Breaking
24 Feb 2025, Mon

ලංකා නිවුස් වෙබ් ටුඩේ, ඊ නිවුස් තහනම ඉවතට…… අවසන් මොහොතේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවස්ථාව……

Published on – Oct 29, 2019 ලංකාවේ විකල්ප මතධාරි වෙබ් අඩවි වන http://lankanewsweb.today හා www.lankaenews.com වෙත ලංකාවේ සිට ප්‍රවේශ වීමට පනවා තිබූ බාධා ඉවත් කොට තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලය පුරාම අවස්ථා ගණනාවකදි ශ්‍රි ලංකාව තුල අවහිරයට ලක්වු වෙබ් අඩවි ද මේ සමඟ ම බාධා රහිතව පිවිසීමේ හැකියාව ලබා ගෙන ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ක්‍රියාකාලපයන් රැසක් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක්කිරිම ආන්දෝලනාත්මක ලෙස සත්‍ය හෙලි කිරීම නිවුස් වෙබ් හා ලංකා ඊ නිවුස් වෙබ් අඩවි තහනම් කිරීමට හේතු වූවා.

එහෙත් එම තහනම් කිරීම හරහා ජනතාව එම වෙබ් අඩවි වලට ප්‍රවේශ වීම පාලනය කිරීමට හෝ ප්‍රවේශ වීම නතර කිරිමට නොහැකි වූ අතර එය වෙබ් අඩව් තහනම් කිරිමට කටයුතු කළ පාර්ශවයන්ගේ බලාපොරොත්තු කඩ කිරීමට හේතු විය.

ඒ සමඟ ම විදේශීය රටවල් හරහා කුලියට ගන්නා ලද වෙබ් අඩවී හැකර්වරු හරහා මෙම වෙබ් අඩවි වල පලවන පුවත් විනාශ කිරීමට, වෙබ් අඩවි වෙත වෛරස එල්ල කිරීමට කටයුතු කරනු ලැබීය.

විදුලි සංදේශ කොමිසම් සභාව විසින් මෙම අවහිරය ඉවත් කිරීමට කටයුතු කොට තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනාධිපතිවරය යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් කටයුතු කරයි.

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.