Breaking
24 Feb 2025, Mon

රෙනෝගේ මඩ බලකාය සජිත්ට එරෙහි මෙහෙයුමක…… රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙන් පසු සජිත් ට එරෙහිව Breaking News!

Published on – Nov 15, 2019 සියළු සටකපට ගේම්, දේශපාලන බාල්දි පෙරලීම්, ව්‍යාජ හා අසත්‍ය තොරතුරු ප්‍රචාරය, නාග ලෝකයේ සිට වැඩි ධාතු ආදි වූ නොයෙකුත් බංකොලොත් දේශපාලන කුමන්ත්‍රණ හරහා සිය ජනමතය ගොඩ නගා ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුණු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ අභ්‍යන්තර දේශපාලන මෙහෙයුම් කණ්ඩායම හා ගෝඨාභය රාජපක්ෂ කල්ලිය සිය අවසන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

ඒ අනුව සම්පුර්ණ ජනාධිපතිවරණය පුරාම අසාර්ථක ඡන්ද මැතිවරණ වැඩසටහනක් මෙහෙයවූ ඔවුන් සිය මාධ්‍ය දඩ බල්ලන් හරහා සජිත් ප්‍රේමදාසගේ ජනතා ප්‍රතිරූපයට හානි වන ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමට මේ වන විට ලහි ලහියේ සූදානම් වන බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන්කළේ .

සිය මිනිමරු සහෝදරයා මරණයෙන් බේරා ගැනීම ගෝඨාභය රාජපක්ෂ ගේ පශ්චාත්භාගයට පවා පුද සත්කාර කරමින් සිටින රෙනෝද සිල්වා ගේ හිරු මාධ්‍ය නාලිකාව මෙම සැලැස්මේ ප්‍රධාන කාර්යය කරන බවයි වාර්තා වන්නේ.

සැළස්ම අනුව සිය 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වී සුළු වේලාවකින් විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කිරීමට හිරු සූදානම් වන අතර ගෝඨාභය රාජපක්ෂගේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් අනුව එම ප්‍රවෘත්තියේ පිටපත පවා මේ වන විට ලියා අවසන් ය.

සිය සුපුරුදු ප්‍රවෘත්ති මැදිරියෙන් පරිභාහිරව නව  තාවකාලික ප්‍රවෘත්ති මැදිරියක් මේ වන විට සකස් කොට අවසන් අතර එහි සිට මෙම විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

පෙර සඳහන් කළ පරිදිම රාජපක්ෂ ආශිර්වාදයෙන් ප්‍රචාරය වන මෙම ව්‍යාජ ප්‍රවෘත්තියේ අන්තර්ගතය වන්නේ අදාළ ප්‍රවෘත්තිය විකාශය වීමට සුළු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා ද්‍රවිඩ සන්ධානය සමඟ නව කොන්දේසි ඇතුලත් ගිවිසුමක් අත්සන් කළ බවයි. එසේම එම ගිවිසුම හරහා සිය ජයග්‍රහණයෙන් පසුව උතුරේ ජීවත් වන සියළු සිංහල වැසියන් පිටමං කිරීමට සජිත් දෙමළ සන්ධානයට එකඟ වී ඇති බවද ප්‍රකාශ කිරීමට නියමිතය.

එසේම අදාළ ගිනි අවුලා සජිත් ප්‍රේමදාස ගේ ජනපදනම් බිඳ දැමීමට සූදානම් කළද හිරු නාලිකාවේ ලොක්කන් සියල්ලම පාහේ මේ වන විට සිංගප්පූරුව බලා යාමට ටිකට් පත් වෙන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.