද කටයුතු කල බවද නොරහසකී. වෙඩි වැදිමත් සමග ගෝඨාභය දුමින්ද බැලිම සදහා රෝහලට පැමිණියේ සෙරෙප්පු දෙකක් වත් නොමැතිව බව නොරහසකි.රජයේ සියලු වරප්‍රසාද සහිතව දුමින්දව විශේෂ යානයකින් සිංගප්පූරුව බලා රැගෙන යාමට කටයුතු කිරිමටද ගෝඨාභය එවකට කටයුතු කලහ.

භාරත ඝාතක දුමින්දට දුන් තීන්දුව…

2011 වසරේ ඔක්තෝබර් 08 වැනිදා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර පැය දෙකක් ගතවිමට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසකට චෝදනා එල්ල වු අතර අදාළ චෝදනාවලට වැරදිකරුවන් වූ ඔහු ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

තීන්දුව ලබා දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් අතර සිටි පද්මිණි රණවක මහත්මිය සමග දුරකතනයෙන් රංජන් සවාදයක යේදි තිබුනු අතර ඒය භාවිතා කරමින් දුමින්ද වෙනුවෙන් ලබාදුන් තින්දුව නිවැරැදි බව දුමින්දගේ සහෝදරයාගේ හිරූ මාධ්‍ය ජාලය හරහා දිගින් දිගටම පහරදුන් අතර ඒ සදහා ප්‍රසිද්ධ හිමිවරුන් මෙන්ම දේශපාලකයින්ද යොදා ගැනිමින් සිටි.

නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් ඉහත කී විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසයි.

පසුව දුමින්දගේ පාර්ශවය තින්දුවට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කල අතර2018 ඔක්තෝම්බර් 11භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි තහවුරු කළේය.

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.