LNN SPY

ලසන්ත ඝාතන කරන්න මට අවශ්‍ය වුනේ නෑ…. පොලිස් අගමැති අල්ලනවා නම් ෆොන්සේකා ලගම ඉන්නවා

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ යැයි රටට ඒත්තු ගැන්වීම් සහ ඒ මගින් තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවක් සෙවීම රජයේ අලුත්ම ප්‍රයත්නය වී එතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අද(28) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

උපුටා ගැනීම-

රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුණේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනූව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්,එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂට බවත්ය.මෙය පැහැදිලිවම ජනතාව නොමග යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්න හාස්‍යජනක උත්සාහයකි.

ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට් අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමණක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිඳු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.මේ කියනා අවධියේ හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිඳු බුද්ධි අංශ හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක වූවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑතකාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනූව ලසන්ත ඝාතනය සිදුවූයේ මිග් ගුවන්‍ යානා පිළිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙළි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීම පිළිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් එදා නඩු පැවරූ බවය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමඟ ගැටළුවක් නොතිබුණි.

නමුත් මෙහිදී මතක් කළයුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙළක් ලියන් ලද බවයි. විශේෂයෙන්ම වත්මන් අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා, අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කළ හැක.

ඒ වෙනුවට අද කුහක දේශපාලඥයන් කරන්නේ නරියාට කුකුල්ලු භාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පළවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිළිතුරු දෙනු ඇත.

Top