Breaking
23 Feb 2025, Sun

වහල්ලුන් පැතු රට මෙන්න…. (බය) ගෝඨාගේ මිලිටරි ජුන්ටාව වැඩ අරඹයි…. ආණ්ඩු විරෝධය මර්දණයට ගැසට්ටුවෙන් එලිය බලයි…

Published on: Jun 3, 2020- ප්‍රජාතන්ත්‍රවාදය තබ දොයිතුවකට මායිම් නොකරන වහල් සමාජය විසින් ඉල්ලා සිටි මිලටරී ජුන්ටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ (ජුනි 2 ) නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවා තිබේ. වහල් සමාජයක අවශ්‍යතාවට ගැලපෙන පරිදි එය නම් කර තිබුනේ “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” යනුවෙනි.

ඒ අනුව secure country and a disciplined, virtuous, and lawful society නොහොත් “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” යන මිලිටරි ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට සන්නද්ධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් හා බුද්ධි අංශ ප්‍රධානීන්, රේගු ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුලු සමාජිකයින් 13 දෙනෙකුගෙන් මෙම බලකාය සමන්විත වේ.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්ය සාධක බලකා ප්‍රධානි තනතුර දරණ අතර මෙම සාමාජිකයින් 13 දෙනාම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමිකයින් ලෙස ඉහළ මිලිටරි හා පොලිස් තනතුරු හෙඹ වූ සහ හොඹවන පුද්ගලයින් ඇතුලත් වේ.

ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා,ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, සී. ඩි. වික්‍රමරත්න, වැඩබලන පොලිස්පති,මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී,මේජර් ජෙනරාල් සුරේෂ් සාලි, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ,මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ,කපිතාන් එස්.ජේ. කුමාර, නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ,එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. ගුවන් හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ,ටී. සී. ඒ . ධනපාල, නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය සාධක බලකාය,වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති යන අයගෙන් මෙම කාර්ය සාධක බලකාය සම්න්විත වේ.

ගැස්ට්ටුවට අනුව මුලික කරුණු 4 ක් ඇතුලත් වන අතර…..

“සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” බිහි කිරීම සඳහා

1. රටේ ඇතැම් ස්ථානවල වර්තමානයේ සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම.

2. මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම, වරාය හා ගුවන්තොටුපළ හරහා විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන වෙනත් සමාජීය රෝග වළක්වා ගැනීම.

3. ශ්‍රී ලංකාවේ විදේශයන්හි සිට සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම.

4. බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම යන ඒවා ඊට අයත් වේ.

ඒ අනුව ඉතාම පැහැදිලිවම 1 වැනි කරුණ හරහාම තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩු විරෝධීන් මර්දනය කිරිම සදහා ගෝඨාභය තමන්ගේ මිලිටරි ජුන්ටාව මෙහෙයවනු ඇත.මන්ද “සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම ” යනුවෙන් සදහන් කර ඇති කරුණ අර්ථකතනය කරනු ලබනේ කවුරුන් විසින්ද? වහල්ලුන් පැතු රට දැන් උදා වි ඇත.

වහලුන් වෙනුවෙන් සිංහල භාෂාවෙන් ගැසට්ටුව් පහත දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න

Gotabaya Rajapaksa

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.