Breaking
6 Feb 2025, Thu

ලොව පුරා වර්ග වාදයට එරෙහි සටනට ලංකාවේ අගුලු දමයි… ගෝඨා ඇමරිකාවට කලගුණ සලකයි…. පෙරටුගාමීන්ගේ විරෝධතාවට උසාවියෙන් තහනමක්!

Published on: Jun 8, 2020 – ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව සහ වර්ග වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට (9) ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වලක්වමින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (8) නියෝගයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා විසින් කල දැනුම් දිමකට අනුව කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා එම තහනම් නියෝගය ලබාගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන්ට , තවත් පිරිසකට හා පොදුවේ මහජනතාවට මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොවිඞ් 19 වයිරසයක් රටතුළ පවතින අවස්ථාවක ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් ඒක රාශි කරගෙන පෙරටුගාමී පක්ෂය උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමක් ඇති බවත් කෝවිඞ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරන ලෙසට කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හමුවේ කළ ඉල්ලීමක් අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපතිවරයාගේන් කරන ලද පෞද්ගලික ඉල්ලිමක් මත මෙම තහනම් නියෝගය ගැනිමට කටයුතු කර ඇති බවයි.

George Floyd

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.